ඉපදීම හා බෙදීම (1)…

පොඩි උන් ගිරිය පුප්පලා කෑගහන්නේ බඩගින්නටම නෙමෙයි වෙන්න ඇති....
ඉපදීම හා බෙදීම… අරුම පුදුම මාතෘකාවක් වගේ පේන්නේ බැලූ බැල්මට…. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක දැම්මේ මාතෘකාවක් නැතිකමට කියලා… ඒත් ඇත්ත කතාව තමා මේ දෙන්නා අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා…. හරියට පෙම්වතියයි පෙම්වතයි වගේ….
මේ වචන දෙකේ සම්කර්පණය ( හාත්පස සම්බන්ධය ) පෙන්වන්න ඕනෑ තරම් නිදසුන් මේ සමාජයෙන් හොයගන්න පුලුවන්…. මෙතැන් පටන් ලියවෙයි තරමක් දීර්ඝ ලිපි මාලාවක්…. මොකද මේ සම්බන්ධය එච්චරටම විග්‍රහ කරන්න පුළුවන් නිසා….
මං මේ ලිපි මාලාව අවධි 3 කට බෙදා වෙන්කරන්න කැමතියි….
- ළඳරු වියේ බෙදීම.
- මොන්ටිසෝරියේ සිට තාරුණ්‍යය දක්වා බෙදීම.
- විවාහය හා ඉන්පසු බෙදීම.
මුල්ම ලිපියේ සාකච්ඡාවට ගමු ළඳරු වියේ බෙදීම ගැන….
ඉපදීම…. මාස 10 ක් මව්කුස තිබුණු කළලයෙන් පොඩි මනුෂ්‍ය ආත්මයක් බිහිවෙනවා…. වෛද්‍යවරයා මව් කුස තුළ කිරිමැටි ගොඩක ඉන්නවා වගෙ ඉන්න දරුවා එළියට ගන්නවා….
ඔය අස්සේ නර්ස් නෝනා දුවගෙන යනවා වින්නඹු කාමරේ දොර ගාවට… ඒ දොර ගාව තාත්තා හරි වැඩිහිටි කෙනෙක් හරි ඉන්නවා කොළේකුයි,පෑනකුයි තියාගෙන…. ඔර්ලෝසුවට ඇස් තියාගෙන….
“මේ…. වෙලාව ලියාගන්න…. දරුවා ලැබුණා…” නර්ස් නෝනා කියනවා…..
ඔන්න ඉපදුණාට පස්සෙ පළවෙනි බෙදුම වුණා…. ඇහැටවත් නොපෙනෙන ග්‍රහ තාරක මණ්ඩලයකින් දරුවා වෙන්කලා ලග්නෙකට…
ඕන් දැන් ඒ ළමයට පුළුවන් ජීවිත කාලය පුරාවට පත්තරේ තමන්ගෙ ලග්නෙට බෙදා වෙන්කල තීරුව කියවන්න….
ඔය අතරේ අර ඉපදුණු දරුවා හෝදනවා කට්ටිය එකතුවෙලා…. එතැනත් වලි….
” අනේ මං හෝදන්නම් මේ බෝලෙව “ නර්ස් නොනාලා රණ්ඩුවෙනවා…. එතැනත් බෙදීමක්….
කොහමෙන් කොහොමහරි ඔන්න ළමයා හෝදලා ලස්සන රෙද්දක ඔතලා අම්මා ගාවට ගේනවා….
” මේං අම්මට ලස්සන පුතෙක්” නැතනම් ” දුවෙක්”
ඒක මව් කුස තුලම සිදුවන බෙදීමක් උත්පත්තියට කලින්ම….ඒ බෙදීම කරන්නේ ස්වභාධර්මයා…. ඕක ඒවිදිහට නොවුනොත් මිනිස් වර්ගයාගේ පැවත්මක් නෑ….
එක අතකින් බෙදීමෙන් නරක විතරක් නෙමේ හොඳකුත් තියෙනවා….
නමුත් ඔය ලිංග භේදය නිසා මිනිස්සු මවාගත්ත ගැටළු තියෙනවා…. ඒවා ගැටළු නෙමෙයි…. ලෝක ගැටළු.… අපි ඒ ගැන පසු ලිපිවල සාකච්ඡා කරමු….
ඔන්න දැන් එනවා අම්මගේ පැත්තෙන් වගේම තාත්තගේ පැත්තේ සනුහුරේ අලුත් අමුත්තව බලන්න…. ඔතන තම ලෝක යුද්දේ ඇතිවෙන්න පොඩි එකාව බෙදාගන්න බැරිව….
අම්මගේ පැත්තේ අය කියනවා ” අනේ ලස්සන පැටියා, ඇරපු අතක් නෑ අම්ම වගෙමයි. බලන්නකෝ මුහුණ කට එහෙම…. අම්මගෙම තමා”
ඔන්න තාත්තගේ පැත්තේ අයට මේක දිරවන්නේ නෑ…” නෑ නෑ…. පැටියා තාත්තා වගෙ…. බලන්න්කො පාට… බලන්න්කො ඇස්….. තාත්තම තමා”
බලන්යනකොට පොඩි එකාට තමන්ගේ අනන්‍යයතාවයක් ඇත්තෙම නෑ…. ඌ හරියට ආනයනයකල මෝටර් රථ අමතර කොටස්වලින් ( Spare Parts ) සම්පූර්ණයෙන්ම හැදිලා වගේ…. උගේ ඇඟේ කිසිම කොටසක් ඌට හිමි නෑ….
එක පැත්තකින් යම් දුරකට කතාව ඇත්ත තමා…. නමුත් 100% ක් නෙමෙයි…..
මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා…. පොඩි උන් ගිරිය පුප්පලා කෑගහන්නේ බඩගින්නටම නෙමෙයි වෙන්න ඇති…. උන් මේ අවනඩුව උන්ගේ භාෂාවෙන් අපිට කෑගහල කියනවා ඇති… ඒත් කරුමෙට පොඩි අයගේ භාෂාව මහ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ….. ඒහින්දා අකමැත්තෙන් හරි උන් විඳගන්නවා ඇති…. ඒත් උනුත් ලොකු මිනිස්සු වුණාම ඔය ටිකම තමා කරන්නේ….
ඔන්න දැන් ඊළඟ බෙදීමේ පියවර….
උප්පැන්න සහතිකය….
ඕක හරියට ලිව්වෙ නැත්නම් ඉතින් ජීවිතේම ඉවරයි…. ඉස්කොලේ යන්න, කසාදෙට පරම්පරා ගලපන්න, දේපල බෙදන්න….
අප්පේ!!!! වැඩ කෝටියකට ඕක ඕනි…
ඒකේ තියෙනවා අපිව බෙදන නිර්නායක ගොඩක්…..
පෙළපත් නාමය, ආගම, ජාතිය…..
මෙව්වා අපි ඉපදෙනකොට ගෙන ආපු ඒවා නොවේ…. මිනිස්සුම හදාගත්ත සංකල්ප….. ඉතින් අපිට ඒ අනුව බෙදෙන්න වෙනවා….
ඕන් ඉතින් ඉපදුණු දරුවා දැනටමත් බෙදුම්වාදයට සම්බන්ධවෙලා ඉවරයි…. කොහමෙන් කොහමහරි පොඩි එකා ගෙදර යනවා දෙමව්පියො එක්ක…. ජීවිතයට මුහුණ දෙන්න….
ඕක තමා ළඳරු වියේ බෙදීම….
ඊට පස්සෙ තමා හොඳම බෙදිල්ල පටන්ගන්නේ….
අපි ඒ බෙදිල්ල ගැන ඊළඟ ලිපිවල සාකච්ඡා කරමු….
බලා හිඳිමි නඟේ… කියනතුරා… ආදරෙයි කියා… සිතැඟි පුරා…

" මා ගතත් සිතත්…. ඔබ සොරා ගිහින්… "
බලා හිඳිමි නඟේ…. කියනතුරා….
ආදරෙයි කියා…. සිතැඟි පුරා….
රුවන්…. තරුයි…. සඳුයි…. බලා හිඳී….
ඒ ආදරේ…. ඒ ආදරේ….
මා සිතන්නේ නෑ…. ඔබ මගේ කියා….
අකුල් හෙලන්නේ නෑ…. ජීවිතේ පුරා….
නමුත් කියන්නකෝ…. ඔබේ හද සෙනේ….
සැනසෙන්න ජීවිතේ…. පුරා මටත් ළඳේ…
මා ගතත් සිතත්…. ඔබ සොරා ගිහින්….
ඔබෙන් තොර ලොවක්…. සිතන්න බෑ කිසිත්….
බලාන ඉන්නේ මා…. මේ ජීවිතේ පුරා….
මගේ ලොවට සොරා…. ඔබ පියවර තබනතුරා…
ගායනය : චනිත් වීරපුර
සංගීතය හා තනුව : අනුරාධ ගමගේ
ගේය පද : ගිහාන් ජයවර්ධන
මචං මහේෂ්…. අපි පස්සෙ හමුවෙමු….

( 2011.09.25 දින කිරිබත්ගොඩදී සිදු වූ හදිසි අනතුරකින් සදහට දෙනෙත් පියාගත් මහේෂ් හසන්ත සිල්වා සොයුරා වෙනුවෙන් ලියන ලද ලිපියකි. )
ආදරණීය මහේෂ්…. හෙට අපි භෞතිකව මුණගැහෙන අවසන් දිනයයි….. හෙට අපි කෑගැහුවත්, වැලපුණත් උඹ ඔය නින්දෙන් නැඟිටින්නේ නෑ….
පහුගිය දවස් 2-3 ම ඔතනට ආපු හැමෝම කඳුළු හැලුවා… උඹ ගැන ගොඩක් දේවල් කිව්වා…. අපි හිතුවේ උඹ නැඟිටියි කියලා… ඒත් උඹ ඇහිපිල්ලම්ක් වත් ගැහුවෙ නෑ…. උඹ නිතරම කිව්ව වගේ ” ඔය ඇස් අමතක වෙන්න නම්… මගේ ඇස් පියවෙන්න වෙයි….” කියල ද මන්දා උඹ ඇස් පියන් තදකරගෙන උන්නේ…. හැබැයි එකක් විශ්වාසයි… ඒ උඹ කාවවත් ජීවිතේට අමතක නොකරන විත්තිය…. කමක් නෑ…. උඹ නිදාගනින් ….
අවුරුදු 13 ක පාසැල් කාලයත්, ඊට පස්සෙත් මා ඔබෙ මිතුරෙකු කරගැනීම ගැන මා ණයගැතියි උඹට හැමදාටම…. ජීවිතේ මනුස්සකම, මිත්‍රත්වය, බැඳීම් ගැන මං උඹ දිහා බලගෙන ඉගෙනගත්තා…. මං දන්නවා මට උඹෙන් තව සෑහෙන දේවල් ඉගෙනගන්නට තිබුණ විත්තිය… මං විතරක් නෙමෙයි… ගොඩක් අය උඹෙන් දේවල් ඉගෙනගත්තා…..
නමුත් අපි එච්චර වාසනාවන්ත නෑ…. කමක් නෑ... නුඹෙන් ඉගෙනගත් දේ මුළු ජීවිත කාලය පුරාවට අපිට උදව් කරාවී…. සත්තයි මචං.…
අපිට තේරෙන්නේ නැත්තේ හෙට කොහොමද උඹට සමුදෙන්නේ කියලා…. ඒක සෑහෙන්න ලොකු ගැටලුවක්….
ඒත් අපි දන්නවා මේක තාවකාලික සමුගැනීමක්…. අපි මේ සංසාරේ කවදහරි ආයේ හමුවෙනවා…. එදාටනම් මෙච්චර ඉක්මණට යන්න හදන්න එපා මචං.….
මහේෂ්!!!! උඹ අපේම මිතුරෙක්වෙලා යළි ඉපදියන්…. එතකන් උඹට හොඳ සුවදායක නින්දකට අවසරයි මචං…. අපි පස්සෙ හමුවෙමු….