සදාදරණීය T.D.ප්‍රනාන්දු ගුරුපියාණනි…

T.D.ප්‍රනාන්දු ගුරුපියාණනි… ඔබට අමා මහ නිවන්සුව අත්වේවා!!!
මේ කතාව වෙන්නේ 2004 දවසක හවස 1.45ට විතර පාසලේ අන්තිම Period එකේ…. එතකොට මම 11 වසරේ…අ.පො.ස.සා.පේ. පන්තියේ… ටිකක් පරණ කතාවක් වුණාට තාම සිද්ධිය මතකයි…
පාසලේ අන්තිම Period එක කියන්නේ ඉතින් සතුටු සාගරයක්… උදේ 4.30 ඉදන්ම යුද්ධෙට යන්න වගේ ලෑස්තිවෙලා බස්වල තෙරෙපිලා පීඩනයකින් ඉස්කෝලෙට ඇවිල්ලා ඊට පස්සේ පැය 8 ක් බොහෝම අමාරුවෙන් ඉඳලා ගෙදර යන්න ඉස්සෙල්ලා ගෙවෙන අන්තිම විනාඩි 40… මම හිතන්නේ නෑ එක ළමයෙක්වත් ඔය වෙලාව 100% ඵලදායිව ගෙවලා ඇති කියලා… ගත තිබ්බට පන්තියේ හිත තියෙන්නෙ එළියේ… බස් එක miss වෙයිද? class එකට වෙලාවට යාගන්න පුළුවන්වේද? අද වලියක් දාගන්නවාද අංචියක් අදිනවාද? අදත් අර කෙල්ල දකියිද?එයාට අද love letter එක දෙනවද?එකට එකක් වෙනස් ප්‍රශ්න හැමෝගෙම ඔළු ඇතුළේ….විද්‍යාව ගණන් වගේ subject එකක් තිබ්බොත් ආයේ ඉතින් sorry.com…. මොකෝ අහන් ඉන්නව වගේ උන්නට අහන් ඉන්න එකක්යැ…. වෙලාව යන්නෙත් ඉබි ගමණින්… කොහම කොහොමහරි එදත් අන්තිම සීනුව නාදවෙන්න ගත්තා… පන්තියේ හිටපු ගුරුතුමියත් ආයුබෝවන් කියලා staff room එක පැත්තට ගියා…
“දුකින් පෙළන සත් දුකින් මිදෙත්වා….“
මොන දුකද කොල්ලෝ ගජරාමෙට හිනාවෙනවා…කෑගහනවා… ඒ දවස් ඇත්තටම සුන්දරයි… දැන් තියෙන ප්‍රශ්නවලින් අරික්කාලක්වත් තිබුණේ නැත්ද මන්දා… කොහම නමුත් උදේ හවස ආගමික වතාවත්වලින් අපිට ඒ කාලේ දුක තේරුණත් නැතත් මතක් කරල දුන්නා… ඒ ආගමික වතාවත්වලින් පස්සේ තමයි ජාතික ගීය වාදනය වෙන්නේ…
දැන් කොල්ලන්ගේ ගෙදර යන්න තියෙන morale එකට ජාතික ගීය ඇහෙන්නෙත් නෑ… උන් උන්ගේ ලෝක වල… කාටහරි කියන්න පුළුවන් මුංට ජාතිය ගැන කැක්කුමක් නෑ කියලා… නමුත් මේ දේ වෙන්නේ උන් නොදැනුවත්ම… සමහරවෙලාවට අපි දන්නෙත් නෑ මොනවද වටපිට වෙන්නෙ කියලා… ඒ අපි ඉන්න mood එක අනුවයි…
මට හිතෙනෙ විදිහට ඊට වඩා බරපතල වැරැද්දක් අපි හොඳ සිහියෙන් ඉන්න ඕනි වෙලාවක වැරැදි මිනිස්සු ජනතා නියෝජිතයෝ විදිහට පත්කරගන්න එක… නමුත් ඒ වගේ බැරෑරුම් මාතෘකාවක් මේ ලිපියේ කතාකරන්න මම කල්පනා කරන්නේ නෑ… ඒක වෙනම දවසක කතා කරමු ටිකක් බරපතලව… දැනට මට කියන්න ඕනි වුණේ මේ කොල්ලන්ගේ වැරැද්ද අවුරුදු 6-7 කට බරපතල සිරදඬුවම් දෙන්න තරම් වැරැද්දක් නොවන බවයි…. මේ වැරැද්ද ප්‍රාථිමික අවදියේම හදන්න පුළුවන් විශේෂයෙනම් දෙකොට්ඨාශයකට… ඒ තමයි ගෙදරදිනම් දෙමව්පියන්ට, පාසලේදීනම් ගුරුවරුන්ට… මේ ලිපියේ කතාකරන්නේ මා පාසලේ එවන් ගුරුපියෙකු ගැනයි… අපි දැන් සිද්ධියට යමු…
කොහමහරි ජාතික ගීයත් ඉවරවුණා… ජාතික ගීයට ආචාර කරන්න හිස නමපු ගමන් ඊලගට පටන්ගන්නේ ජවන හා මළල පිටියේ ඉසව්…. ඩෙස්ක්, පුටු උඩින් පැනීම, මීටර් 100 දිවීම වගේ, සමහරවෙලාවට බාධක දිවීම වගේ ඉසව්වක් වෙන්නත් පුළුවන්… කොහමහරි එදත් ඒ වගේම දවසක්… සැරසේන්… එලවේන්…එතකොටම ඇහුණා ගාම්භීර ගොරෝසු හඬක්…
”හේයි… හේයි… ඔහම නවතිනවලා….”
කොල්ලන්ගේ දුවන්න පනින්න හිටපු කකුල් මැන්ඩලීන් ගහන්න පටන් ගන්නේ දැන්… ඒ හඬට අපේ ඉස්කෝලේ ඔක්කම surrender …. සමහරවෙලාවට Principal සර්ටත් වඩා අපි මේ හඬට බයවුණා කිව්වට වරදක් නෑ… උස අඩි 6 ක් විතර හොඳ දේහධාරී ඒ රූපය අදටත් මැවිලා පෙනවා… ඒ වෙන කවුරුත් නෙමෙයි… අප පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පති වගේම විනයභාර ගුරුපියාණන්… T.D.ප්‍රනාන්දු ගුරුපියාණන්….
“හැමෝම අපිට විශ්වවිද්‍යාලයට යවන්න බැහැ….. ඒත් අපිට පුලුවන් හොඳ විනය ගරුක පුත්තු ටිකක් සමාජයට දෙන්න”
මේ දේ නිතරම වගේ සර්ගෙ මුවඟේ රැඳී තිබුණා….
විනය… කොළඹ ඩී.එස්.සේනානායක් විදුහලේ හදවත… පාසලේ ප්‍රමුඛම තැන තිබුණේ විනයට… මම හිතන විදිහට ඒ විනය ආරක්ෂා කරන භාරදූර වගකීම පැවරිලා තිබුණේ නියම සුදුස්සට.., ලේසි නෑ කොල්ලො 5000-6000ක් ආම්බාන් කරන එක… ඒ වුණාට ඒ ගොරෝසු දරදඬු හඬට ඒ දේ කරන්න පුළුවන් වුණා කියලා බය නැතුව කියන්න පුළුවන්…
දැන් කොල්ලෝ full හොල්මන්… ඊලඟට වෙන දේ හැමෝම දන්නවා… ගුරුපියාණන් බර අඩි තියලා පන්තියට ඇතුළුවෙලා ඉඳගත්තා ගුරු පුටුවෙන්…. හැමෝගේම ඇස් blade තලයකින් කැපිලා යන විදිහේ බැල්මක් දාලා මෙහෙම අණකලා…
“වාඩිවෙනවලා… වාඩිවෙනවලා…”
ඉතිපිසෝ ගාථාව සිහිකරගෙන set එකම වාඩිවුණා… දැන් කොල්ලන්ට කිසිම කඩිකුලප්පුවක් නෑ… හැබැයි ඕනි එකෙක්ගේ පපුවේ බිත්තර 1000 ක් වුණත් තම්බන්න පුළුවන්…, මොකද ත්‍රාසජනක episode එකට දැන් වේදිකාව තැනිලා තියෙන්නේ… එකම ප්‍රශ්නේ රංගධරයෝ කවුරුද කියන එක විතරයි… වැරැදි කරපු ඈයන්ගේ ඉහ කණින් බේරෙනවා දහඩිය…. කොටින්ම full speed යන fan එකටත් බෑ ඒවා වාෂ්ප කරන්න…
දැන් නඩුව අහන්නයි ලෑස්තිය…
“ ඔය පිටිපස්සෙ ඉන්න එකා… මෙහෙට වරෙන්…. ඌට අනිත්පැත්තෙන් වාඩිවෙලා ඉන්න එකත් වරෙන්…”
චූදිතයෝ දෙන්නා කැඳෙව්වා… උන් දෙන්නා දැන් බිම බලාගෙන එනවා ගුරු මෙසේ ගාවට…. සර්ට ආයේ සාක්ෂිකාරයෝ ඕනි වෙන්නේ නෑ… මොකද සර්ට සර්ගේ ඇස් දෙක sure…. අනික සර් දන්නවා කොල්ලන්ගෙන් අහලා වැඩක් නෑ කියලා… මොකද 99.99% ක් ම sure කොල්ලෝ එකෙක්වත් පාවල දෙන්නෙ නෑ කියලා…
හෙමීට ගුරු මේසේ කිට්ටුවට ආපු සගයෝ දෙන්නගේ බඩවල්වලින් කොනිත්තලා ඇඳල ගත්තා ගුරු මෙසේ ගාවට….
“ඈ බොල තොපි දෙන්නගේ අම්මා තාත්තා දෙන්නා කන්නේ තණකොලද තොපි දෙන්නා වගේ වස්සෝ දෙන්නෙක් හදන්න??? තොපි බොන්නේ පුන්නක්කුද ජාතික ගීය යන වෙලාවට ඩෙඟා නටන්න??? බලපන් දැන් අනික් උන්ටත් යන්න විදිහක් නෑ තොපි දෙන්න හින්දා”
“මේ වගේ ඉස්කෝලෙකට එන්නේ අයාලේ යන හරකෙක් වෙන්න නෙමෙයි බොල… විනය කියන එක හදාගනින් තප්පුලන්නේ නැතුව… දෙන්න හිතෙනව…” කියලා අතක් ඉස්සුවට ගැහුවෙත් නෑ… අපේ උන් දෙන්නා තක්බීර් වෙලා… අපිත් තක්බීර් වෙලා…
ඊට පස්සේ සර් cool down වෙනවා…
“උඹලා මේ ඉස්කෝලෙට එන්නේ ඉගෙනගන්නම නෙමෙයි…. විනය හදාගන්නත් එක්ක… දෙමව්පියෝ සෑහෙන සල්ලි වියදම් කරගෙන මේකට එවන්නෙත් මේකට… මොනවද මේ ලැජ්ජා නැති වැඩ…. සුදු කලිසම ගැහුවට පස්සෙත් මෙහෙම ඇණ ඇණ කියන්න උඹලා බබ්බු නෙමෙයිනෙ.., ආයේ මෙහෙම කරන්නේ නෑ හරිදා…. හ්ම් දැන් යනවා ගෙදර සේරම… මතක තියාගනිල්ලා මම බලං ඉන්නේ….”
සර් එදා පන්තියෙන් ගියා… අපිත් ගෙදර ගියා… හැබැයි එකක් ඇත්තටම වුණා…
සර් විශ්‍රාම ගන්නකන් අපි හැමෝම දිහා හොඳින් බලා උන්නා…
T.D.ප්‍රනාන්දු ගුරුපියාණන්…. කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ ඉතිහාසයෙන් නොමැකෙන චරිතයක්…. කොල්ලන්ට සර් ගැන තිබ්බේ ගෞරවයක් වගේම බයක්…. වරදකදී ටිකක් දරුණු වුණාට අතිශයින්ම සංවේදී මානුෂීය හිතක් තිබුනු ගුරු පියෙක්…
ඇත්ත… මම දැකලා තියෙනවා වැරදිවලට කොල්ලන්ට තලපු අවස්ථා එමට… විනය කඩකිරීම්වලදී හරිම දරුණුයි… විශේෂයෙන්ම වලිවලදී එහෙම මාට්ටු වුණොත් කොල්ලෝ කම්මුතුයි… ඒ පහරවල් වැදුනේ අතකින් කම්මුලටද නැත්නම් වේවැල්වලින් පශ්චාත් ප්‍රදේශයටද අදාලම නෑ… ඒ පහරවල් කාපු ගොඩක් උන් ඒ වැරැද්ද ආයේ කරන්නේ නෑ ඒ පහරවල්වල තිබුණු රස දන්න නිසා…
නමුත් සර්ට තිබුණා මානුෂීය හදවතක්… මට මතක් වෙනවා එහෙම සිද්ධියකුත්…
එදා free period එකක් අපිට… අහන්න දෙයක් නෑ ඉතින්… ඔබට මැවී පේනවා ඇති…. Free period ඉතින් කොල්ලන්ට පැදුරු පාටියක් නැත්නම් සාදයක්… එකම කාල ගෝට්ටියක් පන්තියෙම… මේවෙලාවට ඉතින් අපිට කිසිම නිච්චියක් නෑ එන යන අය ගැන… ඔන්න එදත් සර් ආව පන්තියට මේ කාලගෝට්ටිය අස්සේම…
“හේයි හේයි මොකද මේ හරක් පැටව්… වහගනිල්ලා කටවල්” කියලා ආවා ගුරුමේසේට තට්ටුවක් එහෙම දාලා වේවැලෙන්… දැන් ඉතින් වේවැල් කසාය තමා කියලා අපි ඉතින් දෙයියෝ බුදුන් සිහිකරගත්තා…
හැබැයි එදා approach එක ටිකක් වෙනස් sir ගේ…
පොදුවේ හැමෝටම කනේ ඇඟිලි ගහගන්න දේශානාවක් ලැබුණා… ඊට පස්සේ පන්තියේ කෙළවරක ඉඳන් හැම ළමයෙක්ගෙන්ම අහන්න ගත්තා කොහේ ඉඳන්ද එන්නේ, අම්මා තාත්තාගේ විස්තර… මට මතකයි මගේ මිත්‍රයෙකුට අවස්ථාව ලැබුණාම ඔහු කිව්වා ඔහුගේ පියා නැති විත්තිය… ඇත්තටම මගේ මිත්‍රයාට ඔහු කුඩා කාලයේම පියා අහිමව ගිහින් තිබ්බා… ඒක කිව්වාම සර් පොඩ්ඩක් සලිතවුණා…
“මෙහෙට වරෙන් කොල්ලෝ” කියලා ගුරු මේසේ ළඟට අපේ සහෝදරයාට කතාකලා… ඉන් පස්සේ දෙන්නා අතර ඈතිවුණේ ඇහෙන නොඇහෙන ගානේ කතාබහක්… වරදවා වටහගන්න එපා ඒක අතිශය මානුෂීය කතාබහක්
මම එදා පොඩ්ඩක් ගුරු මේසේ ළඟ පේළියක වාඩිවෙලා උන්නේ…ඒ හින්දා ඒ කතාබහ ශ්‍රවණය වුණා මට…
“පුතා කොයි කාලේද තාත්තා නැතිවුණේ”
“සර් මම පොඩි කාලේමයි”
“එහෙමද? මොනවාවෙලාද?”
උත්තරයවුණේ පිළිකාවකින් කියලයි.
මට එහෙමටම මතක නෑ ඊට පස්සේ දෙබස් නම්… නමුත් කතාවේ අන්තිම හරය වුණේ සර්ට අපේ සහෝදරයාට ඉස්කෝලේ වෙනුවෙන් උදව් කරන්න තිබුණු ඕනිකම… මට මතකයි ආර්ථික තත්වයන්, ලැබෙන උදව් උපකාර වගේ ඒවා ඒ කතාබහේ තිබුණා…. අවසානයේ මගේ මිත්‍රයාගේ පිටට තට්ටුවක් දාලා කිව්වා
“හොදට ඉගෙනගන්න ඕනි”
මගේ මිත්‍රයා අද හොඳ තැනක ඉන්නවා…
ඩී.එස්.සේනානායක විදුහල කියන්නේ එක පවුලක්… අප පාසලේ නිර්මාතෘ අලස් ගුරු පියාණන් පාසල පවත්වගෙන ගියේ පවුලක් විදිහට… ඒ සංකල්පය ඉදිරියට පවත්වගෙන යන්න විනයක් ඕනි… ඒ විනය ඇති කරන්න මහන්සිවූ කෙනෙක් විදිහට T.D.ප්‍රනාන්දු ගුරුපියාණන් හඳුන්වන්න පුලුවන්…ඒ පෞරෂයට හැකිවුනා කොල්ලන්ගේ චණ්ඩිකම් මෙල්ල කරන්න… ඒකට කොල්ලන්ට ගහන්න ඕනි වුණේ නෑ… ඒ ගැඹුරු හඬම ඇති… එතුමාගෙන් ඊට ලැබුණු දායකත්වය මෙතැකයි කියන්න අමාරුයි…
එතුමා විටෙක සැර පරුෂ ගුරුවරෙයෙක් වුණත් කොල්ලෝ කවුරුත් සර් එක්ක වෛර බැඳගත්තේ නෑ… මොකද අපි හැමෝම දැනගෙන උන්නා ඒ සැර පරුෂ භාවයට යටින් තිබ්බේ වෙඬරු පිඬක්වන් දුකට උණුවෙන පියෙකුගේ හදවතක් විත්තිය…
සර්ට කොල්ලන්ගේ ලෝකේ තේරුම් ගන්න හැකියාවක් තිබ්බා., ගොඩක් වෙලාවට මේ තරම් හොඳ ගණුදෙණුවක් තිබ්බේ ඒ නිසාම වෙන්න ඕනි… කොල්ලෝ හැරෙද්දි එන්නේ මොකාටද කියන එක sir දැනගෙන උන්නා…
තව කතාවක් මතක් වුණා…
වාරවිභාගයක paper එකක් ඉවරවෙලා set එකම ground එකට බැස්සා වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට පෙරහුරුවක් ලබාගන්න… අහන්න දෙයක් නෑනෙ… ටෙනිස් බෝලෙයි, bat එකයි, nonstrikerට ලී පතුරකුයි, wicket එකට පුටුවකුයි, bowlers end එකේ විකට් එකට පාගන්න ගඩොල් කැටයෙකුයි තිබ්බනම් ඒ දවස්වල ඉතින් මඩකරියෝ වගේ තමා ගෙදර යන්නේ… ඒ කාලේ ඔය පිට්ටනියේ තණපිඬලි අල්ලපු මුල් කාලේ… ඒ නිසා ඕකට බහින්න දෙන්නේ නෑ… Basket ball එක තමා සමාන්‍යයෙන් pitch එක…. හැබැයි ඉතින් වාරවිභාගය ඉවරවෙන දාට ඔය නීති ගැන කොල්ලෝ වැඩිය හිතන්නේ නෑ… එදත් ඉතින් එහෙම දවසක්…
දැන් match එක පටන්ගත්තා… ආයේ ඉතින් කඩියෝ වගේ…
“අල්ලපන්…”
“ දෙක වරෙන් දෙක වරෙන්…”
“ මෙහෙට දාපන්…“
“ shot මචං shot“
“ යකෝ no ball… ඉර පැනල මේ බලපන්”
“ යකෝ no ball… side එක කිව්වේ නෑ“
“ අඩෝ පිටිපස්ස ඔට්ටු නෑ… Keeper නෑ…”
“ umpire බෝල කීයද…”
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් වගේ… ගිරා පෝතක අධ්‍යපන ක්‍රමය නොවෙන්න හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෝ ටිකක් බිහිවෙන්නත් තිබ්බා අම්මපා ඒ match එකෙන්… කොහම හරි වැඩේ නැඟලා යනවා… කොල්ලන්ට අව්ව රස්නය දූවිල්ල ගාණක් නෑ… ඒත් එකපාරටම කොල්ලන්ගේ රෝම කූප තිග්ගැස්සෙන හඬ ඇහුණා… තරඟ තීරක ප්‍රධාන දැන්වීම් පූරුව ළඟට ඇවිල්ලා උන්නා… ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ ආදරණීය “ගඩ්ඩා” සර්…
“ හේයි හේයි…. මෙහෙ වරෙව් …. මොනවද උඹලා ඔයකරන්නේ… මෙහෙ වරෙව්….”
මෙච්චර වෙලා අව්වේ රස්නය නොදැනුණ අපිට දැන් දැනුණේ සහරා කාන්තාරයේ ඉන්නවා වගේ හැඟීමක්… අපි ඉතින් දැන් හෙමිහිට බෝලෙයි,bat එකයි,ලී පතුරයි අරන් අර ප්‍රධාන දැන්වීම් පූරුව පැත්තට ගාටන්න ගත්තා… හරි අපූරුවට සර් අතේ වේවැලකුත් එහෙමෙහෙ වෙනවා… කොල්ලෙක් මගේ කනට ඇහෙන නොඇහෙන ගාණට මෙහෙම කිව්වා…
“අඩෝ අදනම් ගඩ්ඩා අපිව හම ගහයි යකෝ”
නොකිව්වට අවංකවම මටත් ඒක දැනිලා තිබ්බේ…
“විභාගේ ඉවරද? මොකද මේ හරක් ගාලක් වගේ ගාල කඩාගෙන බෝලයක් පස්සෙන් දුවන්නේ… බලනවා තණකොල පිඬලිවලට කරල තියෙනදේ…උඹල කන්නේ තණකොල උලලද… හිටගන්නවා පෝළිමට…”
වැඩේ හරි… අදනම් double bonus වගේ… දෙයියෝ බුදුන් සිහිකරගත්තොත් හොඳයි… මම මටම කියාගත්තා…
“කියනවලා තමුන්ගේ විභාග ඉවරද?”
අපේ එකෙක් හෙමිහිට උත්තර දුන්නා මෙහෙම…
“නෑ සර්… තව paper එකක් හෙට තියෙනවා….
“යකෝ එහෙම තියාගෙනද මේ උඹල මේ බෝල පස්සේ දුවන්නේ… දැන් මෙතන එකෙක් ඔළුව පලාගත්තාම අපි වගකියන්න ඕනි…දීපිය ඔය බෝලෙයි ලී කෑල්ලයි මෙහෙට… “
අපි shape එකේ බෝලෙයි bat එකයි දුන්නා…
“උඹලට අම්මා තාත්තා නැහිලා උගන්නන්න හදනවා තොපි මෙතන හරක් වගේ තණකොළ උලනවා.. දුවපිය ගෙදර… ගිහින් පාඩම්කරපිය”
“අම්මා… ඔයින් ගියා ඇති“
මට අම්මපා හිතුණා… අනිත් උන්ටත් එහෙම අනිවාර්යෙන්ම හිතෙන්න ඇති…
සර් එදත් අපිට ගැහුවේ නෑ… හැමදේටම ගහන්න ගියේ නෑ සර්… මොකද සර් වුණත් දන්නවා ළමයි මේ වයසට මේ දේවල් කරන විත්තිය… සර්ට පුළුවන් වුණා ළමයින්ගේ පැත්තෙනුත් හිතන්න… සර් සම්බන්ධයෙන් අදත් කොල්ලෝ ගෞරවයෙන් කතාකරන්නේ ඒ නිසා වෙන්න ඕනි… කියන්න සන්තෝසයි මිත්‍රවරුනි මිතුරියනි අපිට පහුවෙනිදා ඒ bat එකයි බෝලෙයි ආයේ හම්බවුණා… කොටින්ම අපි ඒ අවුරුද්දේ වාර්ෂියක ක්‍රිකට් තරඟය සෙල්ලම් කලෙත් ඒ bat එකෙනුයි බෝලෙනුයි…
මම පාසලෙන් ඉවත්වෙනකන්ම වගේ සර් පාසලේ උන්නා… මට ඊට පස්සේ sir අන්තිමට හැබැහින් හම්බවුණේ අලස් ගුරුපියාණන්ගේ දේහය ඉස්කෝලෙට ගෙන ආව දවසේ…පස්සෙ කාලෙක තිබුණු after school එකට මට එන්න බැරිවුණත් මම video එකක දැක්කා සර් ඒකට සහභාගී වෙලා තිබුණා… ඇත්තටම හිතට සතුටක් දැනුණා ඒක දැක්කාම..
ඒ දවස්වල අපිට විනය කියනදේ බරපතලව දැනුනේ නෑ… නමුත් අද කරදඬු දික්වෙලා රස්සාවල් කරද්දි තමයි ඒකේ අගය දැනෙන්නේ… උගත්කමක් තිබ්බත් ඵලක් නෑ විනයක් නැත්නම්… කොටින්ම මේ covid වසංගතය අවසන් කරන්නත් ඒ මිනිස් හික්මීම නැත්නම් විනය කියන දේ ඕනි විත්තිය හැමෝටම දැන් තේරෙනවා… පහුගියකාලවල රටේ සිදුවුණු බොහෝ ප්‍රශ්නවල මුල බැලුවොත් විනයක් නැතිවීම හේතුවූ බව පැහැදිලිවෙනවා…
T.D.ප්‍රනාන්දු ගුරුපියාණන් හැමවිටම බැලුවේ ඒ විනය ඇතිකරන්න… කියන්න සතුටුයි සර් බහුතර ශිෂ්‍යයෝ ප්‍රමාණයක් ඔබ අපිට පෙන්වූ ඒ මඟ ඔස්සේ ගිහින් බොහෝ ඉහල නිලතලවල වගේමසාමාන්‍ය සමාජයේත් යහපත් පුරවැසියෝ විදිහට ජීවත්වෙනවා…
සර් මේ ලෝකෙන් සමු අරන් මේ වසරට වසර දෙකක්… මට මතකයි ලෝකේ නන් දෙසින් සර්ට අවසන් ගෞරව වශයෙන් ආව ශෝක පණිවිඩ හා පුෂ්ප උපහාර… අදටත් කොහේ හරි අපේ ඉස්කෝලේ මතකයක් ස්මරණය කළොත් සර්ගේ නමත් ඒකට ඇඳිලා තිබුණා… ඒකෙන් එක් දෙයක් පැහදිලිවුණා අපිට…
ඔව් සර්… ඔබ අපිට ගුරුවරයෙක් නෙමෙයි පියෙක්…
සියදහස්ගණනක් දරුවන්ගේ නෙත් පාදා විනයගරුක පුරවැසියන් කළ පිනම ඇති ඔබට මේ සසරෙන් එතෙරවෙන්නට…
T.D.ප්‍රනාන්දු ගුරුපියාණනි… ඔබට අමා මහ නිවන්සුව අත්වේවා!!!
Photo Banner Credits: Jade Neo
මුලාවූ මිනිසා…
මිනිසා… මිනිසා…
දැනුමෙන් පොහොසත්… කිසිත් නොදත් …
මුලාවූ මිනිසා…
මුලාවිය මිනිසා…
සතුට නම්වූ… සිපිරි ගෙදරේ..
විලංගුලෑ මිනිසා…
දාඩියෙන් ඉඳි… බත් රසයි කී…
සිරකරුයි මිනිසා…
ලොවට රහසේ… ලොවෙන් සැඟවී…
වැළපුණා මිනිසා…
හෙළා දා බිඳු… අනුන් වෙනුවෙන්…
මුලාවූ මිනිසා…
හීන වෙනුවට… කාසි පොඳි බැඳ…
සතුටුවූ මිනිසා…
දිනෙක පස්වෙයි… හීන සමඟින්…
අසරණයි මිනිසා…
නිර්මාණය: ගිහාන් ජයවර්ධන & හසිතා එරන්දි
අලි බබා හදපු මැරහොරු…

“අලි බබා හදපු මැර හොරා“
“අම්මේ කතාවක් කියන්නකෝ”
“මොන කතන්දරද ළමයෝ, නිදාගන්න”
“ අනේ අම්මේ”
“ හා එහෙනම් අහගන්නකෝ… ඔන්න එකමත් එක දවසක…”
පොඩිකාලේට ගියා වගේ දැනුණද???තාමත් ඉඳහිට හැබෑවටම බැරිවුණත් හිතින් ගිහින් එන්න ආස කාලයක්… ආයේ බොරු මොකටද අපි ආසයි අතීතය ස්මරණය කරන්න… ඉතිහාස කථා, බෞද්ධ කථා, ජන කථා මිනිස්සු නැවත නැවත මතක් කිරීමෙන් ඔබ්බට ගිහිල්ලා ඒවා ඩිජිටල් තිර මත ත්‍රිමාණව මවන තරමට අපේ මිනිස්සු ඒ අතීත කථාවලට ආදරෙයි… ඒ හා බැඳුණු වාණිජමය කාරණයක් ඇතත් ඒවා නැරඹීමට ප්‍රේක්ෂකයෝ ඇඳෙන එකෙන් තේරෙන්නේ ඒ කථාවලට මිනිසුන්ගේ තිබෙන ආදරයයි…
දේශපාලකයින්ගේ තුරුම්පු අතරත් අතීත කථාවලට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්… නිකමට කල්පනා කරලා බැලුවොත් පහුගිය අවුරුදු දහය පහළොව තිස්සේම ඇහෙන කථාවල් ඒ විදිහටම, විරාම ලක්ෂණයක් වත් නොඅඩුව ඇහෙන විත්තිය ඔබටම තේරේවී… නමුත් මගේ අරමුණ මේ ලිපිය උඩ සඳහන් කරපු එක කථාවක් ගැනවත් විචාරයක් ලියන්න නෙමෙයි… මට හිතුණා වෙනස්ම කථාවක් ඔබට කියන්න… මේ කථාවේ ලොකුම වෙනස තමයි අපිම ලියපු මේ කථාව අපිටම වෙනස් කරන්න පුළුවන් වීමයි…කාලෙකට පස්සේ මම විද්‍යුත් පන්හිඳෙන් ඔබ හා මේ කථාව බෙදාගන්න හිතුවේ මේ කථාව අපේ රටේ ගමන තීරණය කරන නිසා… මේක දේශපාලනික ධාරාවකට අදාළ කථාවක් නොවුණත්මානව හිතෛෂී දේශපාලනික කථාවක් වෙන්නත් පුළුවන්… ඉතින් මට අවසර…
ඉතින් මොකක්ද මේ කථාව… ඒ කථාව තමයි… “අලි බබා හදපු මැරහොරු”…
ඔව්… කියවන ඔබට හිතෙන්න පුළුවන් මම මාතෘකාව වරද්දගත්තද කියලත්… නෑ… ඒක තමා මගේ කථාවේ නම…
අරාබි නිසොල්ලාසයේ එන “අලි බබා හා හොරු හතිළිහ” ගැන මම දන්නවා… නමුත් ඒ කථාවයි මම කියන්න යන කථාවයි අතර ලොකුම වෙනස තමයි අරාබි නිසොල්ලාසයේ කතාව වෙනස් කරන්න බැහැ අපිට ඕනි විදිහට… නමුත් මම කියන්න යන කථාව ලිව්වේ අපි හැමෝම එකතුවෙලා…. ඔව් ඒ කථාවේ කර්තෘභාගය අපි හැමෝටම හිමියි පංගු පේරුවක් නැතුවම..නමුත් අපිට මේ “අලි බබා හදපු මැරහොරු” හැදීමේ කථාව වෙනස්කරන්න පුළුවන්… මොකද මේ කථාව තාම ලියැවිලා ඉවර නැති නිසා…. “මොකක්ද යකෝ මේ හතිරි බීරි කථාව?” කියලා ඔබට හිතෙන්න පුළුවන්… ඒහින්දා මම ඉස්සෙල්ලාම් මේක ලියන්න හිතුණ නිධාන කථාව කියල ඉන්නම්… මේ ලිපියේ අවසානය වෙද්දි ඔබේ බොහෝ ගැටළුවලට උත්තර ලැබිල තියේවී…
කොවිඩ් වසංගතය කියන්නේ සොබාදහම අපිට ඉගැන්නුව යස පාඩමක්…සොබාදහමෙන් මිනිස්සුන්ට ඉගැන්නුවා තාමත් සොබාදම තමා මේ ලෝකයේ චණ්ඩියා කියන එක… ඒ පාඩමේ ප්‍රතිඵලයක් විදිහට උදේ ඉඳන් රෑ වෙනකන් යන්ත්‍ර වගේ එහෙ මෙහෙ ගිය ධනවාදී සිරකඳවුරේ පරිභෝජනවාදයේ යදම්වලින් තදින් බැඳලා උන්නු සිරකරුවෝ වෙච්චි අපිට ලැබුණා පොඩි නිවාඩුවක්… ඇත්තටම අපිට අපි ඉන්නවා කියලා දැනුණ නිවාඩුවක්….
හෝව් හෝව්…!!! දැන් හිතන්නෙපා මේ ලිපිය ලියන්නේ සමාජවාදයයි ධනවාදයයි සසඳන්න කියලා… ඒ දෙකේ හොඳ නරක සසඳන්න මට උවමනාවක් නැහ කොහෙත්ම… මට කියන්න ඕනි වුණේ යථාර්තය ගැන කියන්න විතරයි… ආයේ බොරු මොකටද මූල්‍යමය ලාභය ( monetary profits) පමණක් සොයාගෙන යන සමාජයක තියෙන්නේ මම කියපු සිරකඳවුරේ ලක්ෂණ… මොකද අපිහැමෝටම ඕනි හොඳ ගෙයක් දොරක්, වාහනයක්, සැප ජීවිතයක්… මේකට කියන්නේ consumerism (පරිභෝජනය) කියලා…මේ දේ දන්නවා වෙළඳ ප්‍රජාව… අපේ ආසවල් අපේම යදම් කරලා අපේ අවශ්‍යතාවයන් ඉටු කරන තැනට මේ සමාජ යාන්ත්‍රණය හදලා තියෙන්නේ… Loan, lease, overtime මේ හැම දේම තමයි ඒ යදම්… අපෙන් උදුරගත්තේ මොකද්ද… ඒ තමා නිදහස… ඉතින් ඒකයි මම කිව්වේ ධනවාදි රාජ්‍යයේ පරිභෝජනවාදී සිරකරුවෝ අපි කියලා….නැතුව කිසිම දේශපාලනයක් මෙතන නැහැ…
ඉතින් මේ නිවාඩුවේ ලැබෙන වෙලාවත් එක්ක සමාජ මාධ්‍යයේ වැඩිපුර සැරිසරන්න ඉඩ ප්‍රස්ථාව ලැබුනා… සෑහෙන දෙනෙක් කෑම හදලා තිබුණා, තව සමහරු ගෙවතු වගාවල් පටන් අරන් තිබුණා, සමහරු සිංදු කියලා තිබුණා, කවි, කථා ලියලා තිබුණා, චිත්‍ර ඇඳලා තිබුණා, සොබාදහම රසවිඳලා ඡායාරූපයකට අරන් තිබුණා…ඒ හැමට වැඩියෙන් පවුලේ අයත් එක්ක කාලය ගතකරලා තිබුණා… ඇත්ත මට හිතෙන විදිහට මේ තමයි අපිට මේ නිවාඩුවෙන් ලැබුනු ලොකුම + point එක… දෙමව්පියෝ උදේ වැඩට යද්දි නිදන් උන්නු දරුවෝ රැට දෙමව්පියෝ එද්දි නිදන්න ගිහින් තිබුණු සමාජ රටාවකට පොඩි brake එකක් වැදිලා තිබුනා..පවුල කියන දේ අපිට මතකරලා දීලා තිබුණා…
මේ දේවල් අතර සැරිසරද්දී මට Video 2-3 ක් බලන්න ලැබුනා… ඒවායේ හිටියේ කටේ කිරි සුවඳවත් නොගිය පොඩි උන්… හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සුරංගනා කතා ලිව්වෙත්, කුමාරතුංග මුනිදාසයන් වටිනා ඔවදන් ග්‍රන්ථ ලිව්වෙත් මේ පොඩි මල් වගේ දරුවන්ට… නමුත් ඒ Video වල ඒ කිරි සුවඳවත් නොගිය මුවවල් වලින් අහන්න දකින්න ලැබුණේ පාතාලේ ගහන්න, මරන්න යන කථා හා ඊටම ඔබින අත්පා චලනයි… ඒ මදිවට බජාර්වල අනවර්ථ නාමයන්… තව එකක තිබුණේ මෙලෝ තේරුමක් නැති ආදරය සම්බන්ධ ඔවදනක්… මම මේ පොඩි උන් හා වෙන පොඩි උන් අතරේ මහ ලොකු වෙනසක් ශරීරයෙන් දැක්කේ නැහැ… බටු ගෙඩි දෙකක් විතර උස සමාන්‍ය කෙසඟ ශරීර කූඩුවක් තිබ්බ දරුවෝ ඒ අයත්… පොඩි උන් පැහැනෙවා තමයි… හැබැයි මේ අය කුණු වෙනතරමට ඉදිලා තිබුණේ….සන්නිවේදන තාක්ෂණේ ඇතුලේ බිහිවුනු සමාජ මාධ්‍ය රාජ්‍යයක දැමූ පොඩි පාතාල part එකක්…මේ වගේ දෙයකට සමාජ මාධ්‍ය වපසරියේ ලැබිල තිබුණු අවධානය views, shares ගණනින් අවබෝධ කරගන්න පුළුවන් වුණා… යමක් ඉක්මණට මිනිසුන්ට ළඟා කරන්න ඕනි නම් සමාජ මාධ්‍යය තරම් හොඳ මාධ්‍යයක් තවත් නෑ… මේ විත්තිය මේ පොඩි උන් දැනගෙන තිබුණා… නමුත් ඒ මිනිසුන්ට ළඟාකල පණිවිඩය කිසිම හරයකට නැති දෙයක්…
ඇත්ත… අපේ පොඩි කාලෙයි දැන් ඉන්න පොඩි අයගේ කාලෙයි තිබුණු තාක්ෂණ අතරේ ලොකු වෙනසක් තියෙනවා… අපි ඉස්සෙල්ලාම දැක්කේ ගඩොල් කැට size mobile phone …. ඒ කාලේ ඒක luxury item එකක්… නමුත් දැන් පොඩි උන් ඉපදෙදිම දකින්නෙම හීනි touch screen තියෙන mobile phone … දැන් ඒක common commodity එකක්…තාක්ෂණේ මිනිසුන්ට අවශ්‍යයයි… ඒවගේම නූතන පරම්පරාව ඒ ගැන යාවත්කාලීනවීම අනිවාර්යයි… නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තාක්ෂණයේ නෙමෙයි… තාක්ෂණයේ අවභාවිතයයි… තවත් ගැඹුරට ගියොත් මනුස්සයාගේ චිත්තනය හා හැඟීම මතයි… මේක මානව ගැටළුවක් වෙන්නේ එතනයි…
ලංකාවේ කාලෙන් කාලේට හැදෙනවා රැල්ලක්… Star රැල්ලත් එහෙම ආව රැල්ලක්… ඇත්ත දක්ෂතාවලට අවස්ථාවක් දෙන්න ඕනි… ඒකට අවශ්‍ය කරන පීඨිකාව මාධ්‍ය හදලා දුන්නා… පොඩි උන්ටත් ඒත් එක්කම තිරයේ ඉඩක් ලැබුණා… ඒක ඉතාමත් හොඳයි වගේම වටිනා කාලීන අවශ්‍යතාවයක්…උසස් අරමුණක්.. ප්‍රශ්නේ ආවේ එතන නෙමෙයි… ප්‍රශ්නේ ආවේ පොඩි උන් අධික වාණිජකරණයට ලක්කිරීමය… කෙටියෙන්ම කිව්වොත් පොඩි උන් හූරන් කෑමය…ඒ හූරන් කෑම ඇතුළේ සමාජයට සිදුවුණු හානිය මනින්නට බැරිවේවී…
මේ තරඟ විනිශ්ච මණ්ඩලවලින් තේරීල එක්තරා සන්ධිස්ථානයකට ආවාම ජනතාවට භාරදෙනවා sms වලින් ජයග්‍රහකයා තෝරන්න… දැන් මේ තරඟය දිනන්න මොනවද ඕනි කරන්නේ…. Election campaign එකක්… දරුණු campaign එකක්… කොයි අම්මා තාත්තාද කැමති තමන්ගේ දරුවා පැරදෙනවා දකින්න… ඉතින් අම්මා තාත්තා කරනවා campaign … පොඩි එකත් campaign ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ නමුත් උදේ ඉඳන් රෑ වෙනකන් පීඨිකාවල සිංදු කියනවා ඡන්ද එකතුකරන්න… sponsorship ගන්න… අන්තිමේදී සහජ දක්ෂතාවයක් ඔප්නංවගන්න කියලා ගියපු තරඟේ නිසා පොඩි එකාට ඉස්කෝල්ත් නැහැ…. සිරිත්මල්දම පොත මේසේ උඩ තනියම… පොඩි උන් පොඩි කාලේම කියවනවා ආත්මාර්ථයේ හෝඩි පොත…
සමහර තරඟවල තියෙනවා ජනප්‍රියම තරුව කියලා segment එකකුත් පොඩි උන් වෙනුවෙන්… ඒක තනිකරම sms… ජනප්‍රියම label එක හරිම දරුණු category එකක්… ඒකෙන් අන්ධවුණාම දක්ෂතාවය ඔපමට්ටක් කරගන්න ගන්න උත්සහයේ බැස්ම පටන්ගන්නවා… පොඩිකාලේ පොඩි උන් දිරිමත් කරන්න ඕනි දක්ෂතා ඔපමට්ටම් කරන්න මිසක ජනප්‍රිය කරන්න නෙමෙයි… ජනප්‍රියත්වය + point එකක් මුදල් හම්බකරන්න … නමුත් ඒකේ පැවත්ම කොච්චර කල්ද කියන්න අමාරුයි… මොකද ජනප්‍රියත්වය කියනදේ රඳාපවතින්නේ බොහෝ කරුණු මත පදනම්ව නිසා… සමහරවිට විෂය පථයට කොහෙත්ම අදාළ නැති කාරණයක් නිසත් ජනප්‍රිය වෙන්න පුළුවන්… ඒ වගේම ජනප්‍රියත්වය අමාරු දෙයක් balance කරන්නත් හරි හමන් අත්දැකීමක් නැතුවත්… ඒ වගේ දෙයක් පොඩි එකෙක්ගේ ඔළුවට කාන්දු කිරීම බොහොම භයානකයි…මොකද ජනප්‍රියත්වයේම එල්ලිලා ඉඳලා දක්ෂතා කුසලතා වර්ධනය නොකරගත්තොත් අනාගතයේ මුළු ජීවිතේම විනාශවෙලා යන්න පුළුවන් නිසා… එහෙම වුණු චරිත අපිට දකින්න ලැබිලා තියෙනවා…
සමහර දෙමව්පියන් මේ කිරි සප්පයන්ගෙන් තමන්ගේ හීන සැබෑ කරගන්න හදනවා… සමහරවිට ආදරේ වැඩිකමට වෙන්න පුළුවන්…. නමුත් ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්… දෙමව්පියන් දරුවන්ට නිසි මඟ කියාදී ඒ ඔස්සේ ඔවුන් ගොඩනඟන ඔවුන්ගේ හීන වලට අත්වැලක් වීමයි කළයුත්තේ… දෙමව්පියන්ගේ යුතුකම වචන කිහිපයකට ලඝු කලහොත් “ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” යන්න දරුවන්ගේ පොඩි ඔළුගෙඩ් තුළට කාන්දු කිරීමයි…නමුත් ඒ දේ වැඩිහිටියන් අතින් වෙනවද? උදාහරණ කිහිපයක් අරන් බලමු…
ලෙඩවෙලා පාසල මඟහැරුණු ලමයෙක්ට miss වුණු note එකක් ලියාගන්න පොතක් දෙන ළමයෙක් හොයාගන්න අද කාලේ හරි අමාරුයි… ඇයි ඒ??? ළමයි අතරේ තියෙන්නේ හැල්මේ දුවන race එකක්… හොඳින් හරි නරකින් හරි 1 වෙන්න තමයි හැමෝටම ඕනි… ඒකට උල්පන්දම් දෙන්නේ කවුද??? දෙමව්පියෝ නැත්නම් වැඩිහිට් සමාජයම තමයි… වාර විභාග ලකුණු ගන්න ආවාම ඕක හොඳටම බලන්න පුළුවන්… පෝලිමේ teacher ගාවට යන්න අම්මලා තාත්තලා ළඟම ඉන්න අම්මා තාත්තගේ ළමයාගේ ලකුණු එක්ක සංසන්දනය පටන්ගන්නවා…
“ ඔයාගේ පුතාට ලකුණු කීයද mathsවලට? අපේ එක්කෙනාටනම් 90 යි” බොලේ දාල බලනවා. උත්තර දෙන මනුස්සයාගෙ ඇස්වලින් පොඩි ඉරිසියාවක් ගලනවා.
“ අපේ කෙනාට ලකුනු 85 යි මෙයා. බලන්නකෝ මෙයාගේ පහුගිය දවස් ටිකේ tution sir ආවේ නැහැනේ… ඒකයි මෙහෙම වුණේ… මේ ඒක නෙමෙයි ඔයාගේ පුතාට english වලට කීයද?” ඔන්න ඒයා බොලේ pass කලා… දැන් අනික් කෙනාගේ මූණ ඇඹුල් වෙනවා….
“ ආහ් ඒකට… පොඩ්ඩක් ඉන්න මට මතක නෑ… මේ තියෙන්නේ… ලකුණු 80 යි… හරි tution එකක් තිබ්බෙත් නැහැනේ…..”
ඔන්න ප්‍රශ්නේ අහපු කෙනාටා මාර happy …
“ අපේ පුතාට ලකුණු 95 ක් ඒකට… අද කාලේ english නැතුව මුකුත් කරන්න බැහැනේ…”
හීන් නුලේ ජය පදය ගහනවා… මේ දෙබස දිගටම වෙනවා… දෙමව්පියෝ රැස්වීමෙන් පිටවෙලා යන්නේ වෛරය,ක්‍රෝධය, ලැජ්ජාව,තරහව,ආත්මානුකම්පාව හිතේ කැකෑරෙමින් තියෙද්දි… දැන් මේ වාඩුව ගන්නේ කාගෙන්ද…. අර හය හතර නොතේරෙන පොඩි එකාගෙන්…
“අම්මේ බඩගිනියි” පොඩි එකා එනවා හතිදාගෙන නාවර පෙරාගෙන ගෙදර…
“ බඩගිනියි??? කන්නම දෙන්න තමා වටින්නේ… අද මට ලැජ්ජා හිතුණා ඔයාගේ ලකුණු දැකලා… බලන්න ඔයාගේ යාළුවා සනේශ්ගේ ලකුණු…”
පොඩි එකා හොල්මන්…
“අම්මේ ඉතින් මගේ average එක 90 ක් නේ… චිත්‍රවලට 100 ක් තියෙනවනේ”
“ චිත්‍රවලට 100ක් විතරක් අරන් මක් කරන්නද… බලන්න ඔයාට english වලට ලකුණු 80 යි තියෙන්නේ… ඒකට සනේශ්… ඒ පොඩිඑකා… සට සට ගාල english වලින් කතාකරන්නේ…බලන් ඉන්න ආසයි වගේම ලෝභයි… ඔයාට තාම බැහැනේ එහෙම කතාකරන්න මෙච්චර tution, elocution ගිහිල්ලත්”
“ ඒ වුණාට සනේශ්ට මට වඩා ලකුණු නැහැනේ අනික් ඒවට”
“ මේ ඒකෙන් වැඩක් නැහැ… ඔයාට english වලට ලකුණු නැහැ… අද ඉඳන් cartoon බලන්න තහනම්… සෙල්ලම් කරන වෙලාව අඩු කරන්න ඕනි… ඔය ඔක්කම හින්දා තමයි ඔයාට englishවලට ලකුණු නැත්තේ… ඊලඟ term එකේ ලකුණු 95 ක් ඕනි හැම එකටම”
“අනේ අම්මේ….” පොඩි එකාගේ හිත කඩාවැටෙනවා…
“ අනේ පණේ නැහැ… ඒක තීන්දුයි… මම තාත්තටත් කියනවා මේ ගැන…ඔයාව හුරතල් කලා වැඩියි… බලන්න අපි මෙච්චර වියදම් කරනවා… ඔයාට ගානක්වත් නැහැ…”අම්මා පොඩි එකාට confirmation bias වල තරම පෙන්නල පුප්පගෙන යනවා…
පොඩි එකාට ප්‍රශ්නයක් අහන්නවත් ඉඩක් නැහැ… දැනුමක්, විද්‍යාවක් නිර්මාණය වෙන්නේ අහපු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ගිහින්… නමුත් වර්තමාන සමාජය ප්‍රශ්න අහන මිනිසා දිහා බලන්නේ වපර ඇහෙන්… හැමෝම පතන්නේ ඕනි දෙයකට එහෙයි කියන යන්ත්‍රයක් මිසක හිතන මිනිහෙක් නෙමෙයි…
පොඩි එකාට අණ්ඩර දෙමළ වගේ මේ කථාව…. Average එකත් 90ක්…නමුත් බරපතල සිර දඬුවමක් තීන්දු වෙලා…සමහරවිට මේ සනේශ්යුයි, මේ ළමයයි හොඳම යාළුවෝ වෙන්න ඇති… Interval එකේ එකට කෑම බෙදන් කාපු පොඩි උන් දෙන්නෙක් වෙන්නත් පුළුවන්… නමුත් අද ඉඳලා මේ ළමයට සනේශ්ව වහ කඳුරු වගේ… මොකද මේ ළමයගේ මුලු ලෝකෙම බිඳ වැටිලා සනේශ්ගේ english ලකුණු නිසා…සනේශ් හා මේ දරුවා මේ කතාවට මම ඈඳාගත්ත මනඃකල්පිත චරිත දෙකක්… නමුත් මේ චරිත අපේ සමාජයේ තියෙනවා ඕනි තරම්…
හිරකාරයෙක්ට ඉස්සෙල්ලාම නැතිවෙන්නේ තමන් ආසකරපු දේවල්… මේ පොඩි එකත් හිරකාරයෙක් වගේ… වෙනස තමයි උසාවියකින් සාධාරණ නඩු විභාගයකින් තොරව වැරදිකරුවෙක් වුණු චූදිතයෙක් මේ පොඩි එකා… අඩුමගාණේ පොඩි එකාට තමන්ගේ මතය තහවුරු කරන්න නැත්නම් burden of proof එකටවත් අවස්ථාවක් නෑ… ඊටත් පොඩි එකා කරපු වැරැද්දකුත් නැහැ… නිකමට හිතන්න අයින්ස්ටයින්ගේ, එඩිසන්ගේ අම්මා තාත්තත් මෙහෙම වුණානම් අද මේ ලෝකේ මෙහෙම දියුණු නොවෙන්න තිබ්බා…
මෙලොව එළිය දකින පොඩි උන් අඬන්න විතරයි දැනගෙන ලෝකෙට එන්නේ… ඒක තමයි පොඩි කාලේ උන් දන්න එකම සන්නිවේදන මාධ්‍යය… බඩගිනිවුණාම, තනිවුණාම, වේදනාවක් දැනුණාම ඒක කියන්නේ අඬලා…. ඉන් පස්සේ තමා අම්මා තාත්තාගෙන් අකුරක් දෙකක් අල්ලන් කියවන්නයි, අතේ එල්ලිලා ඇවිදින්නයි ඉගෙනගන්නේ… එහෙව් පොඩි උන්ට target දෙනවා sales වගේ කරන්න… “ශිෂ්‍යත්වයට අපිට මෙච්චරක් ඕනි, මේ subject වලට 95ට වඩා ඕනි”… වරදකට නැහැ කිසිම ඉඩක්…මේ පොඩි එකාගේ දෛවය ඊට පස්සේ මවයි පියයි තීරණය කරනවා… පොඩි එකා පැය 24 x 7 ම වැඩ අම්මගෙයි තාත්තගෙයි සිහින සැබෑ කරන්න… වැඩ කිව්වට බලෙන් වැඩේ කරගන්නේ…. දවස් 7 ම… නිර්මාණශීලී අදහසක් හිතන්න කාලයක් නෑ… තනිකරම හිත් පිත් නැති යන්ත්‍රයක් වෙනවා… එහෙමයි අමනුස්සකම නිර්මාණය වෙන්නේ… අන්තිමට කිසිම මනුස්සයෙක් ගැන නොසිතන, සොබාදහම ගැන නොහිතන යන්ත්‍රයක් හැදෙනවා… ඒ යන්ත්‍රය තව යන්ත්‍ර පැටව් ගහනවා… ලෝක තරාදියේ යන්ත්‍ර පැත්ත මිනිසත්කම පැත්තට වඩා බරවෙලා අවසානයේ තරාදිය කඩා වැටෙනවා…දැනටමත් ජීවන නිපුණතා වගේ විෂයන් ඇවිල්ලා තියෙනවා මිනිසත්කම ගැන කතාකරන්න… හෙට අනිද්දට මේක තවත් හැල්මේ දුවන විෂයක්වෙලා වාණිජකරණයට ලක්වුණු තවත් විෂයක්මාලාවක් නැතිනම් කෙටියෙන්ම කිව්වොත් tution පවා ඇතිවියහැකි ප්‍රවණතාවයක් දකින්න හම්බවුණොත් මා පුදුම වෙන්නේ නෑ… දැනටමත් ඒ දේ වෙලාද කියන එක ගැන මම හරියටම දන්නෙත් නෑ…
ඉහත කිව්ව කාරණා දිහාම බැලුවම පේන එක දෙයක් තමයි දෙමව්පියන් තමන්ගේ සිහින වෙනුවෙන් ළමයා භාවිතාකරනවා කියන එකයි… කොටින්ම social status එක හදාගන්න ළමයා භාවිතා කරනවා කියන එක පැහැදිලියි…අපි නිකමට හිතමු අපේ කථා නායක ළමයා මාධ්‍යයක් ඉස්සරහ චිත්‍රයක් ඇඳල පළමුවෙනියා වුණා කියලා… අර අම්මට තාත්තාට ඊට වඩා දෙයක් නැතිවෙයි එහෙම වුණනම්… නමුත් වාර විභාගයකදී මේ ලබපු ජය වැදගත් නැහැ… මොකද ඒ??? වෙන කිසිම කාරණයක් නැහැ… වාර විභාගයකින් ලබපු ලකුණු 100 න් social status up වෙන්නේ නැහැ…අනික ඒ මදිවට social status up වෙන subject එකක් නෙමෙයි චිත්‍ර පාසලේදී… සෞන්දර්ය විෂයන්වලට අත්වෙලා තියෙන්නේ මේ පාසල් ක්‍රමයේ එහෙම තත්වයක්… ඒත් තරඟයෙන් ලබපු ජයෙන් ජනප්‍රිය වෙලා social status up වෙනවා… ඕක තමයි තිත්ත ඇත්ත…
ඒකයි මම කියන්නේ ඒක ආදරයට එහා ගිය සමාජ තලය උසස් කරගැනීමේ තණ්හාවක් කියලා… මම කියන්නේ නැහැ හැම අම්මා තාත්තෙක්ම මෙහෙමයි කියලා… එහෙම කිව්වොත් මම අසාධාරණයි… නමුත් මේ social status up කරන්න ගිහිල්ලම දරුවන්ගේ ජීවිත් විනාශ කරපු අම්මලා තාත්තලා ඉන්නවා… ඒක බොරුවක් නෙමෙයි…
ඒ නිසාම දරුවාගේ උත්පත්තියෙන් ආපු සහජ දක්ෂ්තා ඔපමට්ටම් වෙන්නේ නැහැ… ජනප්‍රියත්වය කියන බැලුම් බෝලය උඩ ගිහිල්ලා හිල් වුණ දාට වැටෙන තැනක් හොයාගන්න බැරිවෙනවා… ඒක දරුවාගේ කරුමය වෙනවා… දරුවාට ආදරෙයි නම් දක්ෂතා ඔපමට්ට්ම කරන්න අවශ්‍ය ශිල්ප ඥණය ලබාදෙන්න… ඒකට පොඩි එකාගේ පොඩි කාලේ කාබාසිනියා කරන්න එපා… ඉස්සර ළමා පිටියෙන් බිහිවුණු ගායක ගායිකාවෝ අදටත් ක්ෂේත්‍රයේ ඉන්නවා… ඒ අය ජනප්‍රියයි… මගේ මතය නම දරුවන්ට කෙටි ක්‍රම කියලා දෙන්න එපා ජනප්‍රියත්වය වගේ දෙයක් ලබන්න ඕනි කුණුගොඩක් කරලා… පැවැත්මක් නැහැ… ඊට වඩා මහන්සියෙන් ලබාගන්න ජයක අගය කියලා දෙන්න… දීර්ඝ කාලයක් බැබලේවී… වැටෙද්දී අල්ලගන්න…නැගිට්ටවන්න… ඒ පිනම ඇති අම්මේ තාත්තේ ඔබට බුදු වෙන්න…
මම බලපු video වල හිටපු රෞද්‍රමල් කැකුළු නිර්මාණය කලේ කවුද… උන් බඩින් එද්දිම මේ හරුප කියාගෙන අවාද… නැහැ… මේ අපේ සමාජයේ නිර්මාණ… අපිම තමයි නිර්මාණකරුවෝ… “සිඟිති පාතාලේ හිස ඔසවයි” ජනප්‍රියම වදන… කණ්නාඩිය ඉස්සරහට යන්න… සිඟිති පාතාලේ සාඩම්බර නිර්මාණකරුවෝ බලාගන්න පුලුවන්…ඒ වගේම බොළඳ පුහු දෙබස් දොඩවන දරුවන් ඉන්නවා… මේ කාගේ නිර්මාණද… මේ අපේම නිර්මාණ… මොකද වැඩිහිට අපි පෙන්නලා දීලා තියෙනවා කුණු market කරන එක ලේසි හා profitable විත්තිය අපේ බාල පරම්පරාවට… ඕක තමයි ඇත්ත…
උදේ ඉඳන් රෑ වෙනකන් රූප පෙට්ටියේ යන ටෙලි නාට්‍ය, චිත්‍රපටි බලන්න… music video, වෙළඳ දැන්වීම් බලන්න… බොහෝවිට දකින්නේ මනස විකෘති කරන ක්‍රෝධය, වෛරය වපුරන දේවල්… ගීතයක් හෝ music video එකක් ඇහුවොත් නැත්නම් බැලුවොත් තියෙන්නේ ප්‍රේමයෙන් පැරදී මියයාමක් හරි, කෙල්ල හෝ කොල්ලා මරාදමන දර්ශනයක් හරි, ප්‍රේමයට වෛරකරමින් කාලය කාබාසිනියා කරපු සිද්ධියක් බොහෝවිට…සුලභ දෘෂ්ටි අගතියෙන් පෙළෙන බාල පරම්පරාවක් ඔවුන් නිර්මාණය කරනවා ratings ලබා ගැනීමේ කෑදර අරමුණින්… හාස්‍ය තියෙන්නේ ඒ දේවල් වපුරන මාධ්‍යයම ළමා මානසික සෞඛ්‍ය ගැන උදේට විද්වත් මණ්ඩලයක් සමඟ සාකච්ඡා කිරීමයි… ඒ විද්වත් මණ්ඩලය හ්ම් සද්දයක් නැහැ…. අපි හැමෝටම මතක තියාගන්න දෙයක් තියෙනවා… අපි මිනිස්සුන්ගෙන් ජීවත් වෙන මිනිස්සු… නිදහස් අධ්‍යාපනයේ ඉඳන්ම, නිදහස් සෞඛ්‍යයේ ඉඳන්ම, ඔබ මා ගමන්ගන්නා තාර පාරේ පවා තියෙන්නේ පැල්පතේ ඉඳන් සිටු මැදුර දක්වාම මිනිසුන්ගේ දහඩිය සුවඳයි… ඒ නිසා මිනිසා පරිස්සම් කරගැනීම අපි කාගෙත් වගකීමයි… ඒ වගකීම හමුවේ නිහඬව සිටීම මිනිස්කමටත් කරන නිග්‍රහයක්…
තව දෙයක් කියන්න හිතුණා පරම්පරා ඝට්ටනය ගැනත්… සමහර අපේ බාල පරම්පරාවේ උදවිය ලබාදෙන නිර්මාණ ගැන අපේ වැඩිහිටි පරම්පරාව දක්වන සැලකිල්ල හරිම අඩුයි…බාල පරම්පරාවේ හොඳ දේවල් වපර ඇහින් බැලීම හරි සුලබයි…. ගී පද රචනාවක් ලබාදුන්නොත් ඒකේ වචනයක් වත් නොකියවා අහක දාන අවස්ථා එමටයි… ඉතින් අර නිර්මාණකරුවොත් කුණු marketing වල බිල්ලක් වෙනවා පස්සේ කාලේක… කථාව ඔයිට වඩා වෙනස් වෙන්න තිබුණා විනාඩියක් දෙකක් අරන් නිර්මාණය කියෙව්වානම්… මේ නිසා අපිට නැතිවුණු අග්‍රගණ්‍ය නිර්මාණ බොහෝ ඇති.. මම වැඩිහිටි පරම්පරාවට ආරධනා කරනවා ඉඩක් දෙන්න මේ බාල පරම්පරාවට…
කුණු marketing කරලා තමාගේ ගතමනාව හොයාගන්න මුදලාලි මහත්ම මහත්මීන් මේ සමාජයේ ජීවත්වෙනවා… ධන බලය, නිල බලය, දේශපාලනික සම්බන්ධතා වලින් පොහොසත් මේ උදවිය රටේ අනාගතය කාබාසිනියා කරනවා… ඇත්තම කිව්වොත් පොඩි උන්ගේ මනස විකෘතිකරලා, උන්ගේ ශක්තිය හීනමාන කරල ජීවත් වෙනවා… අර videoවල දැක්කේ එහෙම දෙයක්… ඒ තමයි විනාශය…කාලාන්තරයක් තිස්සේ අපේ කොන්දක් නැති දේශපාලකයින්, ඕනි දෙයකට එහෙයි කියන වැඩිහිටි සමාජය, කුණුම පමණක් ජීවිකාවකරගත් මාධ්‍යය වපුරපු බීජ… දැන් ඒවා වැඩිලා මහ තුරු ලතාවෙලා… ඒ වැල් යන්නේ අයාලේ…මැස්සක් බඳින්නයි සිද්ධවෙලා තියෙන්නේ නිවැරදි දිශානතියට ගන්න… ඒක ලේසි වැඩක් නෙමෙයි…
මැතිවරණ සංදර්ශනවල දරුවෝ වඩාගත්තට වැඩක් නැහැ මේ දරුවන් විනාශකරන මිනිසුන්ට ආවඩන ගමන්… මට හිනායන කාරණයක් තියෙනවා… මගේ පාසල් ජීවිතයේ විවිධ කටයුතු සඳහා දේශපාලකයින් සහභාගී වුණු අවස්ථා තිබුණා… සමහරු පාසලේම ආදිශිෂ්‍යයෝ… මේ අය දරුවන්ගේ උත්සවවලට ඇවිදින් කතාකලේ දේශපාලනය… පොඩි උන්ට සර්වජන ඡන්ද බලය තියෙනවද? එවන් සභාවල කතාකලයුත්තේ ආදර්ශමත් කතාවක්… දරුවන්ට දැනෙන කතාවක්… දේශපාලනික මහප්‍රාණ වැඩක් නෑ… වැඩිහිටි පරම්පරාවෙන් සමාජගත වෙන්න ඕනි ආදර්ශ මිසක් අපුල ජුගුප්සාජනක අදහස් නෙමෙයි…
ළමයි කියන්නේ තමන්ගේ social status up කරන්න දෙවියෝ දුන්නු තිළිණයක් නෙමෙයි… ලිංගික ගණුදෙනුවකින් ශුක්‍රාණුවක් හා ඩිමබයක් සංසේචනය වෙලා ගැහැණියකගේ ගර්භාෂයේ දස මසක් වැඩිලා මෙලොව එලිය දකින දරුවා හයක් හතරක් දන්නේ නෑ… පොඩි එකා ඉගෙනගන්නේ වැඩිහිටි අපෙන්… ඒ නිසා පොඩි උන්ට ගහලවත් බැනලවත් වැඩක් නැහැ උන්ගේ මදාවි වැඩවලට… ළමුන් අතර බෙදීම, ක්‍රෝධය ඇතිකරල තියෙන්නෙත් වැඩිහිට් පරම්පරාවයි… Ratrace එකේ හැල්මේ දුවන්න දරුවන්ට පුරුදු කලේ අපි…හැමදෙයකටම තරඟයක් නිර්මාණය කලේ අපිමයි…
ඇත්ත ආර්ථික විද්‍යාවට අනුව මිනිසාට incentive එකක් තියෙන්න ඕනි යමක් කරන්න… පොඩි එකත් මනුස්සයෙක් නිසා incentive එකක් දුන්නාට වරදක් නැහැ… නමුත් incentive එක දෙන්න ඕනි පොඩි එකාගේ හීනවලට පාර කපන හරි දේ කරන්න මිසක් කුණු ගොඩකට එකතුවෙන්න නෙමෙයි… එහෙම එකක් නුදුන්නාම තමයි secondary camera එක on කරලා මදාවී අදහස් වයසට නොගැලපෙන්න දාලා සමාජ පිලිලයක් විදිහට කල එලි බහින්නේ… ළමයාට තියෙන්න ඕනි ප්‍රශ්න අහලා උත්තර සොයන නිර්මාණශීලීව හිතන මනසක්… නැතුව God Father මනසක් නෙමෙයි… ඒ මනසට අවශ්‍ය වාතාවරණය හදලා දෙන්න ඕනි වැඩිහිට් පරම්පරාවයි… ඒ අයත් “අලි බබාල” වුණාම වෙන්නේ මේ වගේ “මැරහොරු” බාල පරම්පරාවක් නිර්මාණය වීමයි…මේ කථාව ලියැවෙන විදිහ වෙනස් කරන්න පුළුවන් අපිටමයි… රටේ අනාගතය සුරක්ෂිත කරන්න මේ තීරණය අපි ගතයුතුමයි…
අවසානයේ මෙසේ ලියා තබමි…
ලාභයම මූලිකවූ සමාජ රාමුවක් තුළ…
දරුවාද වෙළඳ භාණ්ඩයක් වුවහොත් දිගින් දිගටම…
දිනෙක මාවතකදී නෝට්ටු හා කාසි වෙනුවෙන් කිනිස්සකින් ඔබෙ ගෙල සිඳෙනු ඇත්තේ…
“අලි බබා හැදූ මැරහොරෙකු”
අතින්ම බවයි.
තිරිසෙනෙකි නුඹනම්…
දුහුල් සළු තිර… ළැමෙන් මුදවා…
නිරුවත් නාරිය… තලා රස විඳිනා…
කුමරි බඹසර…. ගොදුරුකරගත් මිනිසා….
නුඹෙන් අසන්නෙමි.. නුඹ උපන්නේ…
මව් කුසයේද කියා…
මව් කුසයේද කියා…
රාගයෙන් නුඹ වියරුව ඉද්දී…
ඇගේ කෙඳිරිලි… වේදනා හඬ ඇසුණානම්…
එයයි නුඹෙ මව… වින්ද වේදනා…
නුඹ උපන්දා…
තිඹිරිගෙයි සයනේ…
මලක් සේ ඇය තලා පොඩි කර…
තෘප්තිමත් කය… උදම්ව උන්නානම්…
කෙළ පිඬක් වන්… නුඹේ පිරිමිකම…
නුඹ නොදන්නෙද…
තිරිසෙනෙකි නුඹනම්…
පබැඳුම: ගිහාන් ජයවර්ධන
වෙළඳාම තළුමරමින්…. කලාව ගිලියි….
හැම මනුස්සයෙකුටම කලා කෘතියක් රස විඳින්න පුලුවන්
පහුගිය දවස්වල බොහොම අවිවේකී සමයක් ගතකරපු මට යන්තම් හුස්මක් කටක් ගන්න දැන් ඉඩ ලැබුණා…. කාලෙකින් ඔබ සියළුදෙනාම ආමන්ත්‍රණය කරන්න නොලැබුණ එක ගැන සමාව අයැද සිටිනවා සියල්ලන්ගෙන්ම…. මම මඟේ ලිපිවල ලියනවා වගේම මේක business marketing ලෝකයක්…. ඒහින්දා ඒ race එක දිගේ මටත් දුවන්න සිද්ධවෙලා තියෙනවා හති වැටෙනකන්ම මං කැමතිවුනත් අකමැතිවුනත් …. ඒ structure එක දැන් වෙනස්කරනවා බොරු මේ මනුෂ්‍ය ලෝකයේ…
ඇත්තටම පහුගියකාලේ මං නිශ්ශබ්දව හිටියට මං ඔබ වෙනුවෙන් ලියන්න යමක් හොයමින් හිටියේ දිගටම…. ඒ කාල සමයේ ඇතිවුණු සිද්ධීන් මගේ කෙටි blog ඉතිහාසය තුල මං මුද්‍රිත අකුරුවලට හරවල තිබුණේ කලින්ම… ඒ නිසා නැවත නැවත ඒවාම ලියන එක එහෙමත් නැතිනම් keyboard එකේ කොටන එක හරි නෑ වගේ මට හිතුණා…. මගේ අරමුණ ඔබට සමාජයේ මා දකින විවිධ කාරණා සම්බන්ධයෙන් මා දකින කෝණය ඉදිරිපත් කිරීමයි…. ඒ නිසා හැමවිටම් ඔබට මට සංවේදීවන අලුත්ම අලුත් මාතෘකාවක් තෝරාගැනීමයි මගේ අරමුණ… ඒ නිසා මගේ ලිපි දෙකක් අතර කාලය සෑහෙන්න දිගු වෙන්න පුලුවන්…. ඒ ගැන මා නැවතත් සමාව ඇයද සිටිනවා මගේ පාඨකයන්ගෙන්…..
ඉතින් කලින් කිව්වා වගේ යන්තම් busy schedule එකෙන් ඈත්වෙලා හුස්මක් කටක් ගන්න ලැබුණ වෙලාවේ මට හිතුනා කලාව පැත්තට ටිකක් නැඹුරු වෙන්න…. මොකද ලෝකේ මොන වස්තු බීජ තිබ්බත් වැඩක් නෑ මනුස්සයෙක් කලාවට ටිකක් හරි නැඹුරු වුණේ නැතිනම්…. මොකද මනුස්සයෙක්ට යමක් විඳින්න මොනව හරි දෙයක් තියෙනවනම් ඒ තියෙන්නේ කලාවේ ඇතුලේ…. එයින් ලැබෙන සැනසීම, සිත් පහන් කිරීම වෙන කිසිම දේකට ඉටු කරන්න අමාරුයි…. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයට කලාවෙන් ඉටුවෙන සේවය ඉමහත්…. හැම රජෙක්ම මනුස්සයෙක් වුනත් හැම මනුස්සයෙක්ම රජෙක් නෙමෙයි වගේම තමයි හැම කලාකාරයෙක්ම මනුස්සයෙක් වුණත් හැම මනුස්සයෙක්ම කලාකාරයෙක් නෙමෙයි…. ඒත් හැම මනුස්සයෙකුටම කලා කෘතියක් රස විඳින්න පුලුවන්…. ඒක තමයි කලාවේ තියෙන අරුමය… රටේ උසස්ම තන්තුරුවල ඉඳලා අලුත ඉපදුනු බිළිඳෙකු දක්වාම මේ කාරණය සත්‍යයක්… අලුත්ම පර්යේෂණවලින් හොයන් තියෙන විදිහට මව් කුස තුළ ඇති කළලය පවා කලාවට බොහොම ලැදියාවක් දක්වනවා….
ඔන්න ඉතින් මමත් මගේ හෙම්බත් වෙච්චි මනසට විවේකයක් දෙන්න කියලා අම්මගේ radio එක tune කර කර සිංදු අහන්න ගත්තා… අප්පා!!! නානා ප්‍රකාර විදිහේ සිංදු ලංකාවේ තියෙනවා….. නානා ප්‍රකාර විදිහේ වගේම තමයි ඒ සිංදු නාගෙන තියෙන තරම දැක්කාම මගේ අර හෙමබත් වෙච්චි මනස තවත් හෙම්බත්වුණාද මන්දා…. ඒවට සිංදු කියනවාද???? එහෙමත් නැත්නම් පුවත් සිරස්තල කියනවාද???? එහෙමත් නැත්නම් පොඩි උන් ලියපු රචනාවක්ද කියන්නද???? කියලා මට හිතෙන්න පටන්ගත්තා… ඒත් පොඩි උනුත් අවංකවම ඊට වඩා ලස්සනට රචනා ලියනවා…. ඔය කඩල දෙන කඩල ගොටු වලත් මේ සිංදු කියලා ලේබල් ගහලා තියෙන “නිර්මාණ” වලට වඩා හොඳ නිර්මාණ අම්මපා මං දැකලා තියෙනවා….
මේක මේ පද රචනයේ විතරක් නෙමෙයි කටහඬවල්වලත් තියෙන ප්‍රශ්ණයක්…. තනුවලත් තියෙන ප්‍රශ්ණයක්… සමහර විරහ ගීතවල තියෙන තනු අඟර දඟර පාලා නටන්න තරම් පට්ටයි…. අම්මපා සතුට ගලාහැලෙන පදරචනාවලත් නැති තරම් dance කරන්න හොඳ beats තියෙනවා ඒවා වල!!!!… මගේ දැනීම හැටියට ගීයකට තනුවක් දාද්දී ඒ ගීතයේ හැඟීම හා ඒ ගීතයේ නිධන්ගතවෙලා තියෙන කාරණය ගැන සිතිය යුතුය… සමහරවිට මේ business ලෝකයේ ඒ හැඟීමවලට ප්‍රතිචාර දක්වන විදිහත් modify වෙලාද දන්නේ නෑ!!!! ….
ඒවගේම තමයි කටහඬවල්!!!!…. සමහරු ගිරිය පුප්පන් කෑගහනවා… සමහරු කොඳුරනවා…. සමහරු සිංදු කියනවා නෙමෙයි news කියවනවා…. සමහරු කම්මල්වල යකඩ තලන ශබ්දෙන් ගීත කියන්න ට්‍රයි කරනවා… ශ්‍රැති කොහෙවත්, තාල කොහේවත්…. අපේ අල්ලපු ගෙදර ඉන්න පොඩි එකා ඊට වඩා ශ්‍රැතියට,තාලයට කියනවා “හා හා හරි හාවා”…. ඒවුණාට මේවා hit සිංදු…. හැම chart එකකම ඉහලින්ම වැජඹෙන ගීත…. …. ඒවට ගොඩක් TV,Radioවල ඉන්න නිවේදක නිවේදිකාවෝ කියන්නේ “talents” කියලනේ…. සමහර විදිහට ඒ ගොල්ලොත් අර ගිරව් වගේ මෙලෝ රහක් නැතිව කියවන එකම කරන නිසා ඒක කියනවා ඇති… මට මතක් වෙනවා එච්.ආර්.ජොතිපාලයාණන් ගයනා කල “නුග රුකක් වෙමින්”ගීතයේ line එකක්… “අරුත්සුන් වදන් දොඩවන… ගිරව් දොඩමළු”… හැබෑට ඒක මේ වෙනුවෙන් ම ලියැවුනු පද පේලියක් තමයි කියලා හිතෙන්නේ!!!!…. මොකද ඒ අයම දන්නේ නෑ ඒ අය කියන්නේ මොකද්ද කියලා… ඒත් ඒවා පට්ට talents කියල තමයි ලංකාවේ පිළිගැනීම… හැබයි ඉතින් අපිට අහන් ඉන්න තමයි අමාරු…. සමහරවිට ඒ talents සැර වැඩි ඇති අපේ කන්බෙරවලට!!!!….
දැන් මේ දේත් කියන්න ඕනි…. අලුත් නිර්මාණ හැම එකක්ම මෙහෙම නෑ…. කුහක විදිහට මේ ලිපිය ලියන්න මට උවමනාවක් නෑ…. ගොඩක් හොඳ අලුත් නිර්මාණකරුවන් කරලා තියෙනවා… නමුත් අවාසනාවට ඒ නිර්මාණවලටත් නිසි තැනක් මාධ්‍යවලින් ලැබෙන්නේ නෑ අසන්නන් බහුතරයකට අසා ඉන්න බැරි Tv, Radio presentersලට විතරක් පට්ට talents වෙච්චි නිර්මාණ නිසා…. බොරු කියන්න අවශ්‍ය නෑ… නූතන පරපුරේ හොඳ ගායක ගායිකාවන් බොහොමයක් ඉන්නවා…. ඒ අය අතින් බිහිවුණු ගුණාත්මක නිර්මාණ ගොඩක් තියෙනවා…. නමුත් ඒවට තියෙන මඟ ඇහිරලා තියෙන්නෙත් ඉහත කීව නිර්මාණ නිසයි…
මා සංගීතය සම්බන්ධ විශාරදයෙකු නොවෙයි…. නමුත් මා දන්න කරුණු කීපයක් මේ ලිපිය හරවත් කිරිමට ඉදිරිපත් කරන්නට කැමතියි…. මූලික වශයෙන් මිනිස් කටහඬ ranges 4කට බටහිර සංගීතයේ බෙදා වෙන්කරනවා…. ඒවා තමයි Soprano, Alto, Tenor සහ Bass කියන හතර…. ඒ අතරේ තව Baritone වගේ ranges තියෙනවා… සාමාන්‍යයෙන් මේ මූලික කටහඬවල් අතරේ තම්යි සිංදුවක් දෝලනය වන්නේ…. ඇත්ත… හැමෝටම් මේ හැම range එකේම ගායනා කරන්න බැහැ…. නමුත් ගායකයෙක් වීමට අවම වශයෙන් මේකේ අනුයාත ranges දෙකක වත් ගායනාකරන්න හැකිවිය යුතුයි… නමුත් අවාසනාවට අද ලංකාවේ ඇහෙන බොහෝමයක් ගීතවල ඉන්න බොහෝමයක් ගායක ගායිකාවන්ට අවම වශයෙන් එක range එකක්වත් හරිහැටි ගායනා කරගන්න බැහැ….
ගීතයක් කියන්නේ ශ්‍රවණයෙන් මිනිසෙකු තෘප්තිමත් කලයුතු දෙයක්…. නමුත් අද ගීතය කියන්නේ ඇස් පිනවන දෙයක් වෙලා…. මොකද බොහොමයක් ගායක ගායිකාවන් සැලකිලිමත්වන්නේ රූපරචනයට එහෙමත් නැතිනම් music video එකට… ඒක සාර්ථක කරගන්න නොකරන දෙයක් නෑ… cheese,noodles,tofee,choclate,lolipop කාවී…. පැණි බීම,cofee බොයි…. Shoes, New fashion ගනියි…. Bank කාඩ් උසසන් නටාවී…. Brand new vehicles එලවාවී…. ඇහැට නම් හරි සුන්දරයි…. කනටත් මිහිරිවුනාණම් පට්ටයි…. ඒත් අවාසනාවට ඒක එහෙම වෙන්නේ නැහැ… හැබැයි කට්ටියට හොඳ වැඩක් කරන්න පුළුවන් ඕනිනම්…. TV එකේ සද්දේ mute කරගෙන රූප ටික බලන් ඉන්න පුලුවන්…. රඟපෑම උපරිමයි!!!!…. අම්මපා!!! අද නළු නිළියෝ කියලා රඟපාන අයට වඩානම් රංගනය උසස්… මගේ අදහස මේ අය වෙනුවෙනුත් සම්මාන උළෙලක් අරඹන්න ඕනි…. හැබැයි ගායනය වෙනුවෙන් නෙමෙයි…. රූප රචනයේ රඟපෑම් වෙනුවෙන්!!!!!…. Stage වලට නැග්ගාම හති වැටෙනකන් නටනවා මිසක් කරන ගායනයක් නෑ…. ඒකට කියන්නේ Performing ලු…. අනේමන්දා ගායකයාගේ කටහඬ ඇහෙන්නෙ නැත්නම් ඒ එක Dance Performance ද දන්නේ නෑ!!!!….
අතීතයේ ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට තිබුනා…. ඒ කාල සමය තමයි බොහොදෙනෙක් හඳුන්වන්නේ ලංකාවේ ගීත ඉතිහාසයේ ස්වර්ණමය යුගය විදිහට…. ඒ කාල සමයේ නිර්මාණය වූ ගීතවල රසය තාමත් එලෙසම පවතිනවා…. අනික ඒ ගීත හුදෙක් ජනතාව අතරට ගියේ සංගීතය, පද රචනය හා ගායනය කියන ගීතයේ මූලිකාංග තුන උපයෝගී කරගෙන මිසක් අමතර කාරණයක් වුන රූප රචනය හා වෙලඳ දැන්වීම සංගීතය හරහා නොවෙයි….
ඒ කාලයේ හින්දි තනුවලට ගීත ලිවීම බොහොම විදිහට විවේචනය කර තිබුනා… නමුත් මටනම් අවංකවම ඒ පද රචනා නූතනයේ නිර්මාණය වන බොහෝ ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා ඉහළයි… එහෙම තනුවකට ගීතයක් අර්ථවත් ලෙස ලිවීම හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි…..විශේෂයෙන්ම ගීතමය වචන යොදාගෙන ලියන එක… ඇත්තටම ඒවා තමයි talents….
ගීතයක් නිර්මාණය වියයුත්තේ හුදෙක් ringing tone හෝ වෙළඳ දැන්වීම සඳහාම පමණක් නොවිය යුතුයි…. හුදෙක් ව්‍යාපාර මානසිකත්වයකින්ම ගීත නිර්මාණය කල නොයුතුයි…. ඇත්ත අද බොහෝදෙනෙක් තමන්ගේ වෘත්තිය ලෙස සංගීතයේ නිරතවෙනවා…. ඒ නිසා මුදල් අවශ්‍යයයි… නමුත් මෙසේ සිතන්න…. ඔබ යනවා කාර්යාලයකට වැඩක් කරගන්න… එතන ඉන්නවා මහ කම්මැලි, ඔබව මුලාවේ දමන සේවකයෙක්…. ඔබ රස්තියාදුවෙනවා ඔහු නිසා සෑහෙන්න…. නමුත් අදාළ ආයතනය එය දන්නේ නෑ… මාසේ අන්තිමට ඔහු සේවය නිසි පරිදි ඉටු කල සේවකයෙක් ලෙස තමන්ගේ වේතනය අරන් ගෙදර යනවා කිසිදු ලැජ්ජාවක් නැතිව…. ඔබේ නිර්මාණ හුදෙක් market එකටම නිර්මාණය වන්නේනම් ඔබ මුලාකරන්නේ සමස්ත ලක්වැසියාමයි… ඔබට මුදල් ලැබේවී market එකෙන් සහ අනුග්‍රහවලින්… Market එක target නිසා ඕනෑ තරම් මාධ්‍ය ආයතනත් සිංදුව කරයි…. නමුත් ඔබ සමාජයට හෝ කලාවට් කිසිදු දෙයක් කර නැත….. ඔබද කර ඇත්තේ අර සේවකයාසේම ලැජ්ජා නැතුව සමාජයට සේවයක් නොකර සමාජයෙන් සල්ලි ගරාගැනීමක් පමණි!!!…. ඕවා සිහිපත්වන්නේ තරුණ කාලයේදී නොව හැරමිටියෙන් යන කාලයටය!!!!…. එදාට ඒ වැරද්ද හදාගන්න ඔබට වෙලාව නැතිවේවී…. එහෙම වෙළඳාම වෙනුවෙන්ම නිර්මාණකරණයේ යෙදේනම් ඔබ කලාවට ආදරේ මනුස්සයෙක්ද නොවේ….
ගායනයෙන් අපි යමු රංගනයට….. ඒකෙත් කියන්න දෙයක් නෑ…. ටෙලි වීකශනයෙන් බහුතර කාලයක් අරක් අරන් ඉන්නේ Mega නාටය කියාගත්තු ඒවා යි,ඒවාට අනුග්‍රහය දක්වන වෙළඳ භවතුන්ගේ වෙළඳ දැන්වීමුයි විතරයි….. හරියට කැලෑවල ගස්වලට අරක්ගත්ත වෘක්ෂ දේවතාවන් වගේ…. අන්තිමට නාට්‍යයෙන් ගන්න දෙයක් නෑ ජීවිතයට…. අපි පැය ගණන් නාසති කරලා තියෙන්නේ TV advertisements බලන්න විතරයි…. පෙර පාසල්වල ළමයිනුත් මීට වඩා හොඳ නාට්‍ය පෙර පාසවල්වල ප්‍රසංගවල රඟපානවා…. මං හිතන්නේ මේ mega නාට්‍ය සංස්කෘතියේ ඉන්න උදවිය වෙලාවක් තියෙන වෙලාවකට පෙර පාසවල්වල ප්‍රසංග බලන්න යනවනම් හොඳයි…. මොකද ඒ පොඩි උන් හොඳ තේමාවල් තෝරාගෙන හොඳට රඟපානවා mega නාට්‍යවලට වඩා ….
සිනමාව ගැන කතාකරනවනම් දැන් තියෙන්නේ ඉතිහාසය විකුණන් කන කාලයක්… ඉතිහාසය නිරවද්‍ය ලෙස සිනමාවට නඟනවානම් ඒකේ වරදක් නෑ…. නමුත් ලංකාවේ ඒ විදිහට ඉතිහාසය තේමා කරගෙන ගොඩනඟන සිනමා කෘතිවල තිබෙන අතාත්විකභාවය මැනවින් පිලිබිඹු වෙනවා…. සිනමා අධ්‍යක්ෂකවරයාට නළු නිලියන් හසුරුවගන්න තිබෙන නොහැකියාවයි කැපී පෙනෙන්නේ… මොකද මේ ඉතිහාස කතාවෘතාන්ත වල රඟපාන බොහොමයක් නළු නිළියන් සීමාව ඉක්මවා යමින් රංගනයේ යෙදෙන්න උත්සහකරන්නේ බොහෝවිට…. මේ දේ හැම සිනමා පටයකම මා දකින දෙයක්…. එවිට ගිලිහෙන්නේ සිනමාවේ තාත්විකභාවයයි…. එවිට එය නරඹන්නන්ට සංවේදී වන තීව්‍රතාවය අඩුයි…. එමෙන්ම ටෙලිනාට්ය වේවා, සිනමා වේවා නළු නිළියන් තෝරාගැනීම ලංකාවේ අධ්‍යක්ෂවරුන්ගේ බොහොම දුර්වලයි… ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න අධ්‍යක්ෂවරු තමන්ගේ නිර්මාණ සඳහා යොදාගන්නේ ඒ කාල සමයේ වඩා කතාබහට ඇතිවූ යුවළක් නැතිනම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක්… සමහරවිට ඒ අදාල රංගන ශිල්පියා හෝ ශිල්පිණිය කොතරම් දක්ෂවූවත් ඔවුන්ගේ රංගන පරාසය විදහා දැක්වීමට ඔවුන්ට ලැබෙන චරිතය ප්‍රමාණවත් නෑ…. වර්තමානයේ රංගන කර්තව්‍යයකට නළුවෙක් හෝ නිළියක් තෝරාගන්නේ අදාල සිත්තම විකාශනය වන මාධ්‍ය ආයතනයට හෝ ප්‍රධාන අනුග්‍රහක භවතාට අවැසි පරිදියි… ඒ නිසා අධ්‍යක්ෂකවරයාට තමන්ට අවැසි පරිදි නිර්මාණය කරගන්න බැරි එක එක අතකින් පුදුමයකට කාරණයක් නෙමෙයි…..
මිලියන ගණන් වියදම් කර තැනූ රන්මිණි තැන්න ටෙලි ගම්මානයෙන් අපේ නාට්‍යකරුවන් නිවැරදි ප්‍රයොජනයක් ගන්නවාද????… ඒ පිළිබඳවනම් සැකයක් තියෙනවා… ගුණාත්මක නිර්මාණ බිහිවීම බොහොම අඩුයි…. රසිකයන් විදේශයන්ගෙන් ගෙන්වා සිංහලෙන් හඬ කැවූ නිර්මාණවලට නැඹුරුවීම අරුමයක් නෙමෙයි…. ඒ නිර්මාණවල ඇති තාත්විකභාවය,රංගන ශිල්පී ශිල්පීනියන්ගේ රංගන දක්ෂතාවය, අධ්‍යක්ෂවරුන්ට නළු නිළියන් හැසිරවීමට ඇති දක්ෂතාවය ඊට ඇති මූලික හේතුයි…. ඔවුන්ගෙන් අපට ඉගෙනගත හැකි දේ බොහොමයි….
ලංකාවේ ඉහළගණයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටිනවා… ඒ ගැන කිසිදු අවිවාදයක් නෑ… නමුත් සමහර ශිල්පීන් හා ශිල්පිනියන් සිතා සිටින්නේ මුණට makeup ටිකක් උලාගත්තාම එහෙමත් නැත්නම් excercise කරලා අයෝමය ශරීරයක් හදාගත්තාම ඒ තමයි මූලික සුදුසුකම කියලා…. නමුත් මේ අයගේ හැඟීම් ප්‍රකාශනය පොඩි කාලේ පොඩි එකෙක් බඩගිනිවී කිරි ඉල්ලා හඬනවාට වඩා දුර්වලයි…. ඉතින් මේ අය ප්‍රතිභාසම්පන්න යයි හැඳින්විය හැකිද???? රෑට sunglass දාල වාහන එලෙව්ව පලියට මිනිස්සුන්ගේ හිත් තුළ එවැනි ගරුත්වයක් ලබාගන්න බැහැ….
Mega නාට්‍යයකින් ඉගෙනගත හැකි දෙයක් නැත…. අවම වශයෙන් සමාජයේ දැවෙන ගැටලුවක් පිළිබඳව පුළුල් විචාරනයක්වත් කරන්නට Mega නාට්‍යකරුවා අසමත්වී ඇත…. Mega නාට්‍ය පසුපස ඇත්තේ සුකිරි බටිල්ලෝ වැනි තමන්ට හිතවත් නළු නිළියන්ට රූපවාහිනියේ සතිය පුරාම තමන්ගේ මුහුණත් තහඩුව ප්‍රදර්ශන්ය කිරීමට් ඉඩ සලසා දීමත්, Media එකට නාට්‍ය sale කර අනුග්‍රහක භවතාගේ මනදොළ සංසිඳුවා සල්ලි ගරාගැනීමත් පමණි….
දැන් පිවිසෙමු නර්තනය දිහාවට…. අද ලංකාවේ සිටින නර්තන කණ්ඩායම් බොහොමායක් ස්ත්‍රීන්ගේ ශරීර අංග ලක්ෂණ නර්තනයට වඩා ඉස්මතු කරන්න උත්සහකරන්නේ… විශේෂයෙන්ම එළිමහන් සංගීත ප්‍රසංගවල මේ තත්වය මැනවින් දකින්න ලැබෙනවා… අවිවාදයක් නෑ ස්ත්‍රී දේහය පිරිම දේහයකට වඩා ලාලිත්‍යයෙන් පිරිපුන්…. එමෙන්ම ස්ත්‍රියක් නර්තනයේ යෙදෙනවිට පිරිමියෙකුට වඩා නෙතට රසඳුනක්…. නමුත් නර්තනය යනු කාමුකත්වය නෙමෙයි….
නාඹර කෙල්ලෙකුගේ නාභිය දකින එකවත්, ලැම පෙදෙස දකින එකවත්, පිරිපුන් කලවා දකින එකවත් නෙමෙයි නර්තනයක් කියන්නේ… නර්තනය කියන්නේ ඊට වඩා අර්ථවත් දෙයක්…. නමුත් අවාසනවට මේ ලෝකයේ නර්තනයට වඩා මේ වගේ කාමුක ආශාවන් මිනිසුන්ගේ සන්තර්පණය කරන්න තමයි ගොඩක් දෙනෙක් උත්සහ කරන්නේ… නමුත් මේ දේවල් කරන්න කලින් මේ අය මතක් කරගත්තොත් හොදයි මේ දේත්… ඒ තමයි අපි කවුරුත් මේ ලෝකෙට එන්නේ අම්මගේ කුස තුල ඉදලා බවත්, ඒ අම්මාත් ගැහැණියක් බවත්….
නර්තනයේ විවිධ ශෛලියන් තියෙනවා… හැම ශෛලියක්ම නිවැරදි ලෙස අධ්‍යයනය කිරීම ගොඩක් හොඳයි… නමුත් ඊට වඩා වැදැගත් ගීතයකට නර්තනයක් නිර්මාණය කිරීමේදී ඒ ගීතයේ අදහස ඉස්මතුවන ලෙස නර්තනය නිර්මාණය කිරීම… නර්තනයේ දක්ෂතාවය හැටියට මා දකින්නේ එයයි…. නර්තනයක් සමීපවන්නේ නරඹන්නාට එවිටයි….
චිත්‍රකලාවේනම් යම් ප්‍රගමනයක් තවමත් ලංකාවේ දකින්න ලැබෙනවා… උසස් ගණයේ නිර්මාණ, ඒ නිර්මාණ සිදුකරන්නට නව චිත්‍ර ශිල්පීන දක්වන වෑය්යම අගය කළයුතු කාරණයක්…. බොහොම උසස් නිර්මාණ කරන්නට ඒ අයට හැකිවේවා යැයි මෙතන්දී ප්‍රාර්ථනා කරන්න කැමතියි… ඒ වගේම මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවූවහොත් මේ චිත්‍ර ශිල්පීන් ශිල්පිනියන්ට ජාත්‍යන්තරය පවා ජයගත හැකි බවට මගේ විශ්වාසයයි… මෙය ඒ තරමට දියුණු කල හැකි කලා මාධ්‍යයක්… ඒ තරමට දක්ෂයන් මේ පුංචි දිවයින තුළ අපේ ඉන්නවා!!!….
ඊළඟට සෘජුවම් සම්බන්ධ නැත්තත් නිවේදනය ගැන සලක බලමු…. ලංකාවේ ඉන්න බහුතර නිවේදක නිවේදිකාවන් ප්‍රමාණයක් විනාඩියකට කටින් පිටකරන වචන සංඛ්‍යාව තෝරන තරගයක් තිබ්බොත් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුනපාවී…. ඒ ජයග්‍රාහකයා කවුද කියන එක තොරන්න ගිහිල්ලා…. ඒ තරමට ඒ වැඩේට දක්ෂයි…. ඒත් ඒ ඉදිරිපත් කිරීම අර්තවත්ද???? ඒ අයවත් දන්නේ නැහැ ඒ අය කිව්වේ මොනවද කියලා…. ඉතින් අපිට ඒවා තේරේවිද එහෙනම්???? අන්තිම්ට හෑල්ලක් කිව්වට මොකෝ කාටවත් තේරෙන්නේ නෑ…
වරක් දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත්කරන අතරවාරයේ නිවෙස්වල සිටින් පොඩි දරුවන්ගෙන් ඉල්ලීමක් කලේය….
“පුතාලා, කඩදාසියක් අරන් ඇවිත් රූපවාහිනිය ඉස්සරහින් වාඩිවෙන්න”
ඉන් ටික වෙලාවකට පසුව ඔහු මෙසේ කීවේය….
“දැන් ඔය කඩදාසිය පුංචි කෑලිවට ඉරන්න”
ඉන් සුලු මොහොතකට පසු ඔහු මෙසේ කීවේය…
“දැන් ඔය කඩදාසි කෑලි ටික ඉන්න තැන විසිරුවා හරින්න”
ඉන් ටික වෙලාවකට පසු ඔහු පොඩි දරුවන්ට කියා දුන්නේ අපූරු පාඩමකි…
“දුවලා පුතාලා ඔය තමයි පරිසර දූෂණේ…. ඔය විදිහට ආයේ කවදාවත් පරිසර දූෂණය කරන්නෙපා”
මෙය කොතරම් අපූරු සංවාදයක්ද???? අවසානයේඔහු සමාජයට දුන්නේ අපූරු පණිවිඩියක්… මෙයයි ඉදිරිපත්කිරීම යැයි මා දකින්නේ… කටට එන හැම දේම වක්කඩේ කැඩුවාසේ කියවීම නෙමෙයි…. හරවත් ලෙස භාෂාව හැසිරීමයි… නමුත් අවංකව අද ඉන්නේ අරුත් සුන් වදන් පවසන ගිරව් වැනි නිවේදක නිවේදිකාවන්ය…. සමහරු අවමවශයෙන් වැඩිහිටියෙකුට වැදගත් පුද්ගලයෙකුට ගෞරව සම්පන්න ලෙස කතාකිරීමටද නොදනී…. ඒත් ඒව පට්ට “talents” ලෙස සමහරු දැකීම අභාග්‍යසම්පන්න දෙයකි…එමෙන්ම ලංකාවේ සිටින බොහොමයක් වැඩසටහන් ඉදිරිපත්කරන්නන් ඔවුන් ඉදිරිපත් කරන වස්තු බීජය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් නොකර බව ඔවුන් වැඩසටහන ඉදිරිපත්කරනවිට මනාව පැහදිලි වේ… ඒ අයට වඩා හොඳ දැනුමක් පාසල් යන පොඩි දරුවන්ට ඇත…
වර්තමානයේ ඇති Businness ලෝකය ඇතුලත අපිද market වන කලෙක කලාව market වීම අරුම පුදුම දෙයක් නොවේ…. නමුත් කලාවේ ගුණාත්මක භාවය මුදල් හමුවේ යටපත් නොවිය යුතුයි…. කලාවේ ප්‍රගමනයට් මුදල් අවශ්‍යයය… නමුත් ඒ වෙනුවෙන් කලාව විනාශකිරීම කිසි සේත් පිලිගත නොහැක…. මේ ලිපියේ තේමාවේ ඇති පරිදි වෙළඳාමට කලාව තළුමරා ගිලින්නට ඉඩ නොදිය යුතුය….. ඒ නිසා market එක ගැන පමණක් සිතා නිර්මාණ කිරීම කිසිසේත්ම කලාව ලෙස හැඳින්විය නොහැක…. එය business ය…. එලෙස නිර්මාණ කර ලැබෙන මුදල් ලැබෙන්නේදෙ සමාජයෙන් නිසා එක්තරා ආකරයක සමාජය මුලාකිරීමක් ලෙස මෙම තත්වය හඳුන්වා දිය හැක…. එලෙස ලබාගන්න මුදල හුදෙක් ලැබෙනුයේ ලැජ්ජා නැතිකමටය…. වෙන කුමකටවත් නොවේ…..
කොතරම් කලාවට විනකලද එලෙස විනකරන කලාකරුවා ( සත්‍ය කලාකරුවන් මෙම ගණයට අයත් නැත ) දේශපාලන වේදිකාවලට නම් ආභරණයකි… කලාවේ තමන්ගේ සේවය නිසි පරිදි ඉටු නොකලද ඡන්දය කාලයට දේශපාලන වේදිකාවලට ගොඩ වැදී උඩ පනිමින් එක් එක් පාටවලට ඡන්දය දෙන ලෙස ඉල්ලීම හස්‍යෝත්පාදක කාරණාවකි…. අපට ඔවුන්ගේ අදහස් පිලිගත හැකිද???? කලාකරුවා මුලින්ම තමන්ගේ නිර්මාණ හරහා රටට සේවයක් කළ යුතුයි… එවිට මේ ඉල්ලීමේ පදනමක් ඇත… නමුත් ලංකාවේ කලාවේ එවැනි ප්‍රගමනයක් දකින්නට නැතුව එවැනි ඉල්ලීම් ඉල්ලන්නේ නම් ජනතාව ඒ ගැන කල්පනාකල යුතුය….
කලාව යනු අතිශයින්ම පූජනීය දෙයකි…. එය විනාශ කිරීම හෝ නොකිරීම ඇත්තේ කලාකරුවා හෝ කලාකාරියටය…. නමුත් අවංකව කිසිදු මිනිසෙකුට කලාව විනාශ කිරීමට අයිතියක් නැත…. කලාව හරහා සමාජයට කලහැකි කාර්යභාරය අතිමහත්ය…. ඒ නිසා කලාව නිසි මාර්ගයට යොමු කර ස්වර්ණමය යුගයක් අනාගතයේදී ඇතිකරගැනීමට හැකිවේවා යැයි පතමින් මේ දීර්ඝ ලිපිය නිම කරමි….
ඉස්සර දවසක…. ඈතම දවසක….
ඉස්සර දවසක….
ඈතම දවසක….
පුංචි සංදියේ…. සෙල්ලම් ගෙදරදි….
පතිනිය වූ ඔබ…. මනමාලියවී….
දීගෙක යයි අද…. පුංචි නංගියේ….
දීගෙක යයි අද…. පුංචි නංගියේ….
අතින් අල්ලා…. අකුරට ගිය මඟ….
වෙරළු ඇහින්දා…. එදවස තරඟෙට….
අඳුරට බියවී….
කඳුළු පුරෝගෙන….
හිස මා උරසේ…. සැඟවූ නැගණිය….
මනමාලියවී…. හෙළයේ සිරිතට….
සතුටු කඳුලු මම….. සගවනු කෙලෙසද….
හිරිමල් වයසේ…. හැඩකාරියවී….
සුවඳ දුන්දා…. අපගේ නිවසේ….
නෙතු දෙක සේ මා….
බලාගත්තෙමි….
දූසමාන වූ…. මේ සමාජෙන්….
සිරි සුභ නැකතින්…. කුල කුමරෙකු හා….
යන සුභ ගමනට…. පැතුම් පතමි මම…..
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
අකලට දියවෙන අහිංසක හීන – සරසවි සිසුවෙකුගේ දෑසින්….
බොහොම කාලෙකට පසුව මගේ Blog සටහනට අද ලිපියක් එක්කරන්න හිතුවා…. මෙච්චර දවසක් සුදුසු මාතෘකාවක් හොයහොයා හිටිය මට ඊයේ රෑ හිතුණා මේ දවස්වල මා අත්විඳින මේ ” දීර්ඝ නිවාඩුව” ගැන ඔබට යමක් කියන්න…. ඇත්තටම මේ නිවාඩුව අපි කිසිදිනෙක අපේක්ෂා නොකල එකක්…. මේකේ අභාග්‍යසම්පන්න බව කියන්නේ මේ නිවාඩුව හුදෙක් විනෝදබර එකක් නෙමෙයි…. මොකද මේ නිවාඩුවේ දින වැඩිවෙන්න වෙන්න දියවෙලා යන්නේ අපේ හීන…. සමහරවිට ඔබ හිතනවා ඇති මේ මොන අපභ්‍රංශයක්ද කියලා…. ඇත්ත…. මොකද තාම මං ඔබට කිව්වේ නෑනේ මේ මොකද්ද කියලා…. අපි පටන්ගමු කතිකාවත දැන්….
මේක පටන් ගන්න කලින් කියන්න ඕනි…. අපේ ගම්වල කියනවා වගේ පුදන කොටම කාපි යකා කියලා…. මේක කියවන්න පටන්ගන්නකොටම මේ ලිපිය දිහා පාදඩ දේශපාලන පාට කණ්නාඩියකින් බලන්නෙපා කියලා…. මොකද මට කොහෙත්ම අවශ්‍ය නෑ කාගේවත් දේශපාල න්‍යායපත්‍රයක ගැත්තෙක් වෙන්න…. මට අවශ්‍ය සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අපේ අවංක හැඟීම ගැන කියන්න….
කෙටියෙන්ම කාරණේ සාරාංශගත කලොත් මම ලංකාවේ විශ්විද්‍යාලයක සිසුවෙක්…. මං හිතන්නේ එහෙම කිව්වාම මේ නිවාඩුව මොකද්ද කියලා ඔබල හැමදෙනාම දන්නවා ඇති…. ඒත් කියන්න බෑ…. මොකද මේ රටේ ඉන්න සමහර නෝනලා මහත්තයලට මේවා පේන්නේ නෑ…. ඒ දෑස්වල අඳභාවය නිසා නෙමෙයි…. චින්තනයේ හිතේ තියෙන අඳභාවය නිසයි….ඔය රූපවාහිනි ගුවන්විදුලිවල ඡන්දේ කාලේට “අපි සංවේදි _ _කරුවෝ ” ගාගෙන සිරික්කිය දාන බොහෝදෙනෙකුට ඔය ධර්මතාවය පොදුයි…. මොකද අද වෙනකන් ඒ ඇත්තන්ට ඒ සංවේදී හිත පහලවෙලා නැති හින්දා මේ කාරණේට ඒ කතාව මැනවින් ඔප්පුවෙනවා…. ඒ හින්දා මේ නිවාඩුව මොකද්ද කියලා මම කියන්නම්…. ” විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය”….
“අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
තල්කොළ බිම අතුර නිදි නොලැබ දුක් තකා
කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා”
මේ අපි බාලාංශ පන්තියේදී ඉගෙනගන්නා අපූරු කවියක්…. මේ කවිය තරම් අධ්‍යාපනේ වටිනාකම කියාදෙන කවියක් සිංහල සාහිත්‍යයේ නැති තරම්…. මේ කවිය වනපොත් නොකෙරුව , මේ කවිය නොඇසූ කෙනෙක් නැතුව ඇති…. සමහරවිට ඔබ නොදන්නවා ඇති කුඩාකාලයේ මේ කවිය ඇයි ඔබට කියාදෙන්නේ කියලා…. කුඩාකාලයේම ඔබට අධ්‍යාපනයේ ඇති වටිනාකම ඔබට කාන්දුකාරවන්නට තමයි ඒ දේ කරන්නේ…. නමුත් කණගාටුයි කියන්න….. අද මේ කවිය නිකන්ම නිකන් පුස්සක් වෙලා ඉවරයි…. වඩාත්ම කණගාටුව තියෙන්නේ මේ කවි වනපොත් කල ඈයොම තමයි ඒ දේ විනාශ කරලා තියෙන්නේ….
කාටවත් ලෙහෙසියෙන් ලාංකීය විශ්විද්‍යාලයකට ඇතුලුවෙන්න බැහැ…. කවුරුහරි එහෙම කියනවනම් ඒක බොහොම වැරදි අර්ථකතනයක්…. ඒ වෙනුවෙන් කරන්න වෙන කැපකිරීම් බොහොමයි…. සතුට, ප්‍රීතිය, වින්දනය හැම දේම අවුරුදු 2කට අමතකරලා ඒ ගෙවන සමය… සමාන්‍යයෙන් ඒකට කියන්නේ “කට්ට” කියලයි….. ඒ “කට්ට” කාපු ඕනිම කෙනෙක් දන්නවා ඒක තමයි ජීවිතේ දුෂ්කරම කාල පරිච්ඡේදය කියලා…. මෙයින් අදහස් වෙන්නේ නෑ විශ්විද්‍යාලයට නොතේරුන අය ඒ “කට්ට” කෑවේ නෑ කියලා…. එතනදී කන “කට්ටේ ” තරමට අනුව තමයි තේරීමට නොතේරීමට බලපාන්නේ….
එහෙම විශ්විද්‍යාලවලට ඇතුලුවුනු අපිත් ලේ, මස්, ඇට, නහරවලින් හැදුනු මිනිස්සු….. එහෙම නැතිනම් විශේෂ ග්‍රහලෝකයකින් කඩාපාත්වුණු පිටසක්වල ජීවියෝ නෙමෙයි…. අපිත් ඔය විශ්විද්‍යාලවලට ඇතුලුවෙන්නේ හීන කන්දක් පපුවට තුරුල්කරගෙන…. අපිටත් හැඟීම් තියෙනවා…. දැනීම් තියෙනවා…. කොහෙත්ම උවමනාවක් නැහැ සමාජයෙන් වෙන්ව ජීවත්වෙන්න…. පොළවේ පයගහලා ජීවත්වෙන්නයි අපිටත් ඕනෑ…. රටට සේවයක් කරන්න, යහපත් ජීවිතයක් ගතකරන්න අපිත් කැමතියි…. මේක මේ විශ්විද්‍යාලයට ගිය නොගිය ඕනිම කෙනෙකුට තියෙන බලාපොරොත්තුවක්…. ඒකේ කිසිම අසාමාන්‍යතාවයක් නෑ….
නිල් කොට කලිසමෙන්, සුදු කලිසමට සංක්‍රාන්ති වෙනකොට බොහෝ පාසල සිසුවන්ට අධ්‍යාපනයේ වටිනාකම තේරිලා ඉවරයි…. ඒ නිසා බලවත් තරඟකාරීත්වයක් ඇතිවෙනවා විශ්විද්‍යාල ප්‍රවේශයට…. රට කරවපු අදූරදර්ශී නායකයන් නිසා රටේ හැමෝටම නිදහස් උසස් අධ්‍යාපනය දෙන්න බැරිවෙන හින්ද තමයි මේ තරඟකාරීත්වය ඇතිවෙන්නේ….. මේ නිසා සියලුම අපොස උ.පේ. දරුවන් බලවත් මානසික ආතතියකට පත්වෙනවා….. සටනින් සමහරු පරදිනවා සමහරු දිනනවා…. මේක තමා යථාර්තය…..
විශ්විද්‍යාලයට ඇතුලුවන අයට විතරක් නෙමෙයි හීන තියෙන්නේ…. ඒ අයගේ දෙමව්පියන්ටත්….. අවුරුදු 13 ක් නැත්නම් ඊට වැඩිකාලයක් අමාරුවෙන් මහන්සියෙන් දරුවන් උස්මහත්කල දෙමව්පියන්ගේ ජීවිතේ වැදගත් සංධිස්ථායක් තමයි දරුවන් උසස් අධ්‍යාපනයට ඇතුලුවීම…. මොකද ඔවුන් පැහදිලිවම බලාපොරොත්තුවෙනවා දරුවන්ගේ අනාගතය එයින් බොහෝදුරට සුරක්ෂිතවෙනවා කියලා…. ඒවා ඡන්ද කාලේ මිනිස්සුන්ට දේශපාලුවන් මිනිස්සුන්ට දෙන fantasy හීනවලට වඩා බොහොම අහිංසක හීන…. මොන අම්මයි තාත්තයිද කැමති තමන්ගේ දරුවන් දුක් විඳිනවා බලන්න….. කවුරුහරි එහෙම දෙමව්පියො ඉන්නවා කියනවනම් මට කියන්න තියෙන්නේ උන් ඉපදිලා ඉන්නේ මව්කුසෙන් නොවෙයි කියන එකයි….
විශ්විද්‍යාල ශිෂ්‍යයෝ සරසවිවලට පිවිසි දා ඉඳන් අරගල කරනවා…. බොහෝවිට සමාජයේ ඉන්න පිරිස් දකින්නේ ඒ අරගල කිසිදු පලක් නෑ කියලා…. තවත් සමහරු කියන්නේ ” මුන් ඉගෙන්ගන්නේ අපේ සල්ලිවලින්….. කාලකණ්ණි !!!! ඉගෙනගන්න නැතුව අරගල කරනවා… ” …. මට හිතෙනවා අන්න ඒ ” අපේ සල්ලි ” කියන දේ යොදාගෙන ඔබට මෙන්න මේ දේ පැහදිලි කරන්න…..
ඇත්ත… අපි ඉගෙනගන්නේ ඔබ විසින් රජයට ගෙවන බදුමුදලෙන්….. එහෙමත් නැත්නම් ජාතික අයවැයෙන් වෙන්කරන මුදල් සම්පාදනවලින්…. ඒ නිසා ඇත්තටම් අපි ඔබ සියලුදෙනාට ණයගැතියි… එමෙන්ම එයින් නිසි ප්‍රයෝජන අප ගතයුතුයි… නමුත් ඔබ කිසිදවසක ඔබේ අවධානය යොමුකර තියෙනවද ඔබ මහන්සියෙන් උපයා රටේ අධ්‍යාපනය වෙනුවෙන් යටකරන මුදලට නිසි වටිනාකමක් ලබාදී තිබෙනවද කියලා????…..ඇත්තම උත්තරය නැහැ කියන එකයි….
ඔබේ මුදලෙන් මේ ලබාදෙන අධ්‍යාපනය අද කාලයට ගැලපේද කියා ඔබ සොයා බලා තිබෙනවද???? අවශ්‍යකරන සම්පත් ලබාදී තිබෙදනවාද???? ලෝකය සමඟ තරඟකරන්නට තරම් අපි දැනුමෙන් සවිමත් වී ඇතැයිද ඔබ සොයා බලා තිබෙනවද???? මා දකින විදිහට ඔබලා කිසිම කෙනෙක් මේ දේවල් කිසිදාකවත් සොයා බලා නැති බවයි… ඒ වෙනුවෙන් අරගල කරන සරසවි සිසුන් ත්‍රස්තවාදින්. කුමන්ත්‍රණකරුවන් ලෙස ඔබ හංවඩුගසන්නේ ඒ නිසාය….
ඔබ නොදන්නවා වෙන්න පුලුවන්…. සරසවිවල විද්‍යාගාරවල අඩුපාඩුකම් සපුරගන්න ශිෂ්‍යයන් විවිධ ආධාර වැඩසටහන් සංවිධානය කරනවා…. ඒ හරහා එන මුදල්වලින් විද්‍යාගාරවල අඩු ලුහුඬුකම් සපුරගන්නවා…. නමුත් අවාසනාවට මාධ්‍ය මඟින් ඒවාට ලැබෙන ප්‍රචාරණය හරිම අඩුයි…. කොටින්ම නැති තරම්…. ඒකට හේතුව තමයි සමාජය බලන් ඉන්නේ සරසවි සිසුන්ගේ වැරද්දක් හොයාගන්නයි…. හොඳ දෙයකට කිසිම business marketing value එකක් නෑ…. උද්ඝෝෂණයක්. සත්‍යග්‍රහයක්, ගැටුමක් නම් එතනට ලෝකේ තියෙන ඔක්කම කැමරා, මයික්‍රෆෝන focus වේවි… සමහරවිට Breaking News එකකුත් දේවී…. නමුත් හොඳ වැඩකට මාධ්‍ය අනුග්‍රහය ගන්න ගියාම ඒක ඉබ්බගෙන් පිහාටු ගන්නවටත් වඩා අමාරුයි… රටේ ජනතාව මේවා දන්නේ නෑ…. ඉතින් හැමදාම් සරසවි සිසුවා කුමන්ත්‍රණකාරයෙක් නැතින්ම ජාතික ද්‍රෝහියෙක් විදිහට හංවඩු ගැහෙනවා….
ඔබට හැකිනම් සරසවියකට ගිහින් බලන්න බනින්න පෙර…. විද්‍යාගාර බහුතරයක තියෙන්නේ කැඩී ගිය භාණ්ඩ…. සමහරවෙලාවට සියලු වසරවල් වල ශිෂ්‍යයන්ට භාවිතාකරන්න තියෙනනේ එක උපකරණයයි…… ඒ නිසා ඒ උපකරණ අසල තියෙන්නේ දිගු පෝලිම්…. අවම වශයෙන් වැසිකිලියක්වත් හරියට තියෙනවද කියල වතුර නොඋතුරන…. සමහර ඉහල මහල්වල බිමට අතුරා ඇති ලී දිරාපත් වෙලා… බිත්ති පුපුරලා….. ඒ නිසා කටට එන හැමදේම පිටකරනවට වඩා මේවා සියැසින්ම දැකගත්තොත් හොඳයි….
දේශපාලකයින් ගොඩක් වෙලාවට කියන්නේ සරසවි තුළ දේශපාලනය තිබීම නිසා ලු මේ ප්‍රශ්න…. මෙන්න මේ ආකල්පේ මිනිස්සුන්ගේ ඔලුවට දාලා සරසවි සිසුවා ත්‍රස්තවාදියෙක් කියන වැරදි චිත්‍රය මිනිසුන්ගේ ඔලුවේ නිර්මාණය කරනවා… නමුත් මට තියෙන්නේ එක ප්‍රශ්ණයයි…. දේශපාලන විද්‍යාව උගන්වන සරසවියෙන් කොහමද දේශපාලනය අතුගාලා දාන්නේ කියන එකයි…. පුස්ථකාලයේ වෙනම අංශ කිහිපයක් දේශපාලනය හා බැඳුණු දේවල්වල පත පොතට වෙන්වී තියෙනවා…. විෂයන් පිළිබඳ සංවාදාත්මක වාදයක් ඇතිවෙන හොඳම තැන සරසවිය…. වෙලඳපොලක ගිහින් මේ සංවාදය ඇතිකරන්න බැහැ…. අනික ලෝක දේශපාලනයේ ආරම්භය අරන් බැලුවත් සිදුවෙලා තියෙන්නේ සරසවියෙන්…. දේශපාලන මූලධර්ම බිහිවෙලා තියෙන්නේ සරසවියෙන්….. ඔය අදහස ඉදිරිපත්කරන අපේ ජනතා නියෝජිතයෝ දිහා බැලුවාම පෙන්නේ ඒ අය ඇවිත් තියෙන්නේ දේශපාලන කරලියට මුදල් හා මැර බලයෙන් මිස නිවැරදි දේශපාලන චින්තනයකින් නොවෙන බවයි…. අවම වශයෙන් දේශපාලන විෂය පිළිබඳව ඔවුන්ට අවම අවබෝධයක් නෑ…
නමුත් ජනතාව නොදන්න අපූරු කාරණයක් තියෙනවා… රටේ ප්‍රධාන පක්ෂ සියල්ලටම සරසවි තුළ දේශපාලන කණ්ඩායම් ඉන්නවා…. ඔය පිටට පේන කතන්දර නෙමෙයි ඇත්තටම තියෙන්නේ… මැතිවරණයක් කිට්ටු වෙනකොට ඔය සිසු කණ්ඩායම් කැඳවලා සංග්‍රහ පවත්වලා මැතිවරණවලට් උපරිම දායකත්වය ගන්න දේශපාලන පක්ෂ කටයුතුකරනවා….. දේශපාලනය සරසවියෙන් අතුගාලා දාන්න කියන අයම තමයි ඕවයේ මුලසුන් දරන්නෙත්…. ඒක නිසා බොරු දේවල් රටට මවා පාන දේශපාලකයන්ට වඩා සරසවි ශිෂ්‍යයා සාධාරණයි… මොකද පිටින් එකක් ඇතුලින් එකක් කරන සිල්ලර game සරසවි ශිෂ්‍යයාට නැති නිසා….
රටට සේවයක් කරන්නයි අපිට ඕනි…. නමුත් ඇත්තම කිව්වොත් කාරණා මේ විදිහට සිද්ධවෙනකොට රට අත් හැරලා බොහෝ දෙනෙක් යන එක පුදුමයක් නෙමෙයි….. මේ ඉගෙනගන්න අධ්‍යාපනය මේ ශතවර්ෂයේ අභියෝග එක්ක පෑහෙන්නේ නෑ…. ඇත්තටම Lipton වටරවුම ගාවා රැකියා විරහිත උපාධිධාරීන් ගොඩගැහෙන්නේ මේ හින්දයි…. මේ දේ මෙච්චර කාලෙකට රට කරවපු අයට නොතේරුණු එකයි පුදුමය…. එක අතකින් පුදුම වෙන්න දෙයක් නෑ…. මොකද උගතුන්, බුද්ධිමතුන් බිහි නොවෙන තරමට රට කරවන එක හරි ලේසියි…..
රටේ ඇමතිවරු, ඒ අයගේ වන්දිබට්ටයෝ ලක්ෂ ගණන් අල්ලස් ගද්දී, වංචාකරද්දී, පණ නැති කොන්ක්‍රීට් කණුවලට හයියෙන් යන්න highway හදන්න කෝටි ගණන් මුදල් යටකරද්දී…. ඇයි අධ්‍යාපනය කියන දේට වැඩි මුදලක් ආයෝජනය කරන්න බැරි????… ” තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා”….. මේකයි අධ්‍යාපනයේ වටිනාකම…. අනික් සියලුදේවල් තාවකාලිකයි… නමුත් කෙනෙකුට ලබාදෙන විධිමත් අධ්‍යාපනය කිසිදාක අපතේ යන්නේ නෑ නිසි වැඩපිලිවෙලක් නැත්නම්….
අද වෙනකොට එක පැත්තකින් Z-Score ප්‍රශ්නයක් නිසා අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී හිටපු අපේ නංගිලා මල්ලිලා බලවත් මානසික ආතතියකට ලක්වෙලා…. මේ පාර අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රශ්නපත්‍ර තාම සමීක්ෂණයට ලක් කරලා නෑ….. විශ්වවිද්‍යාල මට්ටමේ බලවත් ගැටලුවක් මතුවෙලා…. සමහරවිට ඔබ නොදන්නවා වෙන්න පුලුවන් මේවායේ අනිසි විපාක….සමහරවිට සරල ගැටලුවක් විදිහට දකින්න පුලුවන්.. ඒ හින්දා මා කැමතියි මේවයේ ප්‍රතිපල ගැන මඳක් ඔබට කියන්න….
මේ හරහා පෙනියනවා අනාගත බලවත් රැකියා අර්බුදයක්…. ලිප්ටන් වටරවුමට නිවනක් නැතිවෙයි…..ඒ වගේම රටේ ඉදිරි ගමනට බාධාවක්…. ඕනිම රටක ජවය නැත්නම් spirit එක රටේ යෞවන යෞවනියන්…. ඔවුන්ට තම උපරිම දායකත්වය රටේ ආර්ථිකයට දෙන්න පුලුවන් ඒ කාලේදී…. ඊළඟට මා දකිනව රටේ උගත් පරපුර රට අත්හැරයාමේ ප්‍රවණතාවයක්…. ඒ කියන්නේ තවත් විදිහකට උග්‍ර බුද්ධි හා ශ්‍රම ගලනයක්…. මෙය රටක පැවත්මකට කොතරම් දුරට බලපානවද කියන එක මා විස්තර කරන්න යන්නේ නෑ… මා හිතනවා ඔබට ඒ දේ තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙනවා කියලා….
විදෙස් ගතව අධ්‍යාපනය ලබන්නට බොහෝදෙනා උත්සහ දැරුවොත් එයින් සිද්ධවෙන්නේ රtei මුදල් වෙනත් රටක සාක්කුවට බැරවීම්ක්…. එවිට කිසිදු සංවර්ධන ඉලක්කයකට ලඟාවෙන්න රටට බැරිවේවී… අනික එහෙම ඉගෙනගන්න හැමෝම තමන්ගේ ශ්‍රමය තම මව් රටට ලබාදේවිද???…. එහෙම යන බොහෝදෙනා ඒ රටේම පුරවැසිකම ලබාගන්නවා… ඔවුන් වැරදි නෑ…. මොකද මේ රටේ සුදුස්සාට නිසි තැනක් දෙන්නේ නෑ….. අර තරම් මුදල් වියදම් කරන් යන මිනිස්සු ආයේ ඒවිද මෙහේ දුක් විඳින්න….. මිනිස්සු වෙන අපි කාටත් ඕනෑ සුවපහසු ජීවිතයක් ගතකරන්න… මොකද අපි කවුරුත් තාම මේ ලෞකික ලෝකයේ කොටස්කාරයෝ….
මේ වසරේ බහුතර සිසු සිසුවියන් පිරිසක් සරසවියට ගන්නා නිසා නිසැකවම අධ්‍යාපනයට වෙන්කලයුතු මුදල් සම්පාදන වැඩිකල යුතුමයි…. දැනට විශ්විද්‍යාලවල සිසු සිසුවියන් අධ්‍යාපනය ලබන්නේ බලවත් බාධක හමුවේ…. ඒ නිසා මුදල් වෙන්නොකලහොත් බලවත් ගැටලු රැසක් පැන නැඟීම නවත්වන්න බෑ….. විශේෂයෙන්ම විද්‍යාගාර, නේවාසිකාගාර, සනීපාරක්ෂක, පුස්ථකාල, දේශන ශාලා පහසුකම් ඉහල නංවන්න වෙනවා…. ජනතාව ගෙවන බදු මුදලට නිසි වටිනාකමක් රටට අරන් දෙන්නටනම් ඒ දේ කලයුතුමයි…. මොකද එහෙම නොවුනොත් අපතේ යන්නේ ඒ අයගේ දහඩිය මහන්සිය විතරක් නෙමෙයි…. රටේ අනාගතෙත් අඳුරට යනවා…. එදාට ” We Are Srilankan” T- shirt ඇඳන් හිටියට වැඩක් නැති වෙයි…
සරසවි අර්බුදය දිහා පාට කණ්ණාඩිවලින් බලන්නෙපා…. ඔය සරසවිවල ඉන්නේ එක පක්ෂෙකට අයත් සිසුන් නෙමෙයි…. හැම පක්ෂයකටම අයත් සිසුන් ඉන්නවා…. වඩා වැදගත් වෙන්නේ ඒ අයට හෙට දවසට ඔබින විදිහට අධ්‍යාපන ක්‍රමවේදයක් හා පැහැදිලි අනාගතයක් හදලා දෙන එකයි…. ඒ දෙයින් රටට නිසි ප්‍රතිලාභයක් ලැබෙනවා…. කවුරුහරි කියනවනම් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභයක් නෑ කියලා…. ඒක අමූලික බොරුවක්…. අධ්‍යාපනය කියන්නේ හොඳම ආයෝජනයක්… මේවයේ ප්‍රතිපල දීර්ඝකාලීනයි…. තාර පාරවල්වලට, කොන්ක්‍රීට් කණුවලට මුදල් යටකරනවට වඩා බොහොම වටිනවා…. නමුත් ඒ මුදල් යටකරනකොට ලෝකය සමඟ ඉදිරියට යන්න පුලුවන් අධ්‍යාපන රටාවක් නිර්මාණය කරන්න ඕනි.. මේ ගිරා අධ්‍යාපන රටාව හා විභාග රටාව රටට තවදුරටත් සුදුසුදැයි සිතා බැලිය යුතුයි… ඒ වගේම රටේ බහුතරයකට උසස් අධ්‍යාපනයට ඇතුලුවෙන්නට දොරටු විවෘත කරන්න ඕනි….. අන්න ඒකයි දළ ජාතික නිෂ්පාදන්යෙන් වැඩි කොටසක් අධ්‍යාපනයට වෙන්කරන්න කියන්නේ…. සාගින්නෙන් පෙලෙන දහස් ගණන් රෝගවලින් මියැදෙන ඉතියෝපියාවටත් අධ්‍යාපනයට වැඩි ප්‍රතිශතයක් ( අපේ රටේ ප්‍රතිශතයට වඩා) දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන්කරන්න පුලුවන්නම් සාමය තියෙන මේ නිවහල් රටේ ඒක කරන්න බැරි ඇයි…. මේක විහිලුවක් නෙමෙයි….
සරසවි ආචාර්යවරුන් කියන්නේ දේශද්‍රොහී පිරිසක් නෙමෙයි…. ලෝකයත් එක්ක සසඳල බැලුවොත් ඔවුන්ගේ සේවය නිසි පරිදි ඇගයීමකට ලක්කරලා නෑ…. ඔබ සමහරවිට නොදන්නවා ඇති… සරසවිවල ආචාර්යවරුන් සිටිනවා දුප්පත් සිසුන්ට තමන්ගේ වේතනයෙන් උදව් උපකාර කරන…. එහෙම කරන්නේ මහ පොළ ප්‍රමාණවත් නැති නිසා සිසුන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්යන්න තරම් අද තියෙන ආර්ථික තත්වය අනුව…. අද ආචාර්යවරුන්ට මඩ ගහන ඇතැම් දේශපාලකයින්ට එවැනි කාරුණික සිතක් පහළවෙන්නේ මැතිවරණ සමයෙදී පමණයි…. ජනතාව නොදන්න දේවල් මේවා…. ඒ හින්දා නිස්කාරණේ මිනිස්සුන්ට බැනලා පව් පුරෝගන්නෙපා….
මේ අර්බුදය බලවත් අර්බුදයක්… උගසට තියන් ඉන්නේ අපේ හීන…. මිනිස්සුන්ගේ හීනත් එක්ක , බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන එක විහිලුවක්වත් හාස්‍යයට කාරණයක්වත් නෙමෙයි… බොළඳ ප්‍රේම කතාවක මල් ගස් වටේ දුවන හීනවලට වඩා ප්‍රබලයි…. ඒකට හේතුව මේ හීනවල තියෙන්නේ අපේ අනාගතය නිසා…. කොටින්ම කිව්වොත් මේක බලවත් අසහනයක් අපිට දැන්….. ඇතැම්විට ඔබට නොතේරෙන්න පුලුවන්…. නමුත් මෙතනට එන්න විඳපු දුක්වල හැටියට අපිට දැන් තියෙන්නේ බලවත් කලකිරීමක් අපි ගැනම….. මාධ්‍යවලට රසබර taste තියෙන markeing කතන්දරයක් වුනත් මේ සෙල්ලම් කරන්නේ අපේ ජීවිතත් එක්ක….. ගොඩක් දෙනෙකුට ඒක තේරෙන්නේ නෑ…..
අපිට අවශ්‍ය උපාධිය අවසන්කර අපේ හීන සැබෑ කරගෙන දෙමව්පියන්ගෙත් හීන සැබෑ කරන්නයි…. රටට සේවයක් කරන්නයි… ඒ නිසා මේ ගැටලු විසඳන්න බැරි ගැටලු නෙමෙයි…. සරසවි ඇඳුරන්ට නිසි පිලිගැනීමක් දීලා, අධ්‍යාපනයට එවැනි ධන්ස්කන්දයක් ආයොජනය කලා කියලා අපතේ යන්නේ නෑ…. තාර පාරවල්, කොන්ක්‍රීට් කනුවලට මුදල් යටකරනවට වඩා වටිනවා…
සමාජවාදී ආර්ථික රටාව ගත්තත්, ධනේශ්වර ආර්ථික රටාව ගත්තත් අධ්‍යාපනය කියන්නේ සුවිශේෂී අංගයක් ඒ ආර්ථික රටාව ඇතුලේ…. සමාජවිද්‍යා විශේෂඥයින් බහුතරයකගේ නිගමනය වන්නේ අධ්‍යාපනය කියන්නේ රටක කොඳුනාරටිය කියලයි….. ඒ කියන්නේ රටේ යුක්තිය, නීතිය, ආර්ථිකය කියන ප්‍රධාන බලකණු තුනේම අත්තිවාරම අධ්‍යාපනය කියන එකයි…. දැන් වරදවා තෙරුම් ගන්න එපා සමාජවිද්‍යා විශේෂඥයින් කියන්නේ සමාජවාදියෝ හෝ විපලවවාදියෝ කියලා… සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු හරි ලෙහෙසියෙන් කෙනෙකුට ලේබල් එකක් ගහන්න රුසියෝ…. ඒ හින්දයි එහෙම කිව්වේ….
සමහරවිට ඔබේ කවුරුත් මේ ප්‍රශ්නයෙන් බැට කන්නේ නැතිව ඇති…. නමුත් අමතක කරන්නෙපා හෙට දවසේ ඔබේ කවුරු හෝ මෙයට ගොඳුරුවිය හැකිය… ඇතැම්විට ඒ ඔබේ නංගී මල්ලී විය හැකිය…. එහෙමත් නැත්නම් ඔබේම දරුවෙක් වෙන්න පුලුවන්….. ඒ නිසා අද දවසේ මේ ගැටලුව අවඥාසහගතව ප්‍රතික්ෂේප කිරීමෙන් අනාගතයේ ඔබට දුක් වන්නට සිදුවෙන්න පුලුවන්….
ආවට ගියාට අධ්‍යාපනයක් දීලා වැඩක් නෑ…. ලෝකයත් එක්ක ඉදිරියට යන අධ්‍යාපනයක් දෙන්න ඕනෑ…. තවමත් ශ්‍රී ලාංකීය සරසවිවල තිබෙන්නෙ යල් පැන ගිය අධ්‍යාපන නිර්දේශයක්…. ඒ නිසයි සරසවි ඇඳුරන් ඉල්ලන්නේ ඒ නිර්දේශයේ වෙනසක් ඇති කළයුතු වගත් ඒ සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගත යුතු වගත්…. තමන්ගේ රාජකාරියවත් නිසි පරිදි කරගන්න බැරි ජනතා නියෝජිතයින් කොහම්ඩ රටක උසස් අධ්‍යාපන විෂය නිර්දේශයක් වෙනස් කිරීම වැනි දේ ගැන තීන්දු තීරණ ගන්නේ නිසි අවබෝධයක් නැතිව ඒ ගැන…. මොකද මේක රටේ අනාගතය හා බද්ධ වෙන කාරණයක්…. පුද්ගලිකව මා සිතන්නේ පාසල් අධ්‍යාපනයේ සිට මේ වෙනස ඇතිකලයුතු වගයි…. එය එක සැරේ කරන්න බැහැ… ඒක කලයුත්තේ පියවරෙන් පියවර නමුත් ඉක්මනින්…. ඒ බව ආචාර්යවරුත් කියාසිටිනවා….. අනික පර්යේෂණ ආදිය කිරීමට බොහෝ පිරිවැයක් දරන්න වෙනවා… ඒ දේවල් නොකර රටේ ආර්ථිකයට ඉදිරියට යන්න සෑහෙන්න අමාරුයි…. ලෝකයේ දියුණුවූ රටවල් ඉදිරියට ගියේ පර්යේෂණවලින් ලැබූ ප්‍රතිඵලත් එක්ක….. ඒක ලෝක ඉතිහාසය අධ්‍යයනය කල ඕනෑම කෙනෙකුට පෙනෙන පැහැදිලි කාරණයක්…. පරමාණු බෝම්බයෙන් බැට කා ෆීනික්ස් පක්ශියෙකුසේ නැගිට්ට ජපානයේ දියුණුවේ එක රහසක් එය…
හෙට දවසේ අනාගතයක් පැහැදිලි නැතිව අඳුරේ අතපත ගාන්නට සිදුවීම බලවත් කණගාටුවක්…. ඊටත් වඩා බලවත් කලකිරීමක්….. අප දෑස් ඉදිරියේ දියවෙන්නේ අපගේ සිහිනයි…. මෙතෙක් කල් කටට හා අදහස්වලට මුකවාඩ්ම දාගෙන හිටියේ මේ ප්‍රශ්නය මෙතරම් ඔඩු දුවයි යන සැකය නොතිබුන හින්දයි…. නමුත් තවදුරටත් නිදහස් අධ්‍යාපනය ලැබූ නිවට මිනිසෙක් සේ මුකවාඩම් බැඳගෙන සිටිය නොහැකි නිසා මගේ අදහස් විශ්විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස ඉදිරිපත්කලේ…. මෙය හුදෙක් මාගේ ස්වාධීන දැක්මයි… කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් මෙහි නැත…..
කොහමත් මේ රටේ බහුතරයකට නිදහස් අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නැති විත්තිය ඉතිහාසය පවා පෙන්වා දී තිබෙනවා…. නිදහස් අධ්‍යාපනය මෙරටට හඳුන්වාදුන් C.W.W.කන්නන්ගර මැතිතුමා ඊළඟ මැතිවරණයේදී පරාජයට පත්වුනා…. අද වුනත් මේ බරපතල අර්බුදයේදී ඇතැමුන් හැසිරෙන පිළිවෙල දැක්කාම ජුගුප්සාජනකයි…. එවිට ඇතිවන්නේ මේ රටේ මිනිසුන් ගැන බලවත් කලකිරීමක්…. එක නිවහල් රටක් තනාගන්න එකට එක්ව කටයුතු කල අපේම සහෝදර සහෝදරියන් වැඩිහිටියන් දේශපාලකයින්ගේ අතකොලු බවට පත්වීම සැබැවින්ම කණගාටුවට කාරණයක්….
මේ රටේ තියෙන්නේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක්…. නියෝජිතයෝ පත්කරගන්නේ ඔබමයි… ඒවගේම රටෙ සංවර්ධනයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයාදෙන්නෙත් ඔබමයි…. ඒ නිසා ඔබට පරම අයිතියක් තියෙනවා සොයා බලන්න ඔබ වෙහෙස මහන්සිවී උපයා දෙන ඒ මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙනවද කියලා…. එයින් රටට සෙතක් වෙනවද, හෙටක් හැදෙනවාද කියලා….. රටට ආදරේ කරනවා කියන්නේ එකයි…. එහෙම නැතුව සිංහ ධජයකුයි, ” We Are Srilankan” T- shirt එකකුයි cricket match බලන්න ඇඳලා ගිහින් හති වැටෙනතුරු නටන එක නෙමෙයි….
මේ සමස්ත ලිපියේම ගැබ්වෙලා තියෙන්නේ මෙතෙක් කල් මුකවාඩම් පැළඳගෙන උන්නු මගේ හැඟීම්… මීටත් වඩා හැඟීම් තිබ්බත් ඒවා වචනවලට පෙරලන්න අමාරුයි…. මේ ලිපියෙන් කිසිදු නිශ්චිත පුද්ගල්යෙකුට ප්‍රහාර එල්ලකරලා නෑ…. මේ ලිපිය අර්බුදය හා සාපේක්ෂව ගත්තම බොහෝම තනුක ලිපියක්…. අපිට රජය පෙරලන්නවත් රට විනාශකරන්නවත් උවම්නා නෑ…. නමුත් සමාජය කිසියම් දැනුවත් කිරීමකට ලක් කිරීමක් කල යුතුයි…. අවසානයේ කිව යුතුයි මේ දේ…..
” අපි සටන් කරන්නේ… අපේ අහිංසක හීන වෙනුවෙන්….. “
තිරසබැඳිය අකලට දියවෙන අහිංසක හීන – සරසවි සිසුවෙකුගේ දෑසින්….හි ප්‍රතිචාර වසා ඇත.
යෞවනයේ මේ සගයා… අපෙන් එකෙකි මේ මිනිසා…
මේ බක් මහේ මගේ නිවාඩු සමය අවසන්වන්නට ඇත්තේ තව දිනයයි… ඊට පස්සේ ආයෙමත් කාර්යබහුල ජීවිතයක ඇරඹුමක්…. බොහෝවිට බක් මහේ මා අතින් ලියවෙන අවසන් ලිපිය මේ වේවී… එවන් පසුබිමක් යටතේ මෙවැනි මානුෂීය, සැබැවින්ම සංවේදී වූ ලිපියක් ලියන්නට ලැබීම ඇත්තෙන්ම මා ලද භාග්‍යයක්… ඒවගේම මේ ලිපිය මා අතින් මෙතෙක් කල් රචනා වූ ලිපිවලට වඩා සැබවින්ම මගේ හිතට බොහෝමත්ම සමීපවූ ලිපියක් කියන දේත් මෙහිම සඳහන් කරන්නට කැමතියි… මේ ලිපියට දාලා තියෙන මාතෘකාව ඔබට මට අපි හැමෝටම හුරුපුරුදු වචන පෙළක්…. දන්නේ නෑ දැනටත් කීදෙන්කුට ඒ වචන පෙළ මතකද කියලත්… මතක අය දන්නවා ඇති මේ ලියන්න යන මාතෘකාව ගැන හොඳින්… ඒ නිසා වැඩි අටුවා ටීකා නැතිව මාතෘකාවට අදාළ ඒ සංවේදී කාරණා ගැන මට හැඟුනු දේ ගැන ඔබට කියන්නට මම සුදානම්…
Sri Lanka Saukyadana Movement (SLSM) – Special Task Unit සංවිධානය විසින් සංවිධානය කල පුණ්‍යකර්මයකට අහම්බයෙන් සම්බන්ධවන්නට ලැබුණා මටත් ගිටාර් වාදකයෙක් විදිහට මිතුරෙකුගේ හා මිතුරියකගේ මැදිහත්වීඑමක් ප්‍රයත්නයකින්…. ඒ දේ භාරගන්න ඉස්සෙල්ලම තරමක් අදි මදි කලටහ් කාර්යබහුල ජීවිතේ ඇතුලේ අවසානයේදී මට ඒ දේ භාරගන්න හිතුණා… එහෙම හිතුන එක කොතරම් හොඳද කියල හිතෙන්නේ දැන් තමයි… ඒ නිසා මුලින්ම අර ආරාධනාව කල මිතුරියටත්, මිතුරාටත් මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි….නැත්නම් ඒක ලොකු අඩුවක් විදිහටයි මා දකින්නේ… දිනය 2012.04.20 වෙනිදා… උදේ 7.45 ට වගේ කොළඹ විශ්වවිද්‍යාලයේන් ගමන් ආරම්භකළ පුණ්‍යකර්මය සඳහා අවශ්‍ය කළමණාද රැගත් බස් රථයක නැග අපි රාගම බලා පිටත්වුණා…. බස් රථය ඉතින් රාගමට ළඟාවෙනකන් සංගීතයෙන් කවට කතාවලින් පිරී තිබුණ ආ කියන දේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ… සංගීත භාණ්ඩත් අතේ තියාගෙන නිහඬව යන්නේ නැහැනේ කවුරුවත්…. එහෙම වුණානම් ඒක ලෝක පුදුමයක්… ඉතින් ඒ ධර්මතාවය අපේ කට්ටියටත් පොදුයි… හැබැයි අපේ ගමනාන්තය කිට්ටුවෙනකොට මුළු බස් රථයම නිහඬ වුණා…. ඒකය හේතුවා මේ ලිපිය කියවගෙන යනකොට ඔබට තේරේවී…
අපේ ගමනාන්තය වුනේ රාගම පිහිටි “රණවිරු සෙවණ” භූමියයි… රමණීය පරිසරයක ඉදිකර ඇති අලංකාර ගොඩනැඟිලිවලින් සම්න්විතයි…. නමුත් ඒ ගොඩනැඟිලි තුල සිටින මිනිසුන්ට තියෙන්නේ එච්චර ලස්සන ජීවිතයක් නෙමෙයි…. ඒත් ඒ අය කල ඒ කැපකිරීම නිසා අපේ මිනිසුන්ට අද සැබෑ නිදහස් අත්විඳින්න හැකියාව ලැබිලා තියෙන්නේ…. එක අතකින් ලෝකෙත් ඇත්තටම අසාධාරණයි… හේතුව තමයි කෙනෙක් සතුටු වෙනකොට තවත් කෙනෙකුට දුකක් හිමිවෙලා… නමුත් ලෝක ධර්මතාවය මෙයයි… ඒකට මුහුණදෙන්න වෙනවා කැමත්තෙන් හෝ අකමැත්තෙන්…. අවශ්‍ය දේවල් හොඳින් සුදානම් කරගත්තාට පස්සේ අපි වාට්ටුවලට ගමන් කලා… සංවේදී, මානුෂීය එමෙන්ම ඇහට කඳුළු උනන කතාව ආරම්භවන්නේ එතැනින්…. අපි වාට්ටුවකට ඇතුළුවුණා…. එහි හිටියා අපිට වඩා ඔනිනම් අවුරුදු 3ක් 4ක් වැඩි තරුණයෝ පිරිසක්…. ඒත් ඔවුන් හා අපි අතර වෙනසක් තිබුණා… එතැන හිටපු සමහරුන්ට අත් පා අහිමි වෙලා තිබුනා… සමහරුන්ට ඇස් අහිමි වෙලා තිබුණා… තවත් සමහරුන්ට දෙපා අහිමි වෙලා තිබ්බා… සමහර අයට හිසට හානිවෙලා තිබුණා… සමහරුන්ට වාරු නැහැ…. සමහරුන්ට නැඟිටගන්නවත් පණ නැහැ කාගෙවත් වාරුවක් නැතිව… සමහරුන්ගේ හිසට ඇතිවුනු බරපතල හානි නිසා ඔවුන්ගේ හැසිරීම් රටාව පොඩි දරුවන්ට සමානයි…. මේ දේවල් මේ විනෝද වෙන්න ගිහින් ඇතිවුනු ඒවා නෙමෙයි…. ඒ තමා රට වෙනුවෙන් කල සැබෑ ජීවිත පරිත්‍යාග… වේදිකාවල බෙරිහන්දෙන කාඩ්බෝඩ් වීරයන් නෙමෙයි මේ තමා සැබෑ වීරයින්…. IPL ගිහින් මුදලට Cricket ගහන කොන්ඩේ පාටකරපු , තරුණ සවිබල ඇත්තන්ට අපි හුරේ දැම්මට මොකද ඒ හුරේ ලැබිය යුත්තේ මේ අයයි…. ඒ අතින් බලනකොට අපි මොනවද රට වෙනුවෙන් කරල තියෙන්නේ…. මේ කැපවීම් එක්ක බැලුවාම අපි රටට සාපේක්ෂව නිකන්ම නිකන් බොල් වී ගොඩක්… මට හිතුණේ එහෙමයි…. ඒ අහිංසක කෙළිලොල් ජීවිත කුරිරු යුද්ධය ඒ අයගෙන් උදුරාගෙන තිබ්බා….
යුද්ධයේ භයානක කම ඒ අයට සිද්ධවෙලා තියෙන දේවල් දැක්කාම හිතාගන්න පුලුවන්…. අද අපි හැමෝටම යුද්ධය ජයග්‍රහණය කලා කියලා පුරසාරම් දොඩන්න පුලුවන්… ඒත් ඒ සඳහා මේ මිනිසුන් කල උදාරතර කැපවීම ගැන කතාකරන්නේ කීයෙන් කීදෙනාද… අද මේ ජයග්‍රහණය එක් එක් පුද්ගලයා තමන්ගේ ගිණුම්වලට බැරකරගෙන වෙනත් වාසි ලබාගන්න හදනවා මිසක් මේ කැපවීම් ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ…. දුක ඒකයි… සමහරුන්ගේ ඇස්, නිකට, ගෙල ප්‍රදේශවල වෙඩි උන්ඩවල සලකුනු තිබ්බා…. සමහරුන්ට දරුණු sniper ප්‍රහාර එල්ලවෙලා තිබ්බා… සමහරු ජීවිතයත් මරණයත් එක්ක සටන් කරලා ආයේ මේ ලොකේ හිරු එලිය දකින්න තරම වාසනාවන්ත වෙල තිබ්බා…. නමුත් ඒ ජීවිතවලින් කිසියම් දෙයක් උදුරාගන්නට මේ කුරිරු යුද්ධය දරුණුවෙලා තිබ්බා… සමහරුන්ට මුළු ජීවිත කාලය පුරාවටම ඇඳක් උඩ ඉන්නට තරම් ඒ දේවල් දරුණුවෙලා තිබ්බා…. සමහරුන්ට රෝද පුටුවකින් විතරයි එහේ මෙහේ යන්න පුළුවන්… ඇත්තටම හිතට බොහොම හැඟීමක් දනවන දර්ශනයක් ඒක… අපිව දැක්කාම එහි හිටපු ගොඩක් අය සතුටු වුණා…. ඒක ඒ අයගේ මුහුණෙන් අපිට පෙනුණා… ඉඩෝර සමයක වැටුන මල් වැහි පොඳක් දිහා බලන් ඉන්න තරමින් සතුටකින් අපි දිහා ඒ අය බලාසිටියා… ඇත්තටම ඒක නෙතට කඳුලු උනන දර්ශනයක්… මට හැඟුනේ එක දෙයයි…. ඒ තමා මේ ” මනුෂ්‍යත්වය” කියන එකයි….
අපි ඔවුන් සමඟ ගී ගයා විනෝද වුණා… නටන්නට දෙපයට වාරු නැත්තත් ඔවුන් ඒ මොහොතේ ගොඩක් විනෝදයෙන උන්නා… සමහරු අබාධත් එක්ක සොඳුරු රංගනයක යෙදුනා…. සමහරු බොහෝ ලස්සන ගී ගැයුවා…. සමහරු අපේ අත්වලින් අල්ලගෙන කතා කලා…. සමහරු ඇඬුවා…අපි ඔවුන් සමඟ ගී ගයා විනෝද වුණා… නටන්නට දෙපයට වාරු නැත්තත් ඔවුන් ඒ මොහොතේ ගොඩක් විනෝදයෙන උන්නා… සමහරු ආබාධත් එක්ක සොඳුරු රංගනයක යෙදුනා…. සමහරු බොහෝ ලස්සන ගී ගැයුවා…. සමහරු අපේ අත්වලින් අල්ලගෙන කතා කලා…. සමහරු ඇඬුවා… ඒ ගලාගියේ මොන හැඟීම්වලට අයත් කඳුලුද කියල විග්‍රහකරන්න තරම් මම දක්ෂ නෑ…. ඒත් මට හිතෙනවා ඒ කඳුළුවල සතුට, දුක, තනිකම, පාළුව, සන්තාපය කියන හැම මානුෂීය කාරණයක්ම මුසුවෙලා තිබුණා කියලා…. සමහරු නෙතින් හැඬුවේ නෑ…. නමුත් ඔවුන්ගේ දෑස් තුළින් මා දුටුවේ වැලපෙන සිතයි…. මේ කාරණේ කියන්න මට එවෙලේ ඉඳන්ම හිතුණා….
ඡන්දේ කාලේ වේදිකාවල හැම පක්ෂයකම මිනිස්සු කඹ ඇඳගන්නවා යුද ජයග්‍රහණයේ උරුමය ලබාගන්න… ඒකට නොගහන මඩක් නෑ…. නොගහන් දහන් ගැටයක් නෑ… නමුත් අපි මේ රණවිරු සෙවණේ හිටපු ඒ හෝරා කීපයේ කිසිම කෙනෙක් කිව්වේ නෑ ඔවුන් නිසා යුද්ධය ජයග්‍රහණය කලා කියලා… මට මේ උදාරතර මිනිස්සු ගැන දැනෙන්නේ පුදුම අභිමානයක්…. ඒත් එක්කම මට දැනෙනවා වේදිකාවල බෙරිහන් දෙන ඈයෝ ගැන පුදුම පිළිකුලක්…. ඇත්තටම හැම පක්ෂයටම අදාළ එවැනි කාඩ්බෝඩ් වීරයන් ළඟින් දැනෙන ඒ පිළිකුල් ගඳ මේ විරු මිනිසුන්ගේ තුවලා වලට ගල්වන බෙහෙත් වලට වඩා ගඳයි…. කොතරම් සුවඳ විලවුන් ගැල්වුවත් ඒ ගඳ යන්නේ නෑ…. ඒක තමයි ඇත්ත… යථාර්ථය….
මේ තරුණ ජීවිත සමහරවිට සටන් බිමට එන්න ඇත්තේ රස්සාවක් නැති කමින් දුප්පත් කමින් මිරිකුණු නිසා වෙන්න පුළුවන්… ඒත් එහෙමැයි කියලා මේ කල කැපකිරීම කාටවත් අවතක්සේරු කරන්න බැහැ…. ඒ සහොදරයන්ගේ අම්මලා තාත්තලාත් මේ අය පොඩි කාලේ පරිස්සමෙන් බලාගන්න ඇති අනිවාර්යෙන්ම පරිස්සමෙන්…. කිසිම අනතුරක් නොවෙන්න…. ඒත් මේ අය රට වෙනුවෙන් ඒ දේවල් නැතිකරගත්තා…ඒ ගැන ඒ අයට වැඩි දුකක් නැහැ… නැත්තෙමත් නැතුව ඇති…. ඒත් ඒ දුක පෙන්නන්නේ නෑ… ඒ අය ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා…. මොකද ඒ අය ඒ දේ කළේ රට වෙනුවෙන් අවංක සිතින් නිසා…. ඒක තමා ඇත්ත… අපි ඇත්තටම ඔවුන් අහන්න ආස ගීත වාදනය කරන්න ගියේ… නමුත් ඒ වීර මිනිසුන් කිව්වෙ එක දෙයක්…. ” මල්ලිලා කැමති දෙයක් කියන්න මල්ලී… අපිව බලන්න ආපු එකම ලොකු දෙයක්ද???? මෙහෙම එනවනම් අපි ගොඩක් සතුටුයි….” ඇත්තටම නෙතට කඳුළු උනන කතාවක් ඒක…. කෙතරම් අහිංසක සතුටක්ද,ඉල්ලීමක්ද…. නිකමට හිතන්න ඒ අයගේ හිත කොතරම් තැලෙනවද කියලා යුද ජයග්‍රහණය එක් එක් ගිණුමට බැර කරගන්න හදන වෑයම දකිද්දී…. ඒ අය දිවිපරදුවට තියලා අත් පා නැති කරගෙන ලබාගත් මේ අභිමානවු ජයග්‍රහණය වෙන අය බලෙන් උදුරාගන්න එක මානුෂීයව අසාධාරණද… ඒත් මේ වීර මිනිසුන් ඒ දේත් ඉවසීමෙන් දරාගන්නවා…. ඇත්තටම කෙතරම් උදාරතර මනුෂ්‍ය කොට්ඨාශයක්ද….
අවසන් සටන සමයේ බොහෝ ගීත හැඳුණා සොල්දාදුවන් දිරිමත් කරන්න… මම හිතුවා අවංකවම යුද ජයග්‍රහණයෙන් පසුව ත්‍රිවධ හමුදාවට අවශ්‍ය කරන නිසි ගෞරවය, ආදරය හැම පාර්ශවයකින්ම ලැබේ කියලා…. නමුත් ඇත්තටම යුද් ජයග්‍රහණයෙන් පස්සේ ර්‍රටේ විකාශනය දිහා බැලුවාම පේන්නේ යුද ජයග්‍රහණය හුදෙක් ඡන්ද ගුණ්ඩුවක් කරගෙන කියලා විතරයි…. අඩුම ගාණේ යුද ගැටුමට හේතුවුණු කාරණාවලටවත් තාම් පිළියම් යොදලද කියලවත් සැක සහිතයි…. අර නිර්මාණය කල ගීත ගොන්න marketing අරමුණකට මිසක් හද පතුලෙන් නිර්මාණයවූ ඒවා නෙමෙයි කියලා දැන්මට හිතෙන්නේ… මොකද ඒ ගීත නිර්මාණය කල අයත් විවිධ වාසි සඳහා යුද ජයග්‍රහණය එක් එක් අයගේ ගිණුමට බැරකරන්න කඹ අදින නිසා….. අද අපි මේ රටේ පොලවේ පය ගහලා නිදහසේ හුස්ම ගන්නේ මේ විරෝදාර සෙබලුන්ගේ ලෙයට, කැපකිරීමට පින්සිද්ධවෙන්න… මේ පොලව රත් ලෙයින් පොඟවල තමා ඔවුන් ඒ නිදහස අපිට අරන් දුන්නේ…. නමුත් ඒ නිසා ඒ අයට තමන්ගේ සෞඛ්‍යමත් ජීවිතය, සිහින, බලාපොරොත්තු හැම දේම නැතිවුණා…. ඒ නිසා එක් අවිහිංසක ඉල්ලීමක් කරන්න කැමතියි ඔබ සැමගෙන්… අවුරුද්දකට වරක්වත් ඔවුන් බලන්නට යන්න…. තනියම බැරිනම් කණ්ඩායමක් විදිහට හරි…. ඒ අය ඔබ දකින්නට කැමතියි… ඒ අය ආසයි තාමත් අපි ඔවුන්ගෙන් දුරස්වෙලා නැහැ කියල දැනෙනවට… ඒ අය අපෙන් බලාපොරොත්තුවෙන්නේ එක දෙයයි… ඒ තමයි ” කවදාවත්ම අපිව තනිකරන්න එපා” කියන දේ… ඔව්, අපි කිසිම දවසක ඔබව තනිකරන්නේ නැහැ…. ඒ හින්දා යන්න ඔවුන්ව බලන්න…. ඒ අයට සැනසුමක් ගෙන දෙන්න…. මා ඔබට දෙයක් කියන්නම්… එසේ ගිය දවසක ඔබේ සිතට දැනෙන සැනසුම,තෘප්තිය ඔබට වෙන කිසිම දේකින් අත්පත්කරගන්න බැහැ…. මං මේ දේ කියන්නේ මගේ අත්දැකීමෙන්…. තව දෙයක්…
ලේ,දහඩිය ,කඳුළු වගුරලා නිදහස් කරගත්ත මේ රටේ සමහර උදවිය විවිධ ගැටුම්කාරී තත්ව වලට පාර කපාගෙන යන්න හදනවා දැන් පේනවා… දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ දේ සිද්ධවෙනවද මම දන්නේ නැහැ…. විශේෂයෙන්ම ආගම් අතර සහජීවනෙයේ විශාල බිඳවැටීමක් මේ කාලයේ දක්නට ලැබෙනවා…. ඒ හින්දාම මේ දේත් කියන්න හිතුණා…. ඒ රණවිරු සෙවනේ රට වෙනුවෙන් සටන් වැදිලා අබාධිත වුණු විරෝදාර මිනිස්සු අතරේ ඔය හැම ආගමකට, ජාතියකටම, කුලයකටම, වර්ගයකටම අය්ති අය හිටියා… ඒ අය සටන් වැදුණේ රට වෙනුවෙන් මිසක් තමන් අය්ති කුලේ, ජාතිය, ආගම සඳහා නෙමෙයිඋ… එහෙම හිතුවානම් අපි මැරුණු තැන්වල ගසුත් පැලවෙලා…. එහෙම නිදහස් කරගත්ත රටක අනවශ්‍ය හේතුවක් හින්දා ගැටුම් ඇතිවෙන්න ඕනෑ නෑ… විශෙෂයෙන්ම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තියෙන ආගම් හින්දා ඇයි මේ ගැටලු හදාගන්නේ???? ඒක එක පැත්තකින් මේ විදිහට රට දැය වෙනුවෙන් උදාර කැපකිරීම් කල මිනිසුන්ට කරන අවමානයක්…. එහෙව් ප්‍රශ්නවලට පාර කපන මිනිසුන්ට මට කියන්න තියෙන්නේ… මව්බිමේ නාමයෙන් ඔය කරන රටට කරන විනය නවත්තන්න… මේක එක ආගමක නෙමෙයි හැම ආගමක ඉන්න මෙවැනි කොට්ඨාශවලට වලංගුයි…. නැත්නම් තවත් තරුණ ජීවිත ගණනාවක් මේ විදිහට දුක් විදිවී…. මොකද ඇත්තම කථාව තමයි ප්‍රශ්ණ ඇති කරන මිනිස්සු කවමදාවත් ඒ වගේ සටන්වලට එන්නේ නැහැ…. මුලදී ඉඳලා අන්තිමට shape එකේ මාරුවෙනවා…. අන්තිමට බැටකන්නේ අහිංසක මේවගේ තරුණ දුප්පත් කොට්ඨශ…. හදිසියෙවත් එහෙම දෙයක් වුනොත් ඒ ප්‍රශ්ණ ඇති කල අයට මට කියන්න තියෙන්නේ එක දෙයයි… “නුඹලාට වැහි නැති අකුණු වදිනවාම තමයි….” මේක ටිකක් රළු ප්‍රාර්ථනාවක් වුනත් මේ අහිංසක රණවිරු සගයින්ගෙ අභීත කැපකිරීම හමුවේ ඒක රළු ප්‍රාර්ථනාවක් නෙමෙයි…. රටට යහපතක්… ප්‍රශ්ණයක් තියෙනවනම් ඒක නීතියෙන් හරි, සුහද සාකච්ඡාවකින් හරි විසඳගමු… ඒකෙන් තමන්ට කිසිම අවමානයක් වෙන්නේ නෑ…. හරියට තමන්ගේ ආගම දහම අදහනවනම් ඒ විදිහටයි ප්‍රශ්ණ විසඳගන්නේ…. නැත්නම් ගහ මරාගෙන, ගරහගෙන නෙමෙයි…. එහෙම ප්‍රශ්න විසඳගන්නේ ආගමේ මතු ඔපේ දකින අය විතරයි…. එහෙම විසඳගන්නවනම් ප්‍රශ්ණ, අපියි තිරිසන් සත්වයොයි අතරේ කිසිම වෙනසක් නෑ….. ඒ හින්දා ප්‍රශ්නවලදී බුද්ධිමත්ව ක්‍රියාකරමු…. අඩුම ගාණේ මේ විරොදාර මිනිසුන්ට ඒ විදිහට හරි කළගුණ සලකමු….
රණවිරු සෙවනේ දරුණු ප්‍රහාරයකට ලක්වෙලා ශරීරය අඩපණ වුනු මැදි වයසේ හමුදා නිලධාරියෙක් හිටියා…. ඔහු අපි දිහා අමාරුවෙන් ඇස් කරකව කරකව බැලුවා….. ඔහුට හරිහැටි කතාකරගන්නත් අමාරුයි… ඔහු අමාරුවෙන් කිව්ව ක්ලැරන්ස් විජෙවර්ධනයනෙගේ සින්දු අහන්න අසයි කියලා… අපි ගීත 3ක් වගේ ඔහු ලඟ ගායනා කලා… ඒ හැම ගීතය්ක්ම ගායනාකරන කොට ඒ ඇස් වලින් කඳුලු ගැලුවා…. අපිත් ඇත්ත්ටම කඳුලු වලින් හිත ඇතුලෙන් හඬමින් උන්නේ… ඇත්තටම් මේ දර්ශන තම්න්ගේම ඇස් දෙකෙන්ම දැක්කානම් මේ රටේ මිනිස් සිතක් තියෙන කිසිම මිනිහෙක් යුද්ධයකට හේතුවෙන කිසිම දෙයක් රට ඇතුලට ගේන්නේ නෑ… මා ඔබෙන් කාරුණික් ඉල්ලීම්ක කරනවා…. අනේ ආයේ නම් යුද්ධයක් මේ රට ගේන්න නම් එපා…. අඩුම ගානේ ආගමික ගැටුමක්වත්… තරුණ ජීවිත දස දස් ගණනක් ලක්මෑණීයන්ට නැතිවෙයි…..මේක හරි මානුෂීය ඉල්ලීමක්…. එතැන උන්නා අවුරුදු 35 ක් වූ දෙපා පණ නැති ආබාධිත උදාරතර රණවිරු නිලධාරියෙක්…. බොහොම් සුහද ඒ වගේම මිත්‍රශීලී හමුදා නිලධාරියෙක්… එක වෙලාවක හිතුණා ඔහු අපේ කුළුපඟ මිත්‍රයෙක්ද කියලත්….. එතරම් සුහඳශීලී අහිංසක මනුස්සයෙක්…. නිලධාරියෙක් වූවත් ඔහු අපිව ආමනත්‍රණය කලේ ” මල්ලී, නංගී” කියලයි…. ඔහු පැවසූ දෙයක් කිසිදු සංස්කරණයකින් තොරව මෙහි සටහන් කරන්නට කැමතියි…. මේ දේ මා මැරෙනතුරාවට මට මතක තියෙයි… ” මල්ලි මට දැන් අවුරුදු 35 ක් වෙනවා…. මගේ කකුල් දෙක පණ නැහැ…. මට ආයේ නැගිටින්න බැහැ…. මගේ කාලේ දැන් ඉවරයි… ඉස්සරහට එන්නේ ඔයගොල්ලන්ගේ කාලේ…. ඔගොල්ලෝ තමා මෙ රට රැකගන්න ඕනෑ…. තව දෙයක් මල්ලී… ලද දෙයින් සැනසෙන්න…. ඊට වඩා දේවල් බලාපොරොත්තුවෙන්න එපා…” ඒ නිලධාරියා කිව්ව දේවල් ඇත්ත…. මේ අපි හැමෝගෙම රටයි…. කාටවත් ඒ වගකීමෙන් මිදෙන්න බැහැ…. අපි මේ රටේ හැම ගහ කොලකටම, මනුස්සයෙක්ටම, සතෙක්ටම ආදරේ කරන්න ඕනෑ…. කොටින්ම පස් පිඬක්, ගංගාවක්ම, ඇලක් දොලක්ම අපේ ආදරේට නතුවෙන්න ඕනෑ….. හැබැයි එහෙම රටේ අනවශ්‍ය ගැටළු හඳන්න අපිට අයිතියක් නෑ…. ජාතිවාදය, ආගමවාදය, මූලධර්මවාදය මේ හැමදේම පුස් උණ්ඩ වගේ… මේ හැම දේම අයින් කරල බැලුවාම අපි ඔක්කෝම ලෙයින් මසින් තැනුණු මිනිස්සු…. කවදහරි මැරුණාම පොළවට පස්වෙන මිනිස්සු…. එච්චරයි….. මේ රටට තවත් ගැටළු එපා…. එවායින් අපි බැට කෑවා හොඳටම ඇති…. මේ ප්‍රශ්ණ නිසා පොළවට බොහොම වටිනා ජීවිත පස් වුණා… මතක් තියාගන්න අපි අද කෑමට ගන්න ගහ කොල, ඵල හැමදේකම අඩුමගානේ ඒ උදාර සිරුරුවලින් නිපදවුනු පොහොර ටිකක් හරි තියෙනවා…. ඒ හින්දා එහෙව් දේව ආහාරයට ගනිමින් රට තුළ ප්‍රශ්ණ හදන්න කවුරුන්හරි උත්සහ ගන්නවනම් ඒ පුද්ගලයා රටට කිසිම ආඩහරයක් නැති නොමිනිස් ගතිගුණ හියෙන මනුෂ්‍යයෙක් විදිහට මා දකින්නේ…. එහෙම ප්‍රශ්ණ හදන්න උත්සහ කරනවනම් ඒ අය කරන්නේ මේ උදාර රණවිරුවන්ගේ ලේ, දහඩිය, කැපකිරීමට අවමානයක් වගේම නිග්‍රහයක්…. ආගමික, ජාතිවාදී, මූලාධර්මවාදී කිසිම ගැටලුවක් මේ රටට එපා…. තවත් ලේ ගංගා අපිට ඕනෑ නැහැ…. ලද දෙයින් සතුටු වෙමු…. තව තව දේවල් හඹායන්න ඕනැ නෑ… ආගමික සහජීවනය, ජාතික සහජීවනයයි දැන් මේ රටට ඕනෑ…. මේ රට බොහොම ලස්සන රටක්…. දේශගුනිකව ගත්තත්, භෞතික පරිසරය ගත්තත්, පරිසර අලංකාරය ගත්තත් අපි ගොඩක් පොහොසත්… ඒත් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බැරිවෙලා තියෙන්නේ මේ ජාතිවදී, ආගම්වාදී, මූලදර්මවාදී, ගැතිවාදී මත නිඅසයි…. ඒ හින්දයි අපි තාම නිදහස ගත්තට පස්සේත් එදා හිටපු තැනම ඉන්නේ… මේ දේවල් නැතිකරගෙන ආකල්ප අතින් පොහොසත් වෙලා සහෝදරත්වයෙන් මේ ගමන යමු… හැමෝට්ම සම අයිතිවාසිකම් ලැබෙන සමාජයක් ගොඩනඟමු… අන් මතවලට,ආගම්වලට, සංස්කෘතිවලට ගරු කරමු…. අපට මේ අභීත රණවිරුවන් වෙනුවෙන් කල හැකි ලොකුම උත්තමාචාරය එකයි….. හෝරා කීපයක් මනුෂ්‍යත්වය සමඟ ගතකරලා අපි එතැනින් එන්න සුදානම් වුණා… බොහෝ දෙනෙක් අපිට අතවැනුවා… ඒ දෑස්වල දුකක සේයාවක් සටහන්වෙලා තිබ්බා… ගොඩ දෙනෙක්ගේ ඇස් වල ලියවෙලා තිබුනා ආයෙමත් එන්න කියන ආරාධනය… ඔව්, අපි ආයෙමත් ඒවී…. ඒක අපේ යුතුකමක්… රණවිරු දිනය එක් දිනෙකට සීමා විය යුතු නෑ… ඒ දේ අපි හැමෝගෙම හද පතුලේ හැමදාටම තියාගත යුතුයි… එතැනට යනකොට ගිය පුද්ගලයා නොවෙයි එතැනින් එලියට එනකොට මා තුල හිටියේ…. වෙනස්ම පුද්ගලයෙක්… ඇත්තටම මගේ හිතට දැනුණා පුදුම සැනසුමක්…. මං හිතන්නේ බොහෝ දෙනෙකුට ඒ සැනසීම දැනෙන්න ඇති…. මේ දේ ලියන්න මට හිතුනෙත් ඒ හින්දමයි…. මා දැන් දන්නවා “මනුෂ්‍යයෙක් සේ ඉපිද… මනුෂ්‍යයෙක් සේ ලොව හැර යාමේ” වටිනාකම… ඔබටත් ආරධනා කරනවා සුහදව එය විදගන්න ලෙසට…. මේ ලිපිය අවසන් කරන්නට මා යොදාගන්නේ රංජන් සාලිය ගායකයාණන් විසින් ගායනා කල අපූරු ගීතයක පද රචනාවක් එක්ක…. මුහුද දෙබෑකරන…. අහස පොළව සිඹින…. රටට සෙනෙහෙ පුදන…. ලෙයින් මසින් සැදුන…. සැබෑ පියෙකි…. දරු දහසකි…. මුළු රටේම…. ලේ නෑයකි…. අපෙන් එකෙකි…. සිය දහසකි…. ඒ දරුහට…. මව් දහසකි…. යෞවනයේ මේ සගයා…. අපෙන් එකෙකි මේ මිනිසා…. මේ මිනිසා…. රණවිරු සොයුරු සොහොයුරියනි,අපි ඔබට සැමදා ණයගැතිය…. අපේ උත්තමාචාරය!!!!
තිරසබැඳිය යෞවනයේ මේ සගයා… අපෙන් එකෙකි මේ මිනිසා…හි ප්‍රතිචාර වසා ඇත.
එරබදු පලස මතින්…. අවුරුද්දක් ගම වැඩියා…

"සාමයේ පණිවිඩියයි ගෙන ආවේ... අවුරුදු කුමරුන් බක් සිරියේ..."
මීන රාශියේ සිට….
මේෂ රාශියට යන….
සූර්ය දෙවිදුන් හට….
සුබ නැකත උදාවීලා….
රබන් සුරල් වැයුණා…. කොහෝ හඬක් නැඟුණා….
එරබදු පලස මතින්…. අවුරුද්දක් ගම වැඩියා…
ලිප උඩ උතුරන….
තෙල්වල ඒ….
බැදෙනා කැවිලි….
පුසුඹ දැනේ….
මේවර ජන ගී…. හඬ පැතිරේ….
අවුරුදු සිරියෙන්…. රට පිනවෙයි….
වාද බේද තිබු…. දුරුවීලා….
එකම ජාතියක්… ලෙස බැදෙනා….
සාමයේ පණිවිඩියයි ගෙන ආවේ….
අවුරුදු කුමරුන් බක් සිරියේ….
ඉතින් එන්න යන්න….
සාමයේ හිරු දැකගන්න….
මෙතැන් පටන් සැමදා….
අපි ඉමු සැම එක්වීලා….
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
“එරන්දියේ” නුඹ… හැර ජීවිතයක්… කිසිදින නොපතන්නම්….

" 'එරන්දියේ' නුඹ... හැර ජීවිතයක්... කිසිදින නොපතන්නම්..."
ඔබ තව තරුවක්… නොව ගණඳුර රෑ…
සඳකට තනි රකිනා…
ඉරබටු තරුවකි… මං සලකුණවී…
පැතුමට ඉඟි කරනා…
සුදු හංසිනියකි… ආදර විල මැද…
කෝඩුව සැරිසරනා…
වසන්තයේ පිපි… “එරන්දියයි” නුඹ…
හදකට පණ පොවනා…
අනාගතේ යුග… ගී නුඹගේ මා…
දෑසින් කියවන්නම්…
ආදර සිහිනය… හද තුල අතුරා…
නුඹ එහි සතපන්නම්…
ජීවිතයේ යලි… මිදී නොයන්නට…
හෙවනැල්ලක් වෙන්නම්…
“එරන්දියේ” නුඹ… හැර ජීවිතයක්…
කිසිදින නොපතන්නම්….
සිහින අසපුවෙන්… මිදී සැබෑලොව…
නෙතඟට හමුවෙන්න…
ඉස්පාසුව නැති… කාරණයක් ඇත…
සිත තුළ දඟකරන…
හුරතල් දෙබසින්… මනමත් කරවන…
රහසක් දැනගන්න….
ආදරයට පණ.. හුස්ම පොවන ඒ…
දිනය උදාවෙන්න…
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන