සමිඳුනි ‍යළි එනු මැනවී… අප දුක් ගිනි නිවනු මැනේ…

නොවැම්බර් 4, 2011 at පෙ.ව. 6:17 (මා අතින් රචිත ගීත...) (, , , , , , , , , )

"අසරණ අපගේ දෑතම දිගුවේ ඔබ එන මඟ සමිඳේ.. අනුකම්පා කර ‍යලි අප අතරට එනු මැන මා සමිඳේ.."

මේ නත්තල්දා රෑ…. අහසේ දිලි……

තරු ඒ කාලෙත් උන්නා…..

ඒ තරු කැට එදවස……. මැවූ අසිරියම….

අද රෑ අහසේ මැව්වා…..

නමුත් වෙනස් වෙලා…. මේ ලොකේ මෙදා….

යුද ගින්නෙන් දැවිලා….. දැවී අලුවෙලා……

දුර්ජන ගුණ පැතිරීලා….. ලොව ඇත ඉන් වැනසීලා…..

සමිඳුනි ‍යළි එනු මැනවී….. අප දුක් ගිනි නිවනු මැනේ…

සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…

සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…

මනුසත් ගුණ ඉඩෝරයට හිඳි ගඟ සේ මේ ලෝකෙන් සිඳිලා…..

තණ්හා වෙරයේ ක්‍රෝධයේ ගිනිසිලු ලොව දලුලා වැඩිලා……

අඳුරෙන් අඳුරට දිනයෙන් දිනයෙම යන්නේ අප ඇදිලා…..

කවුරුවත්ම නැහැ සමිඳුනි ඔබ හැර අපහට සරණ පතා……

සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…

සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…

ජෙරුසලමේ සිට කල්වාරිය තෙක් ඔබ දෙසු දමින් මිදී…..

වන්දි ගෙවන්නේ ලෝ වාසීන් අද සෝ දුක් ගින්නේ තැවී……

අසරණ අපගේ දෑතම දිගුවේ ඔබ එන මඟ සමිඳේ……

අනුකම්පා කර ‍යලි අප අතරට එනු මැන මා සමිඳේ……

මනුසත් ගුණ පතුරන්න….. ගුණ දම් යළි නන්වන්න….. සාමයෙ සුව ගල්වන්න…… සමිඳුනි ‍යළි මෙහි එන්න……

සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…

සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

( මෙහි අඩංගු කරුණුවල යම් අඩුපාඩුවක් වේ නම් සමාව අයැද සිටිමි. උපතින් මා කිතුණු බැතිමතෙක් නොවෙන නිසාත්, කිතු දහම පිළිබඳ දැනුම අඩු නිසාත් එවැනි වැරදි ඇතිවෙන බව දන්වා සිටිමි.)

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න