දැනෙනවද ඔබට….

” මනුෂ්‍යයෙකු සේ ඉපිද…. මනුෂ්‍යයෙකු සේ මෙලොව අත්හැර යමු…. “
දැනෙනවද ඔබට….
ඔව්, මෙය මාගේ කුළුඳුල් Blog අඩවියයි…
මෙය හුදෙක් විනෝදාස්වාදය පෙරටුකරගත් Blog අඩවියක් නොවේ… එමෙන්ම බොහෝ සංකීර්ණ දෑ කතිකාවට ලක්කරන Blog අඩවියක්ද නොවේ…
මේ තුල මා කතිකාවතට ලක්කරන්නට උත්සහ කරන්නේ මා එදිනෙදා දකිනා සංසිද්ධීන් හා ඒ හා බැඳුණු පසුබිම්ය….
ඒ හැර විනෝදාස්වාදයටහ්, මගේ නිර්මාණවලටත්, දේශපාලනික හා සමාජ මතවාදයටත්….
යම් ඉඩක් වෙන්කිරීමට බලාපොරොත්තුවෙමි…
මගේ මුලික් අරමුණ නම් මේ සමාජයේ පවතින විෂමතා හා ගැටළු පිළිබඳව වෙනස් දෘෂ්ටිකෝණයකින් බැලීමය…
මගේ මතවාදයන් හා අදහස් ඒ පිළිබඳව ඉදිරිපත් කිරිමය…. මෙහිදී ඔබෙ අදහස්ද ඉතා වැදගත් වන බව මා පැවසීමට කැමැත්තෙමි….
එබැවින් මෙහි සාකච්ඡාවට බඳුන්වන ඕනෑම කාරණයක් වෙනුවෙන් ඔබට තම අදහස් ප්‍රකාශකිරීමට අයිතියක් ඇත….
ලොව ජීවත්වන බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය වන අප… ඒ මතවාදයන්ට ගරුකර අවැසි දේ ජීවිතයට ළංකරගනිමු….
මේ Blog අඩවියෙන් මා බලපොරොත්තුවන්නෙ එක් කාරණයක් ඔබ සිත් තුල පැලපදියම් කිරිමටයි….
මගේ Blog අඩවියේ සාර්ථකත්වය රඳා පවතිනුයේ ඒ මතය…. එනම්,
” මනුෂ්‍යයෙකු සේ ඉපිද…. මනුෂ්‍යයෙකු සේ මෙලොව අත්හැර යමු…. “
Shehandevas said,
සැප්තැම්බර් 30, 2011 at පෙ.ව. 11:02
ඔබගේ අභිනව වෙබ් අඩවියට මගේ උණුසුම් සුභ පැතුම්…