අලි බබා හදපු මැරහොරු…

“අලි බබා හදපු මැර හොරා“
“අම්මේ කතාවක් කියන්නකෝ”
“මොන කතන්දරද ළමයෝ, නිදාගන්න”
“ අනේ අම්මේ”
“ හා එහෙනම් අහගන්නකෝ… ඔන්න එකමත් එක දවසක…”
පොඩිකාලේට ගියා වගේ දැනුණද???තාමත් ඉඳහිට හැබෑවටම බැරිවුණත් හිතින් ගිහින් එන්න ආස කාලයක්… ආයේ බොරු මොකටද අපි ආසයි අතීතය ස්මරණය කරන්න… ඉතිහාස කථා, බෞද්ධ කථා, ජන කථා මිනිස්සු නැවත නැවත මතක් කිරීමෙන් ඔබ්බට ගිහිල්ලා ඒවා ඩිජිටල් තිර මත ත්‍රිමාණව මවන තරමට අපේ මිනිස්සු ඒ අතීත කථාවලට ආදරෙයි… ඒ හා බැඳුණු වාණිජමය කාරණයක් ඇතත් ඒවා නැරඹීමට ප්‍රේක්ෂකයෝ ඇඳෙන එකෙන් තේරෙන්නේ ඒ කථාවලට මිනිසුන්ගේ තිබෙන ආදරයයි…
දේශපාලකයින්ගේ තුරුම්පු අතරත් අතීත කථාවලට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්… නිකමට කල්පනා කරලා බැලුවොත් පහුගිය අවුරුදු දහය පහළොව තිස්සේම ඇහෙන කථාවල් ඒ විදිහටම, විරාම ලක්ෂණයක් වත් නොඅඩුව ඇහෙන විත්තිය ඔබටම තේරේවී… නමුත් මගේ අරමුණ මේ ලිපිය උඩ සඳහන් කරපු එක කථාවක් ගැනවත් විචාරයක් ලියන්න නෙමෙයි… මට හිතුණා වෙනස්ම කථාවක් ඔබට කියන්න… මේ කථාවේ ලොකුම වෙනස තමයි අපිම ලියපු මේ කථාව අපිටම වෙනස් කරන්න පුළුවන් වීමයි…කාලෙකට පස්සේ මම විද්‍යුත් පන්හිඳෙන් ඔබ හා මේ කථාව බෙදාගන්න හිතුවේ මේ කථාව අපේ රටේ ගමන තීරණය කරන නිසා… මේක දේශපාලනික ධාරාවකට අදාළ කථාවක් නොවුණත්මානව හිතෛෂී දේශපාලනික කථාවක් වෙන්නත් පුළුවන්… ඉතින් මට අවසර…
ඉතින් මොකක්ද මේ කථාව… ඒ කථාව තමයි… “අලි බබා හදපු මැරහොරු”…
ඔව්… කියවන ඔබට හිතෙන්න පුළුවන් මම මාතෘකාව වරද්දගත්තද කියලත්… නෑ… ඒක තමා මගේ කථාවේ නම…
අරාබි නිසොල්ලාසයේ එන “අලි බබා හා හොරු හතිළිහ” ගැන මම දන්නවා… නමුත් ඒ කථාවයි මම කියන්න යන කථාවයි අතර ලොකුම වෙනස තමයි අරාබි නිසොල්ලාසයේ කතාව වෙනස් කරන්න බැහැ අපිට ඕනි විදිහට… නමුත් මම කියන්න යන කථාව ලිව්වේ අපි හැමෝම එකතුවෙලා…. ඔව් ඒ කථාවේ කර්තෘභාගය අපි හැමෝටම හිමියි පංගු පේරුවක් නැතුවම..නමුත් අපිට මේ “අලි බබා හදපු මැරහොරු” හැදීමේ කථාව වෙනස්කරන්න පුළුවන්… මොකද මේ කථාව තාම ලියැවිලා ඉවර නැති නිසා…. “මොකක්ද යකෝ මේ හතිරි බීරි කථාව?” කියලා ඔබට හිතෙන්න පුළුවන්… ඒහින්දා මම ඉස්සෙල්ලාම් මේක ලියන්න හිතුණ නිධාන කථාව කියල ඉන්නම්… මේ ලිපියේ අවසානය වෙද්දි ඔබේ බොහෝ ගැටළුවලට උත්තර ලැබිල තියේවී…
කොවිඩ් වසංගතය කියන්නේ සොබාදහම අපිට ඉගැන්නුව යස පාඩමක්…සොබාදහමෙන් මිනිස්සුන්ට ඉගැන්නුවා තාමත් සොබාදම තමා මේ ලෝකයේ චණ්ඩියා කියන එක… ඒ පාඩමේ ප්‍රතිඵලයක් විදිහට උදේ ඉඳන් රෑ වෙනකන් යන්ත්‍ර වගේ එහෙ මෙහෙ ගිය ධනවාදී සිරකඳවුරේ පරිභෝජනවාදයේ යදම්වලින් තදින් බැඳලා උන්නු සිරකරුවෝ වෙච්චි අපිට ලැබුණා පොඩි නිවාඩුවක්… ඇත්තටම අපිට අපි ඉන්නවා කියලා දැනුණ නිවාඩුවක්….
හෝව් හෝව්…!!! දැන් හිතන්නෙපා මේ ලිපිය ලියන්නේ සමාජවාදයයි ධනවාදයයි සසඳන්න කියලා… ඒ දෙකේ හොඳ නරක සසඳන්න මට උවමනාවක් නැහ කොහෙත්ම… මට කියන්න ඕනි වුණේ යථාර්තය ගැන කියන්න විතරයි… ආයේ බොරු මොකටද මූල්‍යමය ලාභය ( monetary profits) පමණක් සොයාගෙන යන සමාජයක තියෙන්නේ මම කියපු සිරකඳවුරේ ලක්ෂණ… මොකද අපිහැමෝටම ඕනි හොඳ ගෙයක් දොරක්, වාහනයක්, සැප ජීවිතයක්… මේකට කියන්නේ consumerism (පරිභෝජනය) කියලා…මේ දේ දන්නවා වෙළඳ ප්‍රජාව… අපේ ආසවල් අපේම යදම් කරලා අපේ අවශ්‍යතාවයන් ඉටු කරන තැනට මේ සමාජ යාන්ත්‍රණය හදලා තියෙන්නේ… Loan, lease, overtime මේ හැම දේම තමයි ඒ යදම්… අපෙන් උදුරගත්තේ මොකද්ද… ඒ තමා නිදහස… ඉතින් ඒකයි මම කිව්වේ ධනවාදි රාජ්‍යයේ පරිභෝජනවාදී සිරකරුවෝ අපි කියලා….නැතුව කිසිම දේශපාලනයක් මෙතන නැහැ…
ඉතින් මේ නිවාඩුවේ ලැබෙන වෙලාවත් එක්ක සමාජ මාධ්‍යයේ වැඩිපුර සැරිසරන්න ඉඩ ප්‍රස්ථාව ලැබුනා… සෑහෙන දෙනෙක් කෑම හදලා තිබුණා, තව සමහරු ගෙවතු වගාවල් පටන් අරන් තිබුණා, සමහරු සිංදු කියලා තිබුණා, කවි, කථා ලියලා තිබුණා, චිත්‍ර ඇඳලා තිබුණා, සොබාදහම රසවිඳලා ඡායාරූපයකට අරන් තිබුණා…ඒ හැමට වැඩියෙන් පවුලේ අයත් එක්ක කාලය ගතකරලා තිබුණා… ඇත්ත මට හිතෙන විදිහට මේ තමයි අපිට මේ නිවාඩුවෙන් ලැබුනු ලොකුම + point එක… දෙමව්පියෝ උදේ වැඩට යද්දි නිදන් උන්නු දරුවෝ රැට දෙමව්පියෝ එද්දි නිදන්න ගිහින් තිබුණු සමාජ රටාවකට පොඩි brake එකක් වැදිලා තිබුනා..පවුල කියන දේ අපිට මතකරලා දීලා තිබුණා…
මේ දේවල් අතර සැරිසරද්දී මට Video 2-3 ක් බලන්න ලැබුනා… ඒවායේ හිටියේ කටේ කිරි සුවඳවත් නොගිය පොඩි උන්… හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සුරංගනා කතා ලිව්වෙත්, කුමාරතුංග මුනිදාසයන් වටිනා ඔවදන් ග්‍රන්ථ ලිව්වෙත් මේ පොඩි මල් වගේ දරුවන්ට… නමුත් ඒ Video වල ඒ කිරි සුවඳවත් නොගිය මුවවල් වලින් අහන්න දකින්න ලැබුණේ පාතාලේ ගහන්න, මරන්න යන කථා හා ඊටම ඔබින අත්පා චලනයි… ඒ මදිවට බජාර්වල අනවර්ථ නාමයන්… තව එකක තිබුණේ මෙලෝ තේරුමක් නැති ආදරය සම්බන්ධ ඔවදනක්… මම මේ පොඩි උන් හා වෙන පොඩි උන් අතරේ මහ ලොකු වෙනසක් ශරීරයෙන් දැක්කේ නැහැ… බටු ගෙඩි දෙකක් විතර උස සමාන්‍ය කෙසඟ ශරීර කූඩුවක් තිබ්බ දරුවෝ ඒ අයත්… පොඩි උන් පැහැනෙවා තමයි… හැබැයි මේ අය කුණු වෙනතරමට ඉදිලා තිබුණේ….සන්නිවේදන තාක්ෂණේ ඇතුලේ බිහිවුනු සමාජ මාධ්‍ය රාජ්‍යයක දැමූ පොඩි පාතාල part එකක්…මේ වගේ දෙයකට සමාජ මාධ්‍ය වපසරියේ ලැබිල තිබුණු අවධානය views, shares ගණනින් අවබෝධ කරගන්න පුළුවන් වුණා… යමක් ඉක්මණට මිනිසුන්ට ළඟා කරන්න ඕනි නම් සමාජ මාධ්‍යය තරම් හොඳ මාධ්‍යයක් තවත් නෑ… මේ විත්තිය මේ පොඩි උන් දැනගෙන තිබුණා… නමුත් ඒ මිනිසුන්ට ළඟාකල පණිවිඩය කිසිම හරයකට නැති දෙයක්…
ඇත්ත… අපේ පොඩි කාලෙයි දැන් ඉන්න පොඩි අයගේ කාලෙයි තිබුණු තාක්ෂණ අතරේ ලොකු වෙනසක් තියෙනවා… අපි ඉස්සෙල්ලාම දැක්කේ ගඩොල් කැට size mobile phone …. ඒ කාලේ ඒක luxury item එකක්… නමුත් දැන් පොඩි උන් ඉපදෙදිම දකින්නෙම හීනි touch screen තියෙන mobile phone … දැන් ඒක common commodity එකක්…තාක්ෂණේ මිනිසුන්ට අවශ්‍යයයි… ඒවගේම නූතන පරම්පරාව ඒ ගැන යාවත්කාලීනවීම අනිවාර්යයි… නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තාක්ෂණයේ නෙමෙයි… තාක්ෂණයේ අවභාවිතයයි… තවත් ගැඹුරට ගියොත් මනුස්සයාගේ චිත්තනය හා හැඟීම මතයි… මේක මානව ගැටළුවක් වෙන්නේ එතනයි…
ලංකාවේ කාලෙන් කාලේට හැදෙනවා රැල්ලක්… Star රැල්ලත් එහෙම ආව රැල්ලක්… ඇත්ත දක්ෂතාවලට අවස්ථාවක් දෙන්න ඕනි… ඒකට අවශ්‍ය කරන පීඨිකාව මාධ්‍ය හදලා දුන්නා… පොඩි උන්ටත් ඒත් එක්කම තිරයේ ඉඩක් ලැබුණා… ඒක ඉතාමත් හොඳයි වගේම වටිනා කාලීන අවශ්‍යතාවයක්…උසස් අරමුණක්.. ප්‍රශ්නේ ආවේ එතන නෙමෙයි… ප්‍රශ්නේ ආවේ පොඩි උන් අධික වාණිජකරණයට ලක්කිරීමය… කෙටියෙන්ම කිව්වොත් පොඩි උන් හූරන් කෑමය…ඒ හූරන් කෑම ඇතුළේ සමාජයට සිදුවුණු හානිය මනින්නට බැරිවේවී…
මේ තරඟ විනිශ්ච මණ්ඩලවලින් තේරීල එක්තරා සන්ධිස්ථානයකට ආවාම ජනතාවට භාරදෙනවා sms වලින් ජයග්‍රහකයා තෝරන්න… දැන් මේ තරඟය දිනන්න මොනවද ඕනි කරන්නේ…. Election campaign එකක්… දරුණු campaign එකක්… කොයි අම්මා තාත්තාද කැමති තමන්ගේ දරුවා පැරදෙනවා දකින්න… ඉතින් අම්මා තාත්තා කරනවා campaign … පොඩි එකත් campaign ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ නමුත් උදේ ඉඳන් රෑ වෙනකන් පීඨිකාවල සිංදු කියනවා ඡන්ද එකතුකරන්න… sponsorship ගන්න… අන්තිමේදී සහජ දක්ෂතාවයක් ඔප්නංවගන්න කියලා ගියපු තරඟේ නිසා පොඩි එකාට ඉස්කෝල්ත් නැහැ…. සිරිත්මල්දම පොත මේසේ උඩ තනියම… පොඩි උන් පොඩි කාලේම කියවනවා ආත්මාර්ථයේ හෝඩි පොත…
සමහර තරඟවල තියෙනවා ජනප්‍රියම තරුව කියලා segment එකකුත් පොඩි උන් වෙනුවෙන්… ඒක තනිකරම sms… ජනප්‍රියම label එක හරිම දරුණු category එකක්… ඒකෙන් අන්ධවුණාම දක්ෂතාවය ඔපමට්ටක් කරගන්න ගන්න උත්සහයේ බැස්ම පටන්ගන්නවා… පොඩිකාලේ පොඩි උන් දිරිමත් කරන්න ඕනි දක්ෂතා ඔපමට්ටම් කරන්න මිසක ජනප්‍රිය කරන්න නෙමෙයි… ජනප්‍රියත්වය + point එකක් මුදල් හම්බකරන්න … නමුත් ඒකේ පැවත්ම කොච්චර කල්ද කියන්න අමාරුයි… මොකද ජනප්‍රියත්වය කියනදේ රඳාපවතින්නේ බොහෝ කරුණු මත පදනම්ව නිසා… සමහරවිට විෂය පථයට කොහෙත්ම අදාළ නැති කාරණයක් නිසත් ජනප්‍රිය වෙන්න පුළුවන්… ඒ වගේම ජනප්‍රියත්වය අමාරු දෙයක් balance කරන්නත් හරි හමන් අත්දැකීමක් නැතුවත්… ඒ වගේ දෙයක් පොඩි එකෙක්ගේ ඔළුවට කාන්දු කිරීම බොහොම භයානකයි…මොකද ජනප්‍රියත්වයේම එල්ලිලා ඉඳලා දක්ෂතා කුසලතා වර්ධනය නොකරගත්තොත් අනාගතයේ මුළු ජීවිතේම විනාශවෙලා යන්න පුළුවන් නිසා… එහෙම වුණු චරිත අපිට දකින්න ලැබිලා තියෙනවා…
සමහර දෙමව්පියන් මේ කිරි සප්පයන්ගෙන් තමන්ගේ හීන සැබෑ කරගන්න හදනවා… සමහරවිට ආදරේ වැඩිකමට වෙන්න පුළුවන්…. නමුත් ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්… දෙමව්පියන් දරුවන්ට නිසි මඟ කියාදී ඒ ඔස්සේ ඔවුන් ගොඩනඟන ඔවුන්ගේ හීන වලට අත්වැලක් වීමයි කළයුත්තේ… දෙමව්පියන්ගේ යුතුකම වචන කිහිපයකට ලඝු කලහොත් “ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” යන්න දරුවන්ගේ පොඩි ඔළුගෙඩ් තුළට කාන්දු කිරීමයි…නමුත් ඒ දේ වැඩිහිටියන් අතින් වෙනවද? උදාහරණ කිහිපයක් අරන් බලමු…
ලෙඩවෙලා පාසල මඟහැරුණු ලමයෙක්ට miss වුණු note එකක් ලියාගන්න පොතක් දෙන ළමයෙක් හොයාගන්න අද කාලේ හරි අමාරුයි… ඇයි ඒ??? ළමයි අතරේ තියෙන්නේ හැල්මේ දුවන race එකක්… හොඳින් හරි නරකින් හරි 1 වෙන්න තමයි හැමෝටම ඕනි… ඒකට උල්පන්දම් දෙන්නේ කවුද??? දෙමව්පියෝ නැත්නම් වැඩිහිට් සමාජයම තමයි… වාර විභාග ලකුණු ගන්න ආවාම ඕක හොඳටම බලන්න පුළුවන්… පෝලිමේ teacher ගාවට යන්න අම්මලා තාත්තලා ළඟම ඉන්න අම්මා තාත්තගේ ළමයාගේ ලකුණු එක්ක සංසන්දනය පටන්ගන්නවා…
“ ඔයාගේ පුතාට ලකුණු කීයද mathsවලට? අපේ එක්කෙනාටනම් 90 යි” බොලේ දාල බලනවා. උත්තර දෙන මනුස්සයාගෙ ඇස්වලින් පොඩි ඉරිසියාවක් ගලනවා.
“ අපේ කෙනාට ලකුනු 85 යි මෙයා. බලන්නකෝ මෙයාගේ පහුගිය දවස් ටිකේ tution sir ආවේ නැහැනේ… ඒකයි මෙහෙම වුණේ… මේ ඒක නෙමෙයි ඔයාගේ පුතාට english වලට කීයද?” ඔන්න ඒයා බොලේ pass කලා… දැන් අනික් කෙනාගේ මූණ ඇඹුල් වෙනවා….
“ ආහ් ඒකට… පොඩ්ඩක් ඉන්න මට මතක නෑ… මේ තියෙන්නේ… ලකුණු 80 යි… හරි tution එකක් තිබ්බෙත් නැහැනේ…..”
ඔන්න ප්‍රශ්නේ අහපු කෙනාටා මාර happy …
“ අපේ පුතාට ලකුණු 95 ක් ඒකට… අද කාලේ english නැතුව මුකුත් කරන්න බැහැනේ…”
හීන් නුලේ ජය පදය ගහනවා… මේ දෙබස දිගටම වෙනවා… දෙමව්පියෝ රැස්වීමෙන් පිටවෙලා යන්නේ වෛරය,ක්‍රෝධය, ලැජ්ජාව,තරහව,ආත්මානුකම්පාව හිතේ කැකෑරෙමින් තියෙද්දි… දැන් මේ වාඩුව ගන්නේ කාගෙන්ද…. අර හය හතර නොතේරෙන පොඩි එකාගෙන්…
“අම්මේ බඩගිනියි” පොඩි එකා එනවා හතිදාගෙන නාවර පෙරාගෙන ගෙදර…
“ බඩගිනියි??? කන්නම දෙන්න තමා වටින්නේ… අද මට ලැජ්ජා හිතුණා ඔයාගේ ලකුණු දැකලා… බලන්න ඔයාගේ යාළුවා සනේශ්ගේ ලකුණු…”
පොඩි එකා හොල්මන්…
“අම්මේ ඉතින් මගේ average එක 90 ක් නේ… චිත්‍රවලට 100 ක් තියෙනවනේ”
“ චිත්‍රවලට 100ක් විතරක් අරන් මක් කරන්නද… බලන්න ඔයාට english වලට ලකුණු 80 යි තියෙන්නේ… ඒකට සනේශ්… ඒ පොඩිඑකා… සට සට ගාල english වලින් කතාකරන්නේ…බලන් ඉන්න ආසයි වගේම ලෝභයි… ඔයාට තාම බැහැනේ එහෙම කතාකරන්න මෙච්චර tution, elocution ගිහිල්ලත්”
“ ඒ වුණාට සනේශ්ට මට වඩා ලකුණු නැහැනේ අනික් ඒවට”
“ මේ ඒකෙන් වැඩක් නැහැ… ඔයාට english වලට ලකුණු නැහැ… අද ඉඳන් cartoon බලන්න තහනම්… සෙල්ලම් කරන වෙලාව අඩු කරන්න ඕනි… ඔය ඔක්කම හින්දා තමයි ඔයාට englishවලට ලකුණු නැත්තේ… ඊලඟ term එකේ ලකුණු 95 ක් ඕනි හැම එකටම”
“අනේ අම්මේ….” පොඩි එකාගේ හිත කඩාවැටෙනවා…
“ අනේ පණේ නැහැ… ඒක තීන්දුයි… මම තාත්තටත් කියනවා මේ ගැන…ඔයාව හුරතල් කලා වැඩියි… බලන්න අපි මෙච්චර වියදම් කරනවා… ඔයාට ගානක්වත් නැහැ…”අම්මා පොඩි එකාට confirmation bias වල තරම පෙන්නල පුප්පගෙන යනවා…
පොඩි එකාට ප්‍රශ්නයක් අහන්නවත් ඉඩක් නැහැ… දැනුමක්, විද්‍යාවක් නිර්මාණය වෙන්නේ අහපු ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ගිහින්… නමුත් වර්තමාන සමාජය ප්‍රශ්න අහන මිනිසා දිහා බලන්නේ වපර ඇහෙන්… හැමෝම පතන්නේ ඕනි දෙයකට එහෙයි කියන යන්ත්‍රයක් මිසක හිතන මිනිහෙක් නෙමෙයි…
පොඩි එකාට අණ්ඩර දෙමළ වගේ මේ කථාව…. Average එකත් 90ක්…නමුත් බරපතල සිර දඬුවමක් තීන්දු වෙලා…සමහරවිට මේ සනේශ්යුයි, මේ ළමයයි හොඳම යාළුවෝ වෙන්න ඇති… Interval එකේ එකට කෑම බෙදන් කාපු පොඩි උන් දෙන්නෙක් වෙන්නත් පුළුවන්… නමුත් අද ඉඳලා මේ ළමයට සනේශ්ව වහ කඳුරු වගේ… මොකද මේ ළමයගේ මුලු ලෝකෙම බිඳ වැටිලා සනේශ්ගේ english ලකුණු නිසා…සනේශ් හා මේ දරුවා මේ කතාවට මම ඈඳාගත්ත මනඃකල්පිත චරිත දෙකක්… නමුත් මේ චරිත අපේ සමාජයේ තියෙනවා ඕනි තරම්…
හිරකාරයෙක්ට ඉස්සෙල්ලාම නැතිවෙන්නේ තමන් ආසකරපු දේවල්… මේ පොඩි එකත් හිරකාරයෙක් වගේ… වෙනස තමයි උසාවියකින් සාධාරණ නඩු විභාගයකින් තොරව වැරදිකරුවෙක් වුණු චූදිතයෙක් මේ පොඩි එකා… අඩුමගාණේ පොඩි එකාට තමන්ගේ මතය තහවුරු කරන්න නැත්නම් burden of proof එකටවත් අවස්ථාවක් නෑ… ඊටත් පොඩි එකා කරපු වැරැද්දකුත් නැහැ… නිකමට හිතන්න අයින්ස්ටයින්ගේ, එඩිසන්ගේ අම්මා තාත්තත් මෙහෙම වුණානම් අද මේ ලෝකේ මෙහෙම දියුණු නොවෙන්න තිබ්බා…
මෙලොව එළිය දකින පොඩි උන් අඬන්න විතරයි දැනගෙන ලෝකෙට එන්නේ… ඒක තමයි පොඩි කාලේ උන් දන්න එකම සන්නිවේදන මාධ්‍යය… බඩගිනිවුණාම, තනිවුණාම, වේදනාවක් දැනුණාම ඒක කියන්නේ අඬලා…. ඉන් පස්සේ තමා අම්මා තාත්තාගෙන් අකුරක් දෙකක් අල්ලන් කියවන්නයි, අතේ එල්ලිලා ඇවිදින්නයි ඉගෙනගන්නේ… එහෙව් පොඩි උන්ට target දෙනවා sales වගේ කරන්න… “ශිෂ්‍යත්වයට අපිට මෙච්චරක් ඕනි, මේ subject වලට 95ට වඩා ඕනි”… වරදකට නැහැ කිසිම ඉඩක්…මේ පොඩි එකාගේ දෛවය ඊට පස්සේ මවයි පියයි තීරණය කරනවා… පොඩි එකා පැය 24 x 7 ම වැඩ අම්මගෙයි තාත්තගෙයි සිහින සැබෑ කරන්න… වැඩ කිව්වට බලෙන් වැඩේ කරගන්නේ…. දවස් 7 ම… නිර්මාණශීලී අදහසක් හිතන්න කාලයක් නෑ… තනිකරම හිත් පිත් නැති යන්ත්‍රයක් වෙනවා… එහෙමයි අමනුස්සකම නිර්මාණය වෙන්නේ… අන්තිමට කිසිම මනුස්සයෙක් ගැන නොසිතන, සොබාදහම ගැන නොහිතන යන්ත්‍රයක් හැදෙනවා… ඒ යන්ත්‍රය තව යන්ත්‍ර පැටව් ගහනවා… ලෝක තරාදියේ යන්ත්‍ර පැත්ත මිනිසත්කම පැත්තට වඩා බරවෙලා අවසානයේ තරාදිය කඩා වැටෙනවා…දැනටමත් ජීවන නිපුණතා වගේ විෂයන් ඇවිල්ලා තියෙනවා මිනිසත්කම ගැන කතාකරන්න… හෙට අනිද්දට මේක තවත් හැල්මේ දුවන විෂයක්වෙලා වාණිජකරණයට ලක්වුණු තවත් විෂයක්මාලාවක් නැතිනම් කෙටියෙන්ම කිව්වොත් tution පවා ඇතිවියහැකි ප්‍රවණතාවයක් දකින්න හම්බවුණොත් මා පුදුම වෙන්නේ නෑ… දැනටමත් ඒ දේ වෙලාද කියන එක ගැන මම හරියටම දන්නෙත් නෑ…
ඉහත කිව්ව කාරණා දිහාම බැලුවම පේන එක දෙයක් තමයි දෙමව්පියන් තමන්ගේ සිහින වෙනුවෙන් ළමයා භාවිතාකරනවා කියන එකයි… කොටින්ම social status එක හදාගන්න ළමයා භාවිතා කරනවා කියන එක පැහැදිලියි…අපි නිකමට හිතමු අපේ කථා නායක ළමයා මාධ්‍යයක් ඉස්සරහ චිත්‍රයක් ඇඳල පළමුවෙනියා වුණා කියලා… අර අම්මට තාත්තාට ඊට වඩා දෙයක් නැතිවෙයි එහෙම වුණනම්… නමුත් වාර විභාගයකදී මේ ලබපු ජය වැදගත් නැහැ… මොකද ඒ??? වෙන කිසිම කාරණයක් නැහැ… වාර විභාගයකින් ලබපු ලකුණු 100 න් social status up වෙන්නේ නැහැ…අනික ඒ මදිවට social status up වෙන subject එකක් නෙමෙයි චිත්‍ර පාසලේදී… සෞන්දර්ය විෂයන්වලට අත්වෙලා තියෙන්නේ මේ පාසල් ක්‍රමයේ එහෙම තත්වයක්… ඒත් තරඟයෙන් ලබපු ජයෙන් ජනප්‍රිය වෙලා social status up වෙනවා… ඕක තමයි තිත්ත ඇත්ත…
ඒකයි මම කියන්නේ ඒක ආදරයට එහා ගිය සමාජ තලය උසස් කරගැනීමේ තණ්හාවක් කියලා… මම කියන්නේ නැහැ හැම අම්මා තාත්තෙක්ම මෙහෙමයි කියලා… එහෙම කිව්වොත් මම අසාධාරණයි… නමුත් මේ social status up කරන්න ගිහිල්ලම දරුවන්ගේ ජීවිත් විනාශ කරපු අම්මලා තාත්තලා ඉන්නවා… ඒක බොරුවක් නෙමෙයි…
ඒ නිසාම දරුවාගේ උත්පත්තියෙන් ආපු සහජ දක්ෂ්තා ඔපමට්ටම් වෙන්නේ නැහැ… ජනප්‍රියත්වය කියන බැලුම් බෝලය උඩ ගිහිල්ලා හිල් වුණ දාට වැටෙන තැනක් හොයාගන්න බැරිවෙනවා… ඒක දරුවාගේ කරුමය වෙනවා… දරුවාට ආදරෙයි නම් දක්ෂතා ඔපමට්ට්ම කරන්න අවශ්‍ය ශිල්ප ඥණය ලබාදෙන්න… ඒකට පොඩි එකාගේ පොඩි කාලේ කාබාසිනියා කරන්න එපා… ඉස්සර ළමා පිටියෙන් බිහිවුණු ගායක ගායිකාවෝ අදටත් ක්ෂේත්‍රයේ ඉන්නවා… ඒ අය ජනප්‍රියයි… මගේ මතය නම දරුවන්ට කෙටි ක්‍රම කියලා දෙන්න එපා ජනප්‍රියත්වය වගේ දෙයක් ලබන්න ඕනි කුණුගොඩක් කරලා… පැවැත්මක් නැහැ… ඊට වඩා මහන්සියෙන් ලබාගන්න ජයක අගය කියලා දෙන්න… දීර්ඝ කාලයක් බැබලේවී… වැටෙද්දී අල්ලගන්න…නැගිට්ටවන්න… ඒ පිනම ඇති අම්මේ තාත්තේ ඔබට බුදු වෙන්න…
මම බලපු video වල හිටපු රෞද්‍රමල් කැකුළු නිර්මාණය කලේ කවුද… උන් බඩින් එද්දිම මේ හරුප කියාගෙන අවාද… නැහැ… මේ අපේ සමාජයේ නිර්මාණ… අපිම තමයි නිර්මාණකරුවෝ… “සිඟිති පාතාලේ හිස ඔසවයි” ජනප්‍රියම වදන… කණ්නාඩිය ඉස්සරහට යන්න… සිඟිති පාතාලේ සාඩම්බර නිර්මාණකරුවෝ බලාගන්න පුලුවන්…ඒ වගේම බොළඳ පුහු දෙබස් දොඩවන දරුවන් ඉන්නවා… මේ කාගේ නිර්මාණද… මේ අපේම නිර්මාණ… මොකද වැඩිහිට අපි පෙන්නලා දීලා තියෙනවා කුණු market කරන එක ලේසි හා profitable විත්තිය අපේ බාල පරම්පරාවට… ඕක තමයි ඇත්ත…
උදේ ඉඳන් රෑ වෙනකන් රූප පෙට්ටියේ යන ටෙලි නාට්‍ය, චිත්‍රපටි බලන්න… music video, වෙළඳ දැන්වීම් බලන්න… බොහෝවිට දකින්නේ මනස විකෘති කරන ක්‍රෝධය, වෛරය වපුරන දේවල්… ගීතයක් හෝ music video එකක් ඇහුවොත් නැත්නම් බැලුවොත් තියෙන්නේ ප්‍රේමයෙන් පැරදී මියයාමක් හරි, කෙල්ල හෝ කොල්ලා මරාදමන දර්ශනයක් හරි, ප්‍රේමයට වෛරකරමින් කාලය කාබාසිනියා කරපු සිද්ධියක් බොහෝවිට…සුලභ දෘෂ්ටි අගතියෙන් පෙළෙන බාල පරම්පරාවක් ඔවුන් නිර්මාණය කරනවා ratings ලබා ගැනීමේ කෑදර අරමුණින්… හාස්‍ය තියෙන්නේ ඒ දේවල් වපුරන මාධ්‍යයම ළමා මානසික සෞඛ්‍ය ගැන උදේට විද්වත් මණ්ඩලයක් සමඟ සාකච්ඡා කිරීමයි… ඒ විද්වත් මණ්ඩලය හ්ම් සද්දයක් නැහැ…. අපි හැමෝටම මතක තියාගන්න දෙයක් තියෙනවා… අපි මිනිස්සුන්ගෙන් ජීවත් වෙන මිනිස්සු… නිදහස් අධ්‍යාපනයේ ඉඳන්ම, නිදහස් සෞඛ්‍යයේ ඉඳන්ම, ඔබ මා ගමන්ගන්නා තාර පාරේ පවා තියෙන්නේ පැල්පතේ ඉඳන් සිටු මැදුර දක්වාම මිනිසුන්ගේ දහඩිය සුවඳයි… ඒ නිසා මිනිසා පරිස්සම් කරගැනීම අපි කාගෙත් වගකීමයි… ඒ වගකීම හමුවේ නිහඬව සිටීම මිනිස්කමටත් කරන නිග්‍රහයක්…
තව දෙයක් කියන්න හිතුණා පරම්පරා ඝට්ටනය ගැනත්… සමහර අපේ බාල පරම්පරාවේ උදවිය ලබාදෙන නිර්මාණ ගැන අපේ වැඩිහිටි පරම්පරාව දක්වන සැලකිල්ල හරිම අඩුයි…බාල පරම්පරාවේ හොඳ දේවල් වපර ඇහින් බැලීම හරි සුලබයි…. ගී පද රචනාවක් ලබාදුන්නොත් ඒකේ වචනයක් වත් නොකියවා අහක දාන අවස්ථා එමටයි… ඉතින් අර නිර්මාණකරුවොත් කුණු marketing වල බිල්ලක් වෙනවා පස්සේ කාලේක… කථාව ඔයිට වඩා වෙනස් වෙන්න තිබුණා විනාඩියක් දෙකක් අරන් නිර්මාණය කියෙව්වානම්… මේ නිසා අපිට නැතිවුණු අග්‍රගණ්‍ය නිර්මාණ බොහෝ ඇති.. මම වැඩිහිටි පරම්පරාවට ආරධනා කරනවා ඉඩක් දෙන්න මේ බාල පරම්පරාවට…
කුණු marketing කරලා තමාගේ ගතමනාව හොයාගන්න මුදලාලි මහත්ම මහත්මීන් මේ සමාජයේ ජීවත්වෙනවා… ධන බලය, නිල බලය, දේශපාලනික සම්බන්ධතා වලින් පොහොසත් මේ උදවිය රටේ අනාගතය කාබාසිනියා කරනවා… ඇත්තම කිව්වොත් පොඩි උන්ගේ මනස විකෘතිකරලා, උන්ගේ ශක්තිය හීනමාන කරල ජීවත් වෙනවා… අර videoවල දැක්කේ එහෙම දෙයක්… ඒ තමයි විනාශය…කාලාන්තරයක් තිස්සේ අපේ කොන්දක් නැති දේශපාලකයින්, ඕනි දෙයකට එහෙයි කියන වැඩිහිටි සමාජය, කුණුම පමණක් ජීවිකාවකරගත් මාධ්‍යය වපුරපු බීජ… දැන් ඒවා වැඩිලා මහ තුරු ලතාවෙලා… ඒ වැල් යන්නේ අයාලේ…මැස්සක් බඳින්නයි සිද්ධවෙලා තියෙන්නේ නිවැරදි දිශානතියට ගන්න… ඒක ලේසි වැඩක් නෙමෙයි…
මැතිවරණ සංදර්ශනවල දරුවෝ වඩාගත්තට වැඩක් නැහැ මේ දරුවන් විනාශකරන මිනිසුන්ට ආවඩන ගමන්… මට හිනායන කාරණයක් තියෙනවා… මගේ පාසල් ජීවිතයේ විවිධ කටයුතු සඳහා දේශපාලකයින් සහභාගී වුණු අවස්ථා තිබුණා… සමහරු පාසලේම ආදිශිෂ්‍යයෝ… මේ අය දරුවන්ගේ උත්සවවලට ඇවිදින් කතාකලේ දේශපාලනය… පොඩි උන්ට සර්වජන ඡන්ද බලය තියෙනවද? එවන් සභාවල කතාකලයුත්තේ ආදර්ශමත් කතාවක්… දරුවන්ට දැනෙන කතාවක්… දේශපාලනික මහප්‍රාණ වැඩක් නෑ… වැඩිහිටි පරම්පරාවෙන් සමාජගත වෙන්න ඕනි ආදර්ශ මිසක් අපුල ජුගුප්සාජනක අදහස් නෙමෙයි…
ළමයි කියන්නේ තමන්ගේ social status up කරන්න දෙවියෝ දුන්නු තිළිණයක් නෙමෙයි… ලිංගික ගණුදෙනුවකින් ශුක්‍රාණුවක් හා ඩිමබයක් සංසේචනය වෙලා ගැහැණියකගේ ගර්භාෂයේ දස මසක් වැඩිලා මෙලොව එලිය දකින දරුවා හයක් හතරක් දන්නේ නෑ… පොඩි එකා ඉගෙනගන්නේ වැඩිහිටි අපෙන්… ඒ නිසා පොඩි උන්ට ගහලවත් බැනලවත් වැඩක් නැහැ උන්ගේ මදාවි වැඩවලට… ළමුන් අතර බෙදීම, ක්‍රෝධය ඇතිකරල තියෙන්නෙත් වැඩිහිට් පරම්පරාවයි… Ratrace එකේ හැල්මේ දුවන්න දරුවන්ට පුරුදු කලේ අපි…හැමදෙයකටම තරඟයක් නිර්මාණය කලේ අපිමයි…
ඇත්ත ආර්ථික විද්‍යාවට අනුව මිනිසාට incentive එකක් තියෙන්න ඕනි යමක් කරන්න… පොඩි එකත් මනුස්සයෙක් නිසා incentive එකක් දුන්නාට වරදක් නැහැ… නමුත් incentive එක දෙන්න ඕනි පොඩි එකාගේ හීනවලට පාර කපන හරි දේ කරන්න මිසක් කුණු ගොඩකට එකතුවෙන්න නෙමෙයි… එහෙම එකක් නුදුන්නාම තමයි secondary camera එක on කරලා මදාවී අදහස් වයසට නොගැලපෙන්න දාලා සමාජ පිලිලයක් විදිහට කල එලි බහින්නේ… ළමයාට තියෙන්න ඕනි ප්‍රශ්න අහලා උත්තර සොයන නිර්මාණශීලීව හිතන මනසක්… නැතුව God Father මනසක් නෙමෙයි… ඒ මනසට අවශ්‍ය වාතාවරණය හදලා දෙන්න ඕනි වැඩිහිට් පරම්පරාවයි… ඒ අයත් “අලි බබාල” වුණාම වෙන්නේ මේ වගේ “මැරහොරු” බාල පරම්පරාවක් නිර්මාණය වීමයි…මේ කථාව ලියැවෙන විදිහ වෙනස් කරන්න පුළුවන් අපිටමයි… රටේ අනාගතය සුරක්ෂිත කරන්න මේ තීරණය අපි ගතයුතුමයි…
අවසානයේ මෙසේ ලියා තබමි…
ලාභයම මූලිකවූ සමාජ රාමුවක් තුළ…
දරුවාද වෙළඳ භාණ්ඩයක් වුවහොත් දිගින් දිගටම…
දිනෙක මාවතකදී නෝට්ටු හා කාසි වෙනුවෙන් කිනිස්සකින් ඔබෙ ගෙල සිඳෙනු ඇත්තේ…
“අලි බබා හැදූ මැරහොරෙකු”
අතින්ම බවයි.
තේ…. ඇත්තටම තිත්තයි….

“තේවල මායා රසට යටින් තියෙන්න කඳුලු කතාවක්…”
” උඩරට කඳුකර…. සිරියා පරදන…. රූබර මුහුණ ඔබේ…. රතැඟිලි එක්කර…. මදහස නංවන…. තේ දළු නෙලන ළඳේ…. “
පහුගිය දවසක උදේ තේකක් තොලඟාමින් උන් මට… අහම්බෙන් ඇහුණා මේ සින්දුව radio එකෙන්… චිත්‍රා සෝමපාල ගායිකාව ගායනා කරන මේ ගීතයෙන් තනිකරම කියවෙන්නේ තේ වතුකරයේ තේ දළුවලට තමන්ගේ යෞවනය බිලිදෙන ළඳුන් ගැන….
සිංදුවේ කියවෙන තරම් ඇත්තටම ඒ ජීවිත සුන්දරත් නැහැ… ළඳුන් ඒ හැටි පැහැබරත් නැහැ…. ඔබත් මමත් උදේට, හවසට බොන තේකට යහමින් කිරි හා සීනි මුසුකරගත්තට පස්සෙ උණු රසවත් තේ එකක් ලැබුණාට මොකද ඒ තේ දළු රසට යටවෙලා තියෙන්නේ අන්ත දුක් විඳින මිනිස්සුන්ගේ කඳුළු… නමුත් තේ වල තියෙන රසට ඒ කඳුළුවල ලුණු රහ දැනෙන්නේ නැහැ…
මේ ලිපියේ මගේ බලාපොරොත්තුව යම් මට්ටමකින් හෝ ඒ කාරණා උලුප්පා දක්වන්නයි… මේ ලිපිය ලියන්න මා සිදුකල ගවේෂණාත්මක කාරණා කීපයක් යොදාගන්න මට හිතෙනවා… මොකද ඒවායින් මේ දේවල් ඔබට හොඳින් විග්‍රහකරල කියන්න මට ඉඩ ලැබෙනවා කියලා මට හිතෙන්නේ….
ඇත්තම කිව්වොත් තේ කියන්නේ එක විදියකින් මායා පානයක්… මිනිස්සුන්ගේ ශ්‍රමය සුරාකාලා කඳුලු, දහඩිය මතින් උපදින තේ තාමත් රස හින්දයි මං එහෙම කියන්නේ … සුදු ජාතික මහත්වරුන්ගෙන් තමා තේ කියන දේ ලංකාවට ලැබෙන්නේ…. ශ්‍රී ලංකාවේ එතෙක් සාර්ථකව කරගෙන ආ කෝපි වගාවට වසංගත රෝගයක් වැළඳීමේ ප්‍රථිපලයක් විදිහට තමයි තේ වගාව අපට ලැබෙන්නේ…. James Taylor විසින් ලූල් කඳුකරයේ තේ වගාව පටන්ගන්නවා 1867 දී… 1873 දී එංගලන්තෙට ලංකාවෙන් ගිය නෞකාවක රාත්තල් 23 ක් ඒ කියන්නේ 10kg ක තේ ප්‍රමාණයක් ළඟාවෙනවා… ඒ තමයි ලංකාවෙන් ඉස්සෙල්ලාම අපනයනය කල තේ තොගය…
එතැනින් පටන්ගත්ත තේ අපනයනය ලංකාවේ ප්‍රධාන අපනයන බෝග 3ට අද ඇවිල්ලා… කොටින්ම විදේශ විනිමය උපයන එක උල්පතක් තමයි තේ කියන්නේ…. … අදටත් ලංකාවේ තේවලට යම් තැනක් ලෝකේ තියෙනවා… කලින්කලට යම් උච්චාවචනයන් නැතුවම නෙමෙයි… ඒක ඉතින් business ලෝකේ සාමන්‍ය සංසිද්ධියක්… නමුත් කිසිම වෙනසක් නැතුව එක් කාරණයක් එදා ඉඳලම අද දක්වා තේ වගාව හා බද්ධවෙලා තියෙනවා…. ඒ තමා මිනිස් ශ්‍රමය අනිසි සේ සූරා කෑම…. මේ නිසා වතුකරයේ ජනතාවට සිදුවෙන අසාධාරණ එමටයි… නමුත් මං කලින් කිව්වා වගේම තේ කියන්නේ මායා පානයක්… ඉතින් තේ රසට හැමදේම යටවෙලා… ඒ මිනිස්සුන් විදින දුක තේ ටොන් ගණන්වලට යටවෙලා…
තේ කර්මාන්තය ලංකාවේ පටන්ගන්නකොට සුදු මහත්වරුන්ට ඇතිවෙච්චි ප්‍රධාන ගැටලුව තමයි මේ සඳහා කම්කරුවෝ හොයාගන්නෙ කොහමද කියන එක… මොකද සිංහල මිනිස්සු කැමති වුනේ නෑ තේ වගා කරන්න….ඒ නිසා සුදු ජාතිකයෝ තීරණය කලා ඉන්දියාවෙන් ඒ සඳහා උදවිය ගෙන එන්න… එතනින් තමයි ඉන්දියානු දෙමළ ජනවර්ගය ලංකාවට සේන්දුවෙන්න පටන්ගත්තේ…. කොහමෙන් කොහමහරි අද ඒ ජනකොට්ඨාශයත් අපෙ ලාංකික කියන කුලකයට අයත් බව අපි අමතක නොකලයුතුයි.
මෙලෙස ගෙනාපු ජනතාවට වාසස්ථාන සැපයුවේ තේ වතුවලමයි… එක පෙලට හදපු ගෙවල් එහෙමත් නැතිනම් ” ලැයිම් කාමර” තමා ඒ සඳහා යොදාගත්තේ… ගෙවල් කිව්වට ඕවා අඩුම ගාණේ කුඩා නිවසක් තරම්වත් නෑ… පොඩි කාමරයක්, පොඩි කුස්සියක් සහ පොඩි සාලයක් කියන කොටස් 3න් තමා ඕවා සමන්විත වෙලා තියෙන්න… එලියේ වල කක්කුස්සියක්… සමහරවෙලාවට ගෙවල් 10 – 15 ටම තියෙන්නේ වැසිකිලි 2ක් වෙන්න පුලුවන්…. සමහර පවුල්වල සමාජිකයෝ 5 ට වඩා වැඩියි… ඒත් ඉඩ තියෙන්නේ මේ ප්‍රමාණයම තමයි… ඒත් හිසට වහලක් තියෙන නිසා මේ අය මෙහි ජීවත්වෙනවා….
උදේ පාන්දර කංකානම් එහෙමත් නැතිනම් තේ වතුවල වැඩ කටයුතු හරියට සිද්ධවෙනවද කියලා බලන පුද්ගලයා එක්ක ගැහුණු, පිරිමි දෙවර්ගයම වැඩට යනවා… මුදල් ගෙවන්නේ නෙලන තේ කොල ප්‍රමාණයේ බරට… තේ දලු නෙලන එකත් එච්චර ලේසි වැඩක් නෙමෙයි… අතේ කහට ගැවෙනවා වගේම ඇතම්විට ඒවා යන්නෙත් නෑ… තව දෙයක් තේ දලු නෙලනකොට ඒවාට හානි වෙන්නත් බෑ… ගහට හානිවෙන්නත් බෑ… එකයි මං මුලින්ම කිව්වේ… තේ මණ්ඩියට තේ කොල ටිකක් දාලා උණු වතුරෙන් පෙරලා සිනි හැඳි 2ක් කලවම් කරල තේ බොන තරම් මේ ක්‍රියාවලිය රස නැති විත්තිය….
අපි දැන් මේ මිනිස්සුන්ගේ ජීවිතෙ ඇතුළාන්තය විමසා බලමු…. ගිනි අව්වේ කරවෙලා තේ දළු නෙලන මේ මිනිස්සුන්ගේ ජීවිතය හරිම ශොචනීයයි… මේ ටික කිව්වේ මේ ලිපිය රසබර කරන්න නෙමෙයි… බොහෝදෙනෙක් නොදන්න දෙයක් කියන්නයි…. තේ දළුනෙලුවා කියලා මහ ගාණක් ඒ මිනිස්සුන්ට ලැබෙන්නේ නෑ… රටට විදේශ විනිමයක් ගෙනල්ලා දෙනවා කියලා පුරසාරම් දෙඬුවට මොකද ඒ විදේශ විනිමය ගෙනල්ලා දෙන මිනිස්සුන්ට සලකන විදිය ශෝචනීයයි…
මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය රොටී… රොටී කිව්වට තුන් වේලටම රොටී පුච්චන්නේ පවුල් සුළු ප්‍රමාණයක් පමණයි… අනිත් අය කරන්නේ උදේට පුච්චන රොටියේ එක වාටියක් කාලා අනික් වාටිය කන්නේ දවල් ආහාරයට…. බහුතරයක් දවස්වලට තමන්ගේ කුසගින්න නිවාගන්නේ වතුරට පිංසිද්ධවෙන්න… ඕක තමයි ඇත්ත…. සාමන්‍යයෙන් ළමයෙක් හම්බවෙන්න ඉන්න අම්මෙකුට හොඳ පෝෂණයක් ලැබියයුතුයි කියලා පොත පතේ සඳහන් වුණාට මොකද මේ ලැයිම්වල ඉන්න අම්මලාට අත්වෙලා තියෙන්නෙත් මේ ඉරණමමයි….
මට වෙලාවකට මෙහෙමත් හිතෙනවා… ඔය වාර්තා, දැනුමෙන් හොයාගන්න දේවල් මේ ප්‍රායෝගික marketing ලෝකයේ නිකන්ම නිකන් පුස්සක් කියලා… මොකද ඔය හැමදේම ඒවිදිහටම ක්‍රියාත්මකවෙන්න මේ සමාජ ක්‍රමය තුළ බාධා එමටයි… උදාහරණයක් විදිහට උපයන මුදල මත හැමදේම තීරණය වෙන්නේ මේ marketing ලෝකයේ…. ඒකට මුකුත් කියන්න බැහැ… නමුත් ගැටළුව තියෙන්නේ මේ මිනිසුඟේ ශ්‍රමය සුරාකෑමට නිසි වටිනාකමක් දෙන්න පාලන අධිකාරීන් කොතරම් දුරට සාධාරණවෙලා තියෙනවද කියන එකයි…. මෙතන්දී මේ රට පාලනය කල සියළුදෙනාම වගකිවයුතුයි… මේ කාරණේ වතු ජනතාව වෙනුවෙන් පමණක් නෙමෙයි සියළුම වැඩකරන ජනතාව වෙනුවෙන් ඉස්මතු කලයුතු කාරණයක් විදිහටයි මට පෙනෙන්නේ…
මේ වතුකරයේ බොහෝදෙනෙක් නොදන්න අඳුරු පැත්තක් තියෙනවා… ඒ තමා ළමා මෙහෙකාර සේවයට ළමයින් සපයන තෝතැන්නක් තමයි වතුකරය….අවුරුදු14 ට අඩු පාසල් යන වයසේ ළමයි පවා මේ උගුලට අහුවෙනවා… ගවේෂණය කරල බැලුවාම මේකට හේතු විදිහට ප්‍රධානම හේතුව තමා ආර්ථික ගැටලුව… ඒත් ඒක සමාවට කාරණයක් නෙමෙයි… මොකද මේ දේ නීතියෙන් තහනම් නිසා… නමුත් නීතියේ ඇස්වලටත් වැලි ගසමින් මේ දේ මේ ප්‍රදේශවල ජයටම සිදුවෙනවා…ඒක තමා ශොචනීයම කාරණය….
වතුකරයේ පාසැලවලට යන ළමයි බහුතරයකට තියෙන්නේ එක නිල ඇඳුමයි…. රජයෙන් නිල ඇඳුම් දුන්නට මොකෝ එවා මහගන්න තරම් වත්කමක් මේ මිනිස්සුන්ට නෑ… ඉතින් අර ඇඳුම්වල නූල් ඇදිලා තිබුණත් ඒවට අණ්ඩ දමමින් ඇදගෙන යන එක තමා ඒ අය කරන්නේ… සමහරුන්ට තියෙන්න එක exercise පොතයි… ඒ පොත ඉවරවුණාම කොල අමුණ අමුණ ඒ exercise පොත්වලම ලියන්නේ ඒ අය… අන්තිමට පිටු 80 පොත පිටු 100 පොතක් වෙලා… ඔව්ව තම ගොඩක් අය දන්නේ නැති යථාර්තය…
පාසැල් පිහිටලා තියෙන්නේ බඹගණන් ඇත… මේ දුර ඇවිද්ගෙන යන්න වෙනවා… මොකද ප්‍රවාහන සේවා කොහෙද වතුවල???… ඉඳල හිටල යන තේ දළු ලොරිය, නැතිනම් එකක් තමයි… ඒත් ඒවායේ යන්න පුලුවන් සීමිත ගණනක් පමණයි… ඔය ළමයි ඉතින් ඔය දුර ඇවිදගෙන යන්නේ… බහුතරයක් එහෙමත් නැතිනම් ඔක්කම ළමයි කකුල්වලට සපත්තු නෑ… නිරුවත් දෙපාවල යටිපතුල් ගෙවෙනකන් ඇවිදින එක තමයි කරන්නේ… උදේට කොහමහරි ඇවිදන් ගියත් දවල්ට ඉර මුදුන් වෙලා ඇවිදන් එනකොට දැනෙන වේදනාව ආයේ අමුතුවෙන් ඔබට විස්තර කලයුතු නෑ… නමුත් ඒ ළමයි ඒ දේවල්වලට අනුවර්තනය වෙලා… නමුත් කණගාටුව මේකයි.. මෙච්චර දේවල් විදවලා අධ්‍යාපනයෙන් ඉහළට ගියාද කියල හොයලා බැලුවාම ඒ ගණන අතේ ඇඟිලිවලින් ගණනටත් අඩුවීමයි… ඇයි එහෙම වෙන්නේ… ගැඹුරු විග්‍රහයක් දැන් මේ කරන්න යන්නේ…
ළමා මෙහෙකාර සේවය… ළමා අයිතිවාසිකම්, ළමා ප්‍රඥප්ති අමු අමුවේ උල්ලංඝන කරන වෙළඳාමක්… නාම මාත්‍රිකව සඳහන් නොවුණාට එක එක්තරා විදිහක වහල් සේවයක්…. එක තමා ඇත්ත… දෙමවපියන් ඒ වතුවල සිටින තමන්ගේ ළමයි ගෙවල්වල සේවයට යොදවන්නේ යන්තම් කකුල් දෙකෙන් හිටගන්නකොටමයි… ඒකියන්නෙ අවුරුදු 7 – 8 දී වගේ…. ඔබ කල්පනා කරයි මේ කිරි සප්පයන්ට මොනවද කරන්න පුලුවන් වැඩ කියලා… නමුත් ඇත්ත මේකයි….
කිරි සුවඳ කටෙන් නොගිය, වැටුනාම ” අම්මේ” කියලා කෑගහල අඬන, ලොකේ දිහා ඇස් ඇරලා බලන්නවත් පණක් නැති පොඩි උන් වළං පිඟන් හෝදන්න, දරදිය අදින්න, ළිඳෙන් වතුර අදින්න බලෙන් යොදවලා….. අනේ ඒ පොඩි උන්ට මොනවා තේරෙනවාද??? ඒ ළපටි අත්වලට ඒ වැඩ කරන්න පුලුවන්ද?? ඒ නැතිකරන්නේ උන්ගේ සෙල්ලම් කාලේ නෙමෙයිද??? මට තේරෙන්නේ නෑ මේවට ඉපලෙන් තලන්න ඕනෑ උන් වදාපු මව්පියන්ටද එහෙමත් නැතිනම් උන්ගෙන් වැඩ ගන්න මිනිසුන්ටද කියලා… ඒත් අහන්න තියෙන්නේ… ” තොපිලට තොපේ ළමා කාලය මතක නැද්ද යකෝ?????” කියලා විතරයි….
ඇත්තටම කණගාටුයි… මේ පොඩි උන්ගෙන් වැඩගන්න මිනිස්සු උන්ට තලනවා, ගහනවා, කනෙන් අල්ලනවා, පිහිවලින් අත් කපනවා, පුච්චනවා රත්වෙච්චි යකඩවලින්,සමහරුන්ගෙන් දත් පවා කඩලා… කොටින්ම බඩ පිරෙන්න කනන්වත් දෙන්නේ නෑ…. වතුර ගොඩේ ගෝනි කඩමල්ලක් දාගෙන බුදියගන්නවා සීතලට ගුලිවෙලා… මව් උණුහුම ” අපා උණුහුමක් ” කරලා උන්ට… අනේ මේ ළමයි දුක කියනවා ඇත්තේ හඳ මාමාට වෙන්න ඇති රෑට…. ඒත් ඒවා ලොකු මිනිස්සුන්ට තේරෙන්නේ නෑ… මේ පොඩි උන්ට අඩුම ගාණේ ඒ දේවල් විස්තර කරගන්න තරම්වත් වචනවලින් පොහොසත් නෑ… අනේ උන් ඇස් යට කඳුලු බෝල හිරකරගෙන ඉන්නවා ඇති… උන් කොහොම දුක කියන්නද…. ඇත්තම එහෙම කරන මිනිස්සුන් මානසික ආබාධිතයෝ… නැතිනම් කොහමද උන් මේ විදිහට පොඩි එකෙකුට රිදවන්නේ… මේ විදිහට දරුවන් තාඩන පීඩනවලට පත්කරන අය වගේම, ඒ තත්වෙට දරුවන් ඇඳල දාපු “දෙමව්පියන්” ( ඒ වචනය ඒ අයට සාධාරණ නෑ )ට වැහි නැති හෙණ ගහන්න ඕනෑ!!!!
මේ විදිහට දුක් විඩින පොඩි මල් කැකුළු ගෙදර එනවා අවුරුද්දට… උන්ට යන්තම් හිනාවෙන්න ඉඩක් ලැබෙන්නේ ඒවෙලාවට… ඒත් අවුරුද්ද ඉවරවෙන්කොට ඒ පොඩි උන්ගේ අම්මල තාත්තලා වෙන තැනකින් සල්ලි අරන් පොඩි එකාව විකුණලා.. ඉතින් ආයෙත් ඒ පොඩි එකාට බැල මෙහෙවරකම් කරනන් යන්න වෙනවා…. මේක තමා තිත්ත වුනත් ඇත්ත… Fantasy marketing ලෝකවල අතරමංවෙලා ඉන්න ඇස් පේන අන්ධ මිනිස්සු නොදන්න ඇත්ත….මේ විදිහට ඒ දරුවන්ගේ ළමා කාලයම විනාශ කරනවා….
මේ විදිහට ළමා මෙහෙකාර සේවයට අරන යන ගැහුණු ලමයින් බොහෙවිට නොයෙකුත් ලිංගික අතවරවලට ලක්වීම සුලභ කාරණයක්… හාමු පුතා අතින් එහෙමත් නැතිනම් ගෙදර වෙනත් කෙනෙකු අතින් මේ දේවල් සිදුවෙන්නේ…. ඇතැම්විට මේ ගැහුණු දරුවන් ගණිකා වෘත්තියේ යොදවනවා…. ඒ කෙල්ලට සිදුවෙන්නේ තමන්ගේ පතිවත දන්දෙන්න…. මේ තත්වෙට ඒ දරුවා ඇදලා දාපු දෙම්ව්පියෝ ඒ විදිහට හමබකරන මුදලෙන් ජීවත්වෙනවා…. ශිෂ්ට යැයි සම්මත මනුෂ්‍ය සමාජය තුල අශිෂ්ට දේ කොතරම් සිදුවෙනවාද???
මං දැකල තියෙනවා හැම ඔක්තොම්බර් 1 වෙනිදාම ලෝක ළමා දිනය කියලා මාධ්‍ය ආයතන, විවිධ සංවිධාන අණ බෙරගහගෙන් දැවන්ත වැඩසටහන් සිදුකරනවා… නමුත් උන් මේ විදිහට දුක් විදින ළමයි ගැන කිසි දෙයක් කරන්නේ නෑ… පුලුවන්නනම් මේකටත් දවසක් වෙනකරපල්ලා!!! එතකොට ඔක්කම හරි… මේවා කාට කියන්නද??? මේවා දවසින් විසඳන්න පුලුවන් ගැටලු නෙමෙයි…. මේවා හැමදාම සොයා බැලියයුඉතු දේවල්…. මේවා නැවත්වීමයි අපි කලයුත්තේ… එහෙම නොකරනවනම් අර ” බුද්ධිමතම සත්ව ” කොට්ඨාශය කියන එක නවත්තලා ” තිරිසන්ම සත්ව” කොට්ඨාශය කියල හඳුන්වාගන්නවනම් සුදුසුයි අපිව….
මේ හැමදේම පිටිපස්සේ වතුකරයේ ජයටම සිදුවෙන කසිප්පු වෙළඳාමත් බද්ධවෙලා තියෙනවා කියන එකත් කියන්න ඕනෑ… අයවැයෙන් රට බීම හා මත්ද්‍රව්‍ය ඉහල ගියාට මොකද කසිප්පු වෙළඳාමට ඒක ප්‍රශ්නයක් නෙමෙයි…. ලැජ්ජාව, දුක, වෛරය, තරහව, ආත්ම අනුකම්පාව පිරිමහගන්න වතුකරයේ ඉන්න පිරිමි උදවිය ඒ සඳහා පෙළඹිලා ඉන්නවා…. ඒකට ප්‍රධාන හේතුව විදිහට මා දකින්නේ නූගත් කමයි…. අන්තිමට දන්නේම නැතුව අතේ තියෙන පිච්චියත් නැතිව යනවා… දරුවෝ, ගෙදර අඹුව මන්ද පෝෂණයෙන් පෙලෙනවා… සමහර දෙමව්පියෝ හිතන්නේ දරුවෝ පිට ගෙවල්වල්ට යැව්වාම උන්ට අඩුම ගාණේ තුන් වේල කන්න ලැබෙයි… ඒත් බොහෝවිට සිදුවෙන්නේ මේකේ අනික් පැත්ත… එකයි කණගාටුව….
බීලා ගෙදර එන මනුස්සයා ඊට පස්සේ වාඩුව අල්ලන්නේ බිරිඳගෙන් හා දරුවන්ගේ… හරක්ට තලනවා වගේ ගෙදර ඉන්න ගෑණිටයි, දරුවන්ටයි තලන්නේ… ඒත් මේ වතුවල හොඳට ජීවත්වෙන මිනිස්සුත් ඉන්නවා කියල කියන්න ඕනෑ… එත් බොහෝදෙනෙක් අර ඉහත කිව්ව කුලකයේ…. ශොචනීය දත්තයක් වෙන්නේ එකයි ඒක…
බීලා එන මනුස්සය මේ දේවල් ඔක්කම කරලා අන්තිමට නිදි ඇඳේදී තමන්ගේ සැපත හොයාගන්න හදනවා තමන්ගේ අඹුවගේ වැහැරුණු සිරුරෙන්…. මේවා මේ අසභ්‍ය දේවල් කියලා හිතන්න එපා… මොකද මේක තමා ඇත්ත… ඒකයි ඔය වතුකරයේ හැමගෙයකම පොඩි උන් ඔච්චර සුලභ… මේ නිසා ඔය වතුකරයේ මන්දපෝෂණය කියන කාරණේ ප්‍රභලව දකින්න ලැබෙනවා… මේකට ප්‍රධාන හේතුව තමා මේ අයට නිසි අධ්‍යාපනයක් නොලැබීමයි… ඒ නිසා උපත් පාලනය, ලිංගික අධ්‍යාපනය ගැන වැටහීමක් නෑ… මේ දේවල්වලට අන්තිමට වන්දි ගෙවන්නේ ඒවායේ ප්‍රථිපලයක් විදිහට ඇතිවුනු දරුවෝ.. දරුවෝ පෝෂණය කරන්න බැරිවුණාම ඒ පොඩි උන්ව බැල මෙහෙවරකමේ යවනවා….
මේ වතුකර ප්‍රදේශ සමහරකට විදුලිය පහසුකම් නෑ… ඒ නිසා රාත්‍රිය ගෙවන්නේ කුප්පි ලාම්පුවලින්.. පහුගිය කාලේ මේ නිසා ඇතිවුනු අනතුරු මාධ්‍යයන් වාර්තා කරලා තිබුණා… ලංකා වෙළඳපොලේ ලාම්පුතෙල් මිල, පිටි මිල ඉහල යනකොට ඒවායේ බලපෑම කෙලින්ම දැනෙන්නේ මේ ජනකොට්ඨාශයට…. ඒක හරියට ” කොරේ පිටට මරේ ” වගේ සංසිද්ධියක්….
ඒවුනාට ලංකාවේ දේශපාලන විකාශය ගත්තාම වතුකරයට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්… සමහර රජයන් පිහිටුවන්න මේ වතුකරයේ ඡන්ද පදනම වැදගත් වෙලා තියෙනවා…. වතුකරය වෙනුවෙන්ම බිහිවුනු පක්ෂ ගණනාවක්ම තියෙනවා… නමුත් හාස්‍යයට කාරණය තමා ඒ පක්ෂ එකක්වත් මෙච්චර කාලයකට මේ මිනිසුන්ගේ සුගතියට මොනවද කලේ කියන එක… කොටින්ම මෙච්චර විදේශ විනිමයක් උපයලා දෙන මිනිස්සු වෙනුවෙන් රට පාලනය කල රජයන් සාධාරණයක් කරල තියෙනවද කියන එකත් ප්‍රශ්ණයක්…. ඡන්ද කාලෙට වතුකරයට ගිහිල්ලා ලැයිම් කාමර පේලියක්, වැසිකිලි පද්ධතියක්, ජල මුලාශ්‍රයක් විවෘතකරලා මේ මිනිසුන්ගේ නූගත් කමින් ප්‍රයෝජන අරගෙන ඡන්ද ටික කඩාවඩාගත්ත එකයි මෙච්චරකල් වෙල තියෙන්නේ…. ඒ ඇර එදා තිබ්බ ප්‍රශ්ණ ගොන්නට තව ප්‍රශ්ණ ටිකක් එකතුවෙලා තියෙනවා… නමුත් අවංකවම ඒ මිනිසුන්ගේ ගැටලු දිහානම් කවුරුත් බලලා නෑ…
මේ ලිපියේ කිසිම දේශපාලනික බවක් හෝ කාටවත්ම ඉලක්කකර පහරගැසීමක් සිදුකරන්න මට උවමනාවක් නෑ… මට අවශ්‍ය වන්නේ මේ වතුකරයේ අඳුරු පැත්තක් ඔබේ අවධානයට යොමු කරන්න… මා දැක තිබෙනවා සංචාරක කර්මාන්තයේදී Ceylon Tea හොඳට market කරනවා… ඒවගෙම ඒ සඳහා මුද්‍රණය කල වල තේ දළු නෙලන ළඳුන්ගේ සිනාමුසු මුහුණු දැක්වෙන ඡායාරුපවලින් පුරවලා තියෙන විත්තිය… නමුත් යථාර්තය ඊට ගොඩක් වෙනස්… මට අවශ්‍ය වුන් ඒ දේ උලුප්පා දක්වන්න….
මේත් අපෙ රටේ වාසය කරන ජනකොට්ඨාශයක්… ඒවගේම වැද්ගත් ජනකොට්ඨාශයක්… රටේ ආර්ථික කොඳුනාරටියේ වැදගත් සංධියක්…. නමුත් අවාසනාවට ඒ අයගේ දහඩිය මහන්සියට නිශ්චිත වටිනාකම්ක් ලැබෙන්නේ නෑ… ඒ මිනිස්සු මෙච්චර දෙයක් රටට කරල දෙන්නේ අපා දුක් විදිමින් විත්තිය බොහෝ දෙනෙක් දන්නේ නෑ… ඒ මිනිසුන්ගේ දාඩිය, කඳුලු ඇතුලේ නෙලන තේ රසකර බොන්නට අපේ ඇත්තන්ට හොඳට පුලුවන්… නමුත් ඒ අයගේ දුක්වෙනුවෙන් අවංක හඬක් නඟන්න නැති එකයි කනගාටුව…
දැන් ඔබට වැටහෙනවා ඇති රස තේ පිටිපස්සේ තියෙන තිත්ත කතාව… මේ හැමදෙයක්ම තේවල තියෙන මායා රසට වැහිලයි තියෙන්නේ… ඉතින් අපි කුමක් කරමුද??? ඇත්ත සාමන්‍ය මිනිසුන් විදිහට අපිට මහ දෙයක් කරන්න බැහැ… නමුත් අපිට කල හැකි දේවල් තියෙනවා.. උදහරණයක් විදිහට අපිට ළමා මෙහෙකාර සේවය වළක්වන්න පුලුවන්… එහෙම දේවල් කරනවනම් ඒ දේවල් අදාළ ස්ථානයන්ට වාර්තාකරනන් පුලුවන්… වතුකරයේ ළමයින්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මකකල හැක…. එහෙම කලොත් අවම වශයෙන් ඒ පවුල්වල දරුවන් හෝ ඒ අපා දුකෙන් ගැලවේවී….
මට මේක තවත් ලිපියක් කිරීමෙ අවශ්‍යතාවයක් නෑ… මට අවශ්‍ය වුණේ මේ ලිපිය හරහා වතුකරයේ අඳුරු පෙදෙසක් දෙසට ඔබේ අවධාය යොමු කරන්නයි… මේ වගේ තවත් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවුනු අහුමුළු මේ රටේ ඕනෑ තරම් ඇති… ඒවා ලෝකයෙන් වැහිලා නිසා එකවිටම ඇසට ග්‍රහණය වෙන්නෙ නෑ…
“තේවල මායා රසට යටින් තියෙන්න කඳුලු කතාවක්…”
ජීවිතේ සුන්දරද මෙතරම්….

” ජීවිතේ සුන්දරද මෙතරම්…. “
” Good morning ඔයාලා ඔක්කටම…. Programme එක පටන් ගන්න හදන්නේ….මම නදී… අද ඉතින් special day එකක් කියල ඔයාලා ඔක්කම දන්නවනේ…. අද Valentine’s Day එක…. ඉතින් ඕගොල්ලෝ ආදරය කරන girlට හරි boyට හරි song එකක් dedicate කරන්න ඕනි නම් කතාකරන්න අපේ hotline එකට…. අහ්!!!! කියල ඉවරකරන්න ලැබුණේ නෑ…. මෙන්න අපිට caller කෙනෙක් ඉන්නවා????? කවුද මේ???? කොහෙන්ද කතාකරන්නේ ඔයා අපිට???…. ”
” මං ආශා…. කතාකරන්නේ දෙහිවලින්…. ”
” ආශා!!! ෂා!!!! ලස්සන නමක්නේ. මං හිතන්නේ name එක වගේම ඔයත් ලස්සන ඇති…. කොහමද Valentine’s Day එක??? Boyfriend call කලාද??? මොනවද දුන්නේ Day එකට???….”
” මුකුත් තාම දුන්නේ නෑ අක්කී… උදේ call කලා… අද හවසට අපි meet වෙනවා… එතකොට දේවී…. ”
” Okay නංගා…. ඔයාට හොඳ surprise gift එකක් ලැබෙන්න කියලා මං wish කරනවා… මං හිතන්නේ ඔයා call කලේ song එකක් request කරන්න වෙන්නැති… කියන්නකෝ ඔයා ඉල්ලන song එක මොකද්ද කියලා…. ”
” අක්කී මට දෙන්නකෝ ‘ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ‘ song එක…. මං ඒක dedicate කරනවා මගේ boyfriend අසේලට”
” ආහ්!!! ඔයා අද ඉල්ලන්නේ kiss එකක්ද gift එකට???? හොඳයි හොඳයි…. ඒකම ලැබේවා කියල කරනවා ”
” නෑ අනේ… මං ඒ song එකට කැමතියි…. ”
” ආහ් okay, okay නංගා!!! … එහෙනම් මෙන්න ‘ තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න ‘ song එක එක ආශා ගෙන් අසේලට….”
මේ සංවාදය ඇතිවුනේ පෞද්ගලික FM නාලිකාවක ගීත ඉල්ලීම් වැඩසටහනකදී පෙබරවාරි 14 වෙනිදාවක…. ඒ කියන්නේ ආදරවන්තයන්ගේ දිනය හෙවත් Valentine’s Day එකේදී…. මුලින්ම කිව යුතුයි මෙහි දැක්වූ නම් ගම් සියල්ල මනඃකල්පිත බව නමුත් සිදුවීම සත්‍යයයි කියලා… අනික මේ ලිපියෙන් මං කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ අරුත්සුන් වදන් දොඩවන ගිරව් වගේ දොඩවන අපේ FM ඈයො ගැන කතාකරන්න…. ඒක වෙනම කතාකල යුතු කාරණයක්…. මේ ලිපියේ කතාකරන්න යන්නේ මං දිනයට මුවාවෙලා අපේ උදවිය කරන කියන දේ ගැන….
තව දෙයක් කියලම පටන්ගන්න හිතුවා ලිපිය ආරම්භ කරන්න ඉස්සෙල්ලා… මේ ලිපියේ කිසිම අරමුණක් නෑ මේ Valentine’s Date එක නතරකරන්නවත්, ඊට විරුද්ධව මතයක් ගොඩනඟන්නවත්,අකුල් හෙලන්නවත්…. ඒක සැමරීම හෝ නොසැමරීම තම තමන්ගේ කැමත්ත මත තීරණයවන්නක්… අනික ඔය දිනය ජාත්‍යන්තරව මිනිස් සමාජය කට වහරින් සම්මත කරගත් දිනයක්…. ඒහින්දා ඒක සමරන්න එපා කියලා කියන්න මට අයිතියක් නෑ…. නමුත් මං මේ කතාකරන්න යන්නේ ඒ දිනයට අපි මුලාවෙලා ඉන්න හැටි පෙන්වන්නයි…. එහෙම නැතුව විප්ලවවාදී මතයක් ඔබ තුළ ගොඩනඟන්න මගේ කිසිම අදහසක් නැහැ….
ආදරය…. Love…. ඔව්… මනුෂ්‍යයෙකු ජීවත්කරවන්න අවශ්‍ය අත්‍යවශ්‍යම සාධකයක්…. ජීවිතේ පටන්ගත්ත ගමන් අපිට දෙමව්පියන්ගේ ආදරය ලැබෙනවා…. ඒක ජීවිතේ අවසන් තත්පරය දක්වාම නොවෙනස්ව ලැබෙන සෙනෙහසක්…. ඊට පස්සේ සහෝදර සහෝදරියන්ගේ, නෑදෑයන්ගේ, ගුරුවරුන්ගේ, මිත්‍රයන්ගේ ආදරයට අපි පාත්‍රවෙනවා…. ඊට පස්සේ නව යොවුන්වියෙදී විරුද්ධ ලිංගිකයෙකුගේ ආදරය ලබන්නට අපි පෙලඹෙනවා… මේක සාමන්‍ය සිද්ධියක්…. ඒක magic එකක් නෙමෙයි…. හෝමෝන ක්‍රියාකාරිත්වය, සමාජයෙන් ලැබෙන පීඩනය, යොවුන් ආකල්ප වගේ දේවල් අපිව මෙතනට මෙහෙයවනවා…. ඉතින් ඒකේ කිසිම magic එකක් නෑ….
ආයේ බොරු මොකටද??? අපි ඉස්සෙල්ලාම කෙනෙකුට බැඳෙන්නේ නැතිනම් ළංවෙන්නේ රූපෙට…. භෞතිකව දකින රූපයට…. සමහරවිට ඒ ඇස්වලට, තොල්වලට, මුහුණේ හිනාවට, ශරීර හැඩයට, කේශකලාපයට වෙන්න පුළුවන්…. ඔය බහුතරයක් කවියෝ, ගීත රචකයෝ පෙම් කවි, ප්‍රේම ගීත රචනා කරද්දී මේ ලක්ෂණ වැඩියෙන් තම නිර්මාණ තුළ මතුකරන්නෙත් ඔය හේතුව නිසාම වෙන්න ඕනෑ…. සමහරු පෙම් බඳින්නේ සමාජ තත්වෙට, බුද්ධියට, තානාන්තරවලට, ජනප්‍රියත්වයට, ධනයට වගේ කාරණා හින්දා වෙන්නත් පුලුවන් ඉස්සෙල්ලාම…. නමුත් ඔය අතරේ අදහස්වලට කැමතිවෙලා පෙම්වතුන්වූ යුවලුත් නැතුවම නෙමෙයි…එහෙම අයත් ඉන්නවා…. කොහමහරි කුමක් හෝ හේතුවක් පදනම්වෙලා ප්‍රේම කතාවකට අඩිතාලමක් වැටෙනවා…. ලිංගිකත්වය, රූපය පදනම්වෙලා ආදරය පටන්ගත්තට පස්සේ ඒ දේ ආත්මීය වන්දනාවක් වෙන්න ඕනෑ…. ඒ කියන්නේ ඔබ හදවතින් ආදරය කරන්න පටන්ගන්න ඕනෑ…. ආදරයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඒ මතයි…
ඇත්තටම ආදරය කරන්නනම් ඔවුන්ගේ අදහස්වල ගැලපීමක් තිබිය යුතුයි… ඒවගේම එකිනෙකා අතර හොඳ විශ්වාසයක් තිබිය යුතුයි කියලා මට හිතෙන්නේ…. රූපෙට වහ වැටිලා ආදරය කරන්න පටන්ගත්තාට අදහස් අතර දැවැන්ත මත ගැටුමක් තියෙනවනම්, සාධාරණ විශ්වාසයක් තමන්ගේ සහකරු හෝ සහකාරිය අතර නැතිනම් හොඳම දේ තමයි හිතේ උපන් ප්‍රේම සිතුවිල්ල උපන්ගෙයිම මරා දාන ඒක…. එහෙමනොවුණොත් වෙන්නේ පසුකාලෙක හැමදාටම විඳවන එක…
නමුත් දැන් මේක වැරදියට වටහගන්න එපා…. ඒ කියන්නේ විශ්වාසයක් නැහැ කිව්වේ සාධරණ විශ්වාසයක් නැති කමයි… ඒ කියන්නේ විශ්වාසයක් නැහැ කියන දෙයට තමන්ට සාධරණ සාධක තියෙන්න ඕනෑ පෙන්වන්න කියන එකයි…. නිකමට කියන්නම් උදාහණයක්… ඔබ යවනවා පෙම්වතියට හෝ පෙම්වතාට SMS එකක්…. Reply නෑ… දැන් ඔබට පුලුවන්ද එක පාරටම පෙම්වතා හෝ පෙම්වතිය අවිශ්වාස කරන්න… එහෙම කරනවනම් කනගාටුයි, ඔබ ඉන්නේ ආදරයේ මොන්ටිසෝරියේ….
කවුද දන්නේ phone එකේ credit නැද්ද කියලා…. එහෙමත් නැතිනම් phone එක නැතිවෙලා හරි අමතක වෙලා ගිහිල්ල තියෙන්න පුළුවන්…. සමහරක්විට ඔහුට හෝ ඇයට වැදගත් කටයුත්තක් යෙදී තියෙන්න පුළුවන්…. ඒ නිසා හැරෙන වෙලාවෙන් ඔබට reply කරන්නේ නැතිවෙන්න පුලුවන්…. සමහරක්විට ලෙඩවෙලා නිදියගෙන හිටියා හන්දා වෙන්න පුලුවන්…. සමහරක්විට වෙනත් කරදරයක් නිසා වෙන්න පුලුවන්…. මේ වගෙ නොකී මානුෂීය කාරණා සෑහෙන්න තියෙන්න පුලුවන්….
දැන් මේ හින්දා සැක කරන්න පුළුවන්ද ඇය හෝ ඔහු ඔබේ විශ්වාසය කැඩුවා කියලා???? උත්තරය කොහෙත්ම බෑ කියන එකයි….. සමහරක්විට මේ උදාහරණය සීනිබෝල උදාහරණයක් වගේ පේන්න පුළුවන්…. නමුත් ඇත්ත ජීවිතේ මේ වගේ බොළඳ කාරණා නිසා සබඳකම් බිදවැටුනු අවස්ථා එමට ඇති…..
ඒත් මේ වගේ අසාධාරණ කාරණා උලුප්පලා පෙන්නලා වෙනත් කෙනෙකුට කවුරුහරි හේත්තු වෙන්න හදනවනම්…. ඒ කෙනාට කියන්න තියෙන්නේ…. ඒකෙනා තාම ආදරය කරන්න තරම් මනස වර්ධනය කරගෙන නැතිවිත්තියයි…. භෞතිකව සියලුම පුරුෂ ලක්ෂණ හා ස්ත්‍රී ලක්ෂණ මතුවෙලා තිබ්බත් මානසිකව තාම ඒ අය ඉන්නේ ළඳරු වියේ…. මොකද පොඩි උන් තමා අලුත් සෙල්ලම් බඩුවක් ලැබුණාම පරණ සෙල්ලම් බඩුව අමතක කරලා ඒක එක්ක සෙල්ලම් කරන්නේ… මේ හැසිරීම ඒ හා සමානයි….
දැන් කතාකරමු මේ Valentine දවස ගැන… Valentine දවසේ උත්පත්තිය වටා ගෙතුණු කතන්දර බොහොමයක් තියෙනවා…. ඒත් එයින් එක් කතන්දරයක් මෙතන සඳහන් කරන්න මං කැමතියි සාරාංශයක් විදිහට…. මොකද මං හිතනවා මේ ලිපියේ ගලායාමට ඒ කතන්දරේ සෑහෙන්න දායකවෙයි කියලා ඉස්සරහට…
පුරාණ රෝමය පාලනයකල Claudius II අධිරාජ්‍යවාදියා තමන්ගේ හමුදාව ශක්තිමත් කිරීමට හමුදාවට බැඳෙන තරුණයින්ට විවාහ වීම තහනම්කරන නීතියක් පනවල තියෙනවා…. මේ කාරණයට විරුද්ධව රෝමයේම හිටපු වැලන්ටයින් නම් පූජකවරයෙක් ආදරයෙන් වෙලුණු ඒ තරුණ සෙබළුන් හා ඔවුන්ගේ පෙම්වතියන් අතර විවාහයන් තමන්ගේ දේවස්ථානය තුල රහසිගතව සිදුකරලා තියෙනවා… ඒ ගැන කිපුණු Claudius II අධිරාජ්‍යවාදියා වැලන්ටයින් හිමිපාණන්ව ඝාතනය කරවලා තිබෙනවා….. ආදරය වෙනුවෙන් ඒ කල උදාරතර ජීවිත කැපවීම වෙනුවෙන් වැලන්ටයින් පූජකතුමාව ශාන්ත වැලනටයින්තුමා බවට උසස් කරල තිබෙනවා…. එතුමා සිහිකරන දිනය තමා Valentine දිනය කියලා අද අපි හඳුන්වන්නේ….ඔය Valentine’s Dayඑක මොස්තරේට සැමරුවට ඒකෙ ඉතිහාසයවත් බහුතරයක් අපේ අය දන්නේ නැතුව ඇති…. එක අතකින් දැන්ගත්තා කියල වැඩකුත් නෑනේ…. අපිටත් ඕනෑ change එකට දවසක් විතරනේ….
ඉතින් මේ දිනය අද ලෝකයේ වැඩිම පිරිසක් සමරන, එමෙනම් වැඩිම උත්සව ගණනක් සංවිධානයකරන දිනය කියලා නම්කලාට මම වැරදි නෑ මං හිතන්නේ….. සොයාගෙන තිබෙනවා මිලියන 141 කට ආසන්න Valentine Card ප්‍රමාණයක් ලෝකය තුළ මේ දිනයට හුවමාරුවෙන බව…. ඒ ගණන දෙවෙනි වෙන්නේ නත්තල් කාලයට හුවමාරු වෙන Christmas Cards ප්‍රමාණයට පමණයි….
හැම මාධ්‍ය ආයතනයක්ම, හැම වෙළඳ ආයතනයක්ම මේ දිනය ඉලක්ක කරගෙන තමන්ගේ marketing strategies එළියට දානවා… මේ marketing ලෝකයේ මේ වගේ දිනයන් හොඳ business ඉල්ලම්…. තව දෙයක්…. මේ වගේ මානුෂීය කාරණාවලට විශේෂයෙන්ම ආදරය වගේ කාරණාවලදී අපි හරි සංවේදියි…. ඉතින් අපි පෙළඹෙනවා නිතැතින්ම අපෙ සහකරුට හෝ සහකාරියට සුළුවෙන් හෝ යමක් අරන් දෙන්න මේ valentine දිනයට…. ඒ නිසා මේ මානුෂිය කාරණා ඉලක්ක කරල business කරන එක අනික් කාරණා ඉලක්ක කරලා business කරනවට වඩා ලේසියි….. එහින්දා ඇත්තම කාරණේ තමයි මේ marketing ලෝකයේ ආදරය එහෙමත් නැතිනම් Love කියන්නේ හොද business opportunity එකක් නැතිනම් target එකක්…
මාධ්‍ය ආයතන විශේෂ වැඩසටහන් සංවිධානය කරනවා…. Valetine’s day parties , සංගීත වැඩසටහන්, විද්‍යුත් සුභ පැතීමේ වැඩසටහන් හැම මාධ්‍ය ආයතනයක්ම සංවිධානය කරනවා…. ඉතින් මේවාට පෙම් යුවලවල් සහභාගී වෙන්නේ බොහොම සන්තෝසෙන්…. එක අතකින් වැඩේ මානුෂීය පැත්ත ගත්තාම මේ වැඩසටහන් නරකම නෑ…. මොකද ඒ තරම ඒවා මානුෂිය ගුණ ඉස්මතුවෙන්න දැනෙන්න කරන නිසා… හැබයි ඇත්තම කතාව තමයි ඒ යට තියෙන්නේ mastermind marketing plan එකක්….. ඇත්තම කිව්වොත් මේ පෙම්වතුනෙ ඒ marketing දාම් ලෑල්ලේ ඉත්තන් වෙන්නේ නිරායාසයෙන්මයි…
ස්වර්ණාභරණ ආයතන මේ දිනය වෙනුවෙන්ම විශේෂ ස්වර්ණාභරණ නිර්මාණය කරනවා…. සමහර ඒවායේ මිල ගණන් දැක්කාම අපේ භෂාවෙන් කිව්වොත් තරු විසිවෙනවා… නමුත් ඔබ හිතන්නේ ඒවා විකිණෙන්නේ නෑ කියලද???? නෑ ඒවා හොඳට විකිණෙනවා…. මොකද ආදරෙ කියන දෙයට අපි ගොඩක් සංවේදියි…. ඉතින් ඒ වෙනුවෙන් අපේ උදවිය වියපැහැදම් කරන්න පසුබට වෙන්නේ නැහැ… සමහරවිට මේ තෑගි ගන්නේ ණය අරගෙන වෙන්න පුලුවන්…. නැතිනම් තමන්ගේ දෙයක් උගස්කරල වෙන්නත් පුලුවන්…. සමහරවිට අතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි නිසා වෙන්නත් පුළුවන්….. කොහම නමුත් අන්තිමේදී මේ හැමදෙයකින්ම වාසි ලැබෙන්නේ වෙළෙන්ඳාට…. ඒක තමා යථාර්තය….
ඊලඟට ගත්තොත් chocolate…. විවිධාකාර රසයෙන් යුතු, සුවඳින් යුතු chocolate වැහි වැහලා කඩවල…. දියවැඩියාව තියෙනවනම් පොඩ්ඩක් කල්පනාවෙන් කෑවොත් හොඳයි…. මං හිතන විදිහට ලංකාවේ chocolate වලට ඔය තරම් තැනක් ලැබෙන්නේ ඔය දවසෙදී තමයි….. සමහර chocolate තියෙනවා box එක හෙන size heart shape එකක්…. එවුනාට ඇතුලේ තියෙන්නේ හෙන පොඩි chocolate කෑලි ටිකක්… Chocolate කෑලි කටකටවත් මදිවුණාට මොකද ගාණ නම් ඉතින් හෙන සැරයි… ඒත් ඒවා විකිණෙන්නේ උණු කැවුම් වගේ…. මොකද ආදරය ඒ තරම්ම අපේ මිනිස්සුන්ට සංවේදී කාරණයක් නිසා….
සුපිරි වෙළඳ සංකීර්ණවලට ගියොත් කාලෙට ඔබට අනිවාර්යෙන්ම හොයාගන්න පුලුවන් දිනය වෙනුවෙන්ම පිළියෙල කල විසිතුරු තෑගි…. මේ තෑගිවල මිල ගණන් ගත්තාම ඉලක්කම් 3 ඉඳන් ඉලක්කම් 5 දක්වාම ව්‍යාප්තවෙලා තියෙනවා…. රතු රෝස මල්වලට මේ කාලයේදී ලැබෙන්නේ ලොකු ස්ථානයක් market එකේ…. රතු රෝස මලක්, Valentine Card එකක් නොගන්න පෙම්වතෙක් පෙම්වතියක් නැතිතරම්….
මේ තමයි valentine දවසේ business side එක…. ඕකෙන් ඉතින් ගැලවෙන්න අමාරුයි…. මොකද අපේ බහුතරයක් valentine’s day එක සැමරීමට බැඳිලා ඉන්න නිසා…. ඒකට මුකුත් කියන්න බැහැ… මොකද ඒක ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය…. ඒකට හරස් කපන්න කාටවත්ම බැහැ… කොහමවුණත් business වලට කල්ල මරේ මේ කාලයෙදී…. ඒක තමා ඉතින් සැඟවුණු ඇත්ත මේ හැමදෙයක්ම යට…. නමුත් අපි පිවිසෙමු මේකේ වඩාත්ම කතාකලයුතු අංශයකට…. මං හිතනවා පෞද්ගලිකවම ඒ අංශය ගැන කතාකිරීම මේ අන් හැමදෙයකටම වඩා වටිනවා කියලා….
Valentine’s day එක ඉවරවෙලා පහුවෙනිදාට business profit analyzing එක කරනවා වෙනුවට එදා දවසේ කීයක් යුවල් තමන්ගේ චරිතය කෙලසගත්තද කියන එක හොයල බැලුවනම් valentine දවසේ කාටත් නොපෙනී සැඟවුණු අඳුරු තිත්ත කතාව හොයාගන්න තිබ්බා… කිසිම තර්කයක නෑ ඔබට බොහෝදෙනෙක් හමුවේවී ඒ තත්වෙට පත්වෙච්චි… අන්තිමට valentine දවසේ ආදරය ගැන මහ ලොකුවට අඬබෙර ගැහුවට මොකෝ කඳුලෙන් පිරුණු අනාගතයක් උරුමවෙලා බොහෝදෙනෙකුට…. මේකට එක පාර්ශවයකට විතරක් ඇඟිල්ල දිගුකරන්න පුළුවන්ද???? නෑ…. මේකට දෙපාර්ශයම වග කියන්න ඕනෑ…..
අවිවාදයක් නෑ… ලිංගිකත්වය කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයකදී එක්තරා සුවිශේෂී කාරණයක් කියන එක ගැන….. නමුත් ඒක ප්‍රධානම කාරණය හෝ ප්‍රබලම කාරණය නොවේ ආදරයකදී….ඒ හින්දා ආදරය කියන කාරණයෙදී වඩා වැදගත් ලිංගික ගණුදෙනු නෙමෙයි…. ඊට වඩා කතාකල යුතු හුවමාරු කරගතයුතු අදහස් තියෙනවා…
දැන් වැරදියට වටහගන්න එපා… මේ කියන්නේ අතින් අල්ලන්න එපා,ඉනෙන් අල්ලන්න එපා, වැළඳගන්න එපා, හාදු දෙන්න එපා කියලා…. පෘථග්ජන මිනිසුන් විදිහට එවැනි සීමා මායිම්, වාරණ අපිට යොදාගන්න අමාරුයි…. නමුත් අපිට පුළුවන් එතැනින් එහාට බරපතල කාරණාවලට නොයන්න…. තේරෙන භාෂාවෙන් කිව්වොත් ආදරය කල පලියට යහන්ගතවෙන්න අවශ්‍ය නෑ… නමුත් අවාසනාවට අද ආදරය කියන දේ ඇතුළේ ගොඩක් අය ඒක මහා පොදු සාධකය කරගෙන…. අද අපිට නිතරම පුවත්පත්වල, විද්‍යුත් මාධ්‍යවල අහන්න දකින්න වෙන ඛේදාන්තවල මුල ඕක තමයි….
ඇත්ත… ප්‍රතිවිරුද්ධ ලිංගික ආකර්ෂණය නිසා තමයි අපි ආදරයකට පෙළඹෙන්නේ…. සමහරක්විට අපිව එතැනට මෙහෙයවන්නේ සහකාරියගේ හෝ සහකරුවාගේ බාහිර රූපයේ තියෙන ලස්සන හෝ කඩවසම් බව වෙන්න පුළුවන්… නමුත් එහෙම කියලා ආදරයක් පටන්ගත්තාට පසුව කාටවත් licenseදීලා නැහැ කෙනෙකුගේ කුමරි බඹසර හො කුමර බඹසර බව වනසන්න…. ප්‍රේම සම්බන්ධතාවයක් කියන්නේ ඒකට බලපත්‍රයක් නෙමෙයි….නමුත් අද සමාජයේ බොහෝදෙනෙකුට ඒ බව අමතකයි…. ඒ අය හිතාගෙන ඉන්නේ කෙල්ල හෝ කොල්ලා ” I Love You” කිව්ව පමණින් ඒක තමන්ගේ කායික ආශාවන් සංසිඳුවාගන්න දුන්න ආශිර්වාදයක් කියලා….
මං කලින් වතාවක් දෙවතාවක් මේ කතාව කියල තියෙනවා…. නමුත් ආයේ මතක් කරන්න හිතුණා මේ කාරණේ මෙතැනට ඒක වැදගත් වෙන නිසා…. අපි පරිණාමවාදයෙන් බිහිවුනු සත්ව කොට්ඨාශයක්…. ඒ නිසා අපිට යම් යම් තිරිසන් ලක්ෂණ කාන්දුවෙලා තියෙන්න පුළුවන්… ඒත් එහෙව් වුණු පලියට අපි ඒ ලක්ෂණ උලුප්පලා ගන්න ඕනෑ නෑ…. ඊට වඩා ඒ ලක්ෂණ යටපත්කරගැනීමයි කල යුත්තේ…. ඒකට සොබාදහමෙන් ඔබට බුද්ධියක් දීලා තියෙනවා…. ඒ ඇර මිනිස් සමාජය අනුගමනය කරන ආගම් දර්ශන මේ කාරණේදී යොදාගන්න පුලුවන්…..
දකින දකින තමන්ගේ වරිගයේ සතුන් එක්ක වෙලාවක් අවේලාවක් නැතුව සංවාසයේ යෙදීම තිරිසන් ලක්ෂණයක්…. මිහිපිට ඉන්න බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය කිය කිය පම්පොරී ගහමින් අපිත් ඒ ඝනයටම වැටෙන්න ඕනෑද???? මං කියන්නේ ඔබම ඒකට පිළිතුරක් හිතලා බලන්න කියලා…..
ආදරයකදී සම්බන්ධතාවයක් ඇතිකරගන්නා දෙදෙනා විශේෂයෙන්ම කල්පනා කළයුතු කාරණයක් තියෙනවා…. ඒ තමා ආත්ම ගෞරවය කියනදේ…. එතැනදී තමන්ගේ ආත්ම ගෞරවයක් විතරක් නෙමෙයි අනෙක් කෙනාගේ ආත්ම ගෞරවය ගැනත් හිතනවනම් මෙහෙම දෙයකට ඔබ කිසිවිට පෙළඹෙන්නේ නෑ…. ඒක තමා යථාර්තය…..
කිසිම විටෙක තමන්ගේ සහකාරිය හෝ සහකරුවා දිහා සෙල්ලම් බඩුවක් වගේ බලන්න එපා…. මිනිස් ජීවිතවලට ඊට වඩා අර්ථයක් තියෙනවා…. සෙල්ලම් බඩුවක් එක් කාලයකට හිතේ හැටියට පාවිච්චිකරලා පස්සේ ඒවා කැඩුණාම විසික් කරලා දාලා ආයේ අලුත් එකක් අරන් සෙල්ලම් කරනවා…. මේ කාරණේ ආදර සම්බන්ධයකදී අනුගමනය කරන්න ගියොත් ඔබ කරගන්නේ කිසිම දවසක ගෙවා නිමකල නොහැකි පාපකර්මයක්…. මේ කාරණේ ගැහැනු පිරිමි දෙවර්ගයටම වලංගුයි….. මේක තමා ඇත්ත…..
ඔබ valentine දවසට අරන් දෙන තෑග්ගේ වටිනාකම්න් ඔබේ ආදරේ තරම තීරණයවෙන්නේ නැහැ…. ඔබේ ආදරයේ තරම තීරණය වෙන්නේ ඔබ මනුෂ්‍යයෙකු විලසින් ඔබේ සහකාරිය හෝ සහකරුවා එක්ක ආදරයකදී හැසිරෙන විදිහ මතයි…. ඒ නිසා ඔබ ලක්ෂ ගණන් තෑගි අරන් දුන්නාට පලක් නෑ ඔබේ හැසිරීම ඇය හෝ ඔහු සමඟ අපුලනම්…. මට වෙලාවකට හිතෙනවා valentine දවසේදී මුල්‍යමය වටිනාකමකට තෑග්ගක් දීලා අපේ අය කරන්නේ තමන්ගේ ආදරේ බාල කිරීමක්ද කියලත්…. මොකද මානුෂික කාරණයක් මිම්මකින් මනින්න බැරි නිසා….. ඒත් ඒ වගේ මතයක් ගොඩනඟන්න මට අයිතියක් නෑ…. මොකද තෑග්ගක් අරන් දීම හුදෙක් ප්‍රජාතාන්ත්‍රික කාරණයක් වෙන හින්දා….
කවදාවත්ම අපිට බැහැ පිරිමියෙකුගේ හෝ ගැහැණියෙකුගේ වටිනාකම අවතක්සේරු කරන්න…. මොකද අපේ අම්මා, තාත්තාත් ගැහැනියෙක් හා පිරිමියෙක්…. අම්මාගේ මව් කිරිවලට පින්සිද්ධවෙන්න අපි මෙලොව මත පය ගහනවා…. තාත්තාගේ දහඩිය කඳුලුවල ප්‍රතිඵලයක් විදිහට අපි උස් මහත්වෙනවා….. එහෙව් හැදෙන අපි කොහමද ගැහැණු හෝ පිරිමි ජීවිතේක වටිනාකම අවතක්සේරු කරන්නේ…. ඒ හින්දා කිසිම විටෙක අවලංගු කාසියක ගණයට ජීවිතයක් දාන්න එපා…. විශේෂයෙන්ම ආදරයක්දී කවදාවත් තම්න්ගේ සහකාරිය හො සහකරුවා අතරමං කරන්න එපා…. ඒක මහා පාපයක්….
Valentine දවසට විතරක් නෙමෙයි… ඔබ හැම තත්පරයක්ම, පැයක්ම, දිනක්ම, ජීවිතේ පුරාවට හොඳට ආදරය කරන්න…. ආදරයට සොබාදහමෙන්වත් බාධාවක් නෑ…. වඩා වැදගත් වන්නේ ඔබේ ආදරේ අවංකව පිරිසිදු වීමයි…. ආදරය කියන දේ කුමන හේතුවක් මත තමන්ගේ සිතට පිවිසියත් තමන් ආදරය කල යුත්තේ පපුවෙන්…. හදපත්ලෙන්…. එවිට ඔබට එහි මිහිර හොඳට දැනෙවී…. එය හුදෙක් ලිංගිකත්වය මත නොව ඊට වඩා බැරෑරුම් විෂය පථයක් බව ඔබටම තේරේවී….
මට හිතෙනවා මෙහෙම දෙයක් සටහන් කරන්න අන්තිමට…. ඔබ හොඳට ආදරය කරන්න…. නමුත් ඔබ ආයේ ගෙදර ගියාම තමන්ගේ සහකාරිය හෝ සහකරුවා ළඟ කාලය ගතකර…. ඔබට පුළුවන් වෙන්න ඕනෑ තමන්ගේ අම්මා හා තාත්තා දිහා සෘජුව නෙත්වලින් බලන්න…. එහෙම බලන්න බැරිනම් ඔබ ආදරයෙදී අන්ත පරාජිතයෙක්…. එහෙම බලන්න පුලුවන් නම් ඔබ අති සාර්ථකයි ආදරයේදී….. එවිට ඔබට ආදරේ ගැන ලියැවුණු රූකාන්ත ගුණතිලකයන් ගායනා කරන ” සුවඳ දැනී දැනෙනවා ” ගීයේ පද පෙලක අර්ථය නිරායාසයෙන්ම තේරේවී…. නමුත් එහි අර්ථය තේරුම් ගැනීම නොගැනීම රඳා පවතින්නේ ඔබේ අතේ…
” ජීවිතේ සුන්දරද මෙතරම්…. “
අහස හෙවණ කරගත් ළමයි….

ඒත් මේ ළමයින්ගේ කුසගින්න හෙට දවසේ නිවෙයි කියලා කියන්න පුලුවන් කාටද?????
” අද ඔක්තොම්බර් 1 වෙනිදා…. ලෝක ළමා දිනය…. මේ විශේෂ වැඩසටහන අප මාධ්‍ය ආයතනය සංවිධානය කලේ ළමයින්ටම පමණක් විශේෂ වූ මේ දිනය සමරන්නටයි ”
මේ ඔක්තොම්බර් 1 වෙනිදා බොහෝ ජනමාධ්‍ය වලින් කියැවුණු කාරණයක්…. එක් එක් මානුෂීය කාරණා සම්බන්ධව අවුරුද්දේ 365 දවස් වෙනවෙනම වෙන්කිරීම අනුමත නොකලත් අවම වශයෙන් ළමුන් වෙනුවෙන් එක දවසක් හෝ මේ කාර්යබහුල marketing සමාජය තුළ වෙන්වී තිබිම ගැන ඇත්තටම සන්තෝසයි……..
නමුත් යථාර්තය නම් මේ දිනය සමරන්නේ marketing රාමුවේ ඉඳන්…. නමුත් කමක් නෑ…. ඒ චේතනාව අතරේ හොඳ චේතනාවක් තියෙන නිසා ප්‍රශ්නයක් නෑ…. මොකද marketing ලෝකයට හැමවෙලේම ඇඟිල්ල දික්කරන එක වැරදියි…. ඒකෙ ඇතුලේ හැමවෙලේම වෙන්නේ වැරදි වැඩ විතරක් නෙමෙයි…. හොඳ දේවලුත් සිද්ධවෙනවා…. ඒ නිසා ඒ දේවල් අගය කලයුතුයි….
දැන් හැරෙමු ලෝක ළමා දිනයට ආයෙමත්…. Programme එකට ආපු පොඩි උන්ට නිවනක් නැහැ…. සමහරු නටනවා…. සමහරු නටනවා කියල උඩපනිනවා…. සින්දු කියනවා…. අත්පුඩි තලනවා….. නාට්‍ය රඟපානවා…. ඉඳල හිටලා වලියකුත් තියෙනවා ලොකු මිනිස්සු වගේ… ලැජ්ජාවෙන් ඇඹරෙනවා….. වැඩ කෝටියයි….!!!!! ඒ තමයි පොඩි උන්ගේ ලෝකය….
ඇත්ත තමයි පොඩි උන් මල් වගේ කියන්නේ…. ඒ අයගේ හිත් අපිරිසිදුවෙලා නෑ…. ඒ අය ළඟ ඉන්න මනුස්සයගේ ජාතිය ජන්මය හොයන්න යන්නෙ නෑ…. ඒ හින්දා ඒක ඒ අයට ප්‍රශ්නයක් නෙමෙයි…. ඒක ප්‍රශ්නයක් වෙන්නේ ලොකු මිනිස්සුන්ට…. ඒ අය තමා මේ බෙදාවෙන්කරන්න උත්සහකරන්නේ එක එක කුලකවලට පොඩි කාලේ ඉඳන්ම…. අන්තිමට ඔය පොඩි ළමයා ලොකු මනුස්සයෙක් වුණු දවසට කරන්නෙත් ඔය ටිකමයි ඒ අඩි පාරේ ගිහිල්ලා….
එක පැත්තක සුනඛ සංදර්ශන ( Dog Shows )…. පොඩි උන් කටත් ඇරගෙන බලන් ඉන්නේ සුනඛයන්ගේ වැඩකිඩ ගැන…. එක පැත්තක ice cream…. එදාට ඔය සෑහෙන වියදමක් දරා ඇතුල්වෙන්න තියෙන amusement parksවලට ඇතුලුවීම නොමිලේ…. නැතිනම් ticket වල ගාණ අඩුයි…. ඒනිසා පොඩි උන්ටත් මාර chance එක විනෝදවෙන්න….
ඒ ඔක්කෝටම වඩා පොඩි එකාට කාලේකට පස්සෙ තමන්ගේ දෙමව්පියන් එක්ක දවසක් විනෝදයෙන් කාලේ ගතකරන්න ලැබිලා…. මොකද අනික් දවස්වලට අම්මයි තාත්තයි machine වගේ…. ඒගොල්ලෝ උදේම office නැතිනම් වැඩට යනවා…. දරුවා එක්කො ආච්චි ගාවා…. නැතිනම් ආයා ගාවා…. එහෙමත් නැතිනම් day care center එකේ…. මේ marketing ලෝකය ඇතුලේ ඒ දෙන්නාට ලොකු තරඟයක් කරන්න වෙලා ජීවත්වෙන්න…. මොකද මේ පොඩි එකාගේ අනාගතය සවිමත් කරන්න ආරථිකමය වශයෙන් ශක්තිමත් වෙන්න වෙලා තියෙනවා ඒ දෙන්නාට….
ඉතින් පොඩි එකාට අම්මගේ තාත්තාගේ උණුසුම ලැබෙන්නේ නිදාගන්න පැය කිහිපයදීයි…. එතැනින් ගියාම නිවාඩු දවස්වලයි….. සමහරක්විට පොඩි උන් නොකිව්වට උන් වැඩියෙන්ම සන්තෝස වෙන්නේ ඒ කාරණේ නිසා වෙන්න ඇති…. ඔය පොඩි හිත්වලට දැනෙන හැමදේම කියන්න තරම් උන් වචනවලින් පොහොසත් නෑ…. ඒක තමා ඇත්ත…. වචනවලින් පොහොසත් වෙනකොට උන් ලොකු මිනිස්සුන්ගේ කුලක ඇතුලේ බෙදිලා ඉවරයි…. ඒක තමා කරුමේ….
ඉතින් දවස පුරාම විවිධ වැඩසටහන්…. විවිධ තරඟ…. අන්තිමට ඇමති කෙනෙක් ඇවිල්ලා තෑගිත් දුන්නා…. පොඩි උන්ටත් කල්ල මරේ…. කාලෙකින් හිතේ හැටියට විනෝදවෙලා අන්තිමට ගෙදර ගෙනියන්න තෑගිත් ලැබිලා…. මුණ පුරා මලක් පිපිලා…. හා හා මලක් පිපිලා!!!!!
කොහොමහරි දවස අවසන්වුණා…. පොඩි උනුත් ගෙවල්වලට ගියා ඒත් සන්තෝසෙන් නෙමෙයි…. මොකද උන් දන්නවා හෙට ඉඳන් ඒ අයට අම්මයි තාත්තයි වැඩට ගියාම තමන්ගේම ලෝකය ඇතුලේ තමන්ට සිරකාරයෙක් වෙන්න වෙන බව…. අත පය හොල්ලලා චණ්ඩි පාට් දානවා බොරු….
සමහරවිට මේ අද දිනාගත්ත තෑගි ඒ අයගේ තනියට ඉදිවී…. සමහරක්විට ඒකත් නැතිවෙයි…. මොකද අපේසමහර අම්මල තාත්තලා ඒ තෑගි තියන්නේ ලස්සනට cabinet එකක කඩයි කියල බයට…. පොඩි එකාට වෙන්නේ ඒ දිහා බලන් සුසුම් හෙලන්නයි…. ඒ අය සෙල්ලම් බඩු එක්ක පොඩි කාලේ සෙල්ලම් කරන්නෙ නැතුව දීග ගිය කාලෙක සෙල්ලම් කරන්නද???? එහෙම සෙල්ලම් කලොත් ඉතින් අනිවාර්යෙන්ම ගිහිල්ලා නතරකරයි අංගොඩ….
ඒක හරිම වැරැදි වැඩක්…. ඇත්ත සමහරක් සෙල්ලම් බඩු ළමයින්ට අහිතකරයි…. ඒවායේ තියෙන කොටස් කටේ දාලා උගුරේ දාලා හිරේ කරගන්න පුලුවන්…. නමුත් අනික් සෙල්ලම් බඩු දෙන්න පුලුවන් ළමයින්ට සෙල්ලම් කරන්න…. ළමුන්ගේ නිර්මාණත්මක චින්තනය දියුණු කරන්න ඒවා ඉවහල්වෙනවා….
එහෙම නොදෙනවානම් ඒක ඇත්තටම ඒ ළමයාගේ මුලික මිනිස් අයිතිවාසිකමක් කඩකිරීමක්…. සමහරවිට අඩි හප්පලා… ගිරිය පුප්පලා කෑගහල අඬන්නේ ඒක දරාගන්න බැරිව වෙන්න ඇති…. පොඩියට හිටියට උනුත් හොඳ විප්ලවවාදියෝ!!!!….
දැන් ඔක්තොම්බර් 1 වෙනිදා ඉවරවෙලා ටික දවසක්…. මිනිස්සු සුපුරුදු ලෙස වෙලා…. මාත් ගියා ඊයේ පෙරේදා දවසක බොරැල්ලට මගේ පෞද්ගලික කාරණයකට…. වෙනසකටත් එක්ක මං ගියේ කොස්වත්ත්ට ගිහින් 171 ක… එතකොට මට Ritz සිනමාහල ළඟින් බහින්න පුලුවන්…. Ritz එක ගාවින් බැස්ස මම ඇවිදගෙන ආවා 154 bus halt එකට…. මේ එන පදික වේදිකාවේ කෙලවරක තියෙනවා උමං මාර්ගයට පිවිසෙන ස්ථානයක්….
එතැන ඉන්නවා සිඟමන් යදින පවුලක්…. මෙතැන මගෙ ඇස් ගියේ එතැන හිටපු පොඩිම සමාජිකයන් දිහාවට…. ඇත්තටම ඒ ළමයි අපි T.V.වල, Addවල දකින පියුරු ගාපු ලස්සනට අන්ඳපු ලමයි නෙමෙයි…. අපිරිසිදු වැරහලිවලින් සැරසුනු, සොටු පෙරාගත්තු, අපිරිසිදු ළමයි…. ඒත් ඒ ළමුන්ගේ මුහුණේ ලස්සන හිනාවක් තිබ්බා…. ඇත්තම කිව්වොත් අනික් අහිංසක ළමයින්ගේ වගේමයි…
මේ ළමයි අර සමබල ආහාර කන, sausages කන, cheese කන, noodlesකන ළමයි නෙමෙයි…. කොටින්ම බොන්නෙත් රොන්මඩ, මළකඩ මුසුවෙච්චි ජලය…. වැසිකිලි කැසිකිලි පහසුකම් නෑ…. අම්මගෙ හරි තාත්තාගේ හරි අතේ එල්ලිලා බෙලෙක් එකකුත් අරගෙන පාර පුරා ගිනි අව්වේ ඇවිදල තමන්ගේ එදා වේල පිරිමහගන්න ලොකු මිනිස්සු එක්ක හරි හරියට සටන කරන ළමයි….
එදා වේල හොයගන්න බැරිවුනාම කුණුගොඩක් හරි අවුස්සලා කන්නට යමක් හොයගන්නවා…. පාන්වාටියක්, ඉතුරුවෙච්චි බත් ඔය මොනවහරි කුසට දාගන්නවා…. මිනිස්සු කාලා ඉවත දාපු පාර්සල්වල මස් කටු ඒ ලමයි සූප්පු කරන්නේ හරියට දිව්‍ය භෝජනයක් වගේ…. මේක විරල සිද්ධියක් නෙමෙයි… මේ ගිනිගහන සෙයිලමේ මේවගේ දේවල් ඕනිතරම් අපි දැකල තියෙනවා…. කණගාටුව මේකයි… එ ළමයි එහෙම තමන්ගේ බඩගින්දර නිවාගන්නකොට ඒ අය සිඟමන් යදින මාර්ගයේම තියෙන තරු 5 හෝටල්වල ආහාර කිලෝ ගණන් අහක දමනවා….
අපේ ගොඩක් අය සෑහෙන්න වියදම් කරල උපන්දින සාද, අවුරුදු සාද ගන්නවා…. මං කියන්නේ නෑ ඒක වැරදියි කියලා… ඒක ඒ අයගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය…. ඒත් ඇත්තම කිව්වොත් මේ වගේ අහිංසක දරුවන්ගේ කුසගින්න එක දවසකට හරි ඔබට නිවන්න ලැබුනොත් ඒක තමන්ගේ ජීවිත කාලය පුරාවට කරගන්න ලොකු පිනක්…. සාද පවත්වනවට වඩා සැනසීමක් ඔබට දැනේවී…. රජ බොජුන් අවශ්‍ය නෑ ඒකට…..
ගිනි අව්වෙ ඇවිදලා ඒ ළමයින්ගේ මුහුණ පිච්චිලා…. පුංචි ළමයි මල් වගේ කිව්වට මේ ළමයින්ගේ මුහුණු ඒතරම් පියකරු නැහැ…. ඒත් අහිංසක හිනාවකින් පිරිලා…. කොණ්ඩේ බොකුටු ගැහිලා…. ඉපදුණු දා ඉඳන් ඒ කොණ්ඩේ පීරලා නැතුව ඇති….
ඇඟ පුරාම තුවාල, කැළල්…. පොඩි ළමයි ළඟ එන සුවඳ විලවුන් සුවඳ වෙනුවට මේ ළමයින්ගේ ළඟින් එන්නේ දාඩිය පෙරුණු නාවර ගඳ…. ඒත් ඒ මුහුණේ තිබ්බේ අහිංසක දරුවෙකුගේ හිනාවක්…. ඇත්තටම මේත් ළමයි නේද????
ගෙවල්වල ඉන්න ළමයි සැපට උණුසුම් පොරෝණ පොරවගෙන නිදියද්දී මේ ළමයි නිදියන්නේ කඩපිලක නැතිනම් මහ පාර අයිනේ සීතලට ගුලිවෙලා…. වැස්සක් වැස්ස දවසට ඒ නින්දත් නෑ…. අපිට නිදාගන්න බැරිවුණාම කොච්චර අමාරුද????ඒත් ඒ දෙයින් ඒ අයට මිදෙන්න බැහැ…. මොකද ඒ අයගේ හෙවණ අහසම නිසා….කොච්චර අමාරුවුනත් ඊළඟ දවසේ මේ ළමයි සිඟමන් ගියේ නැත්නම් ඒ ළමයි බඩගින්නේ… ඒක තමා ඒ ජීවිතවල යථාර්තය….
පුංචි ළමයි ආස සෙල්ලම් බඩුවලට…. උන්ට සෙල්ලම් බඩුවලින් තොර ලෝකයක් නැහැ…. ඒත් මේ ළමයි තමන්ගේ ඒ ආශාවල් සන්සිඳුවගන්නේ බෙලෙක් පියන් වලින් නැතිනම් පොල්පිතිවලින්…. එහෙමත් නැතිනම් කුණුගොඩකින් අහුලගත්තු අණ්ඩ කැඩිච්චි බෝනික්කෙක්ගෙන්, කැඩිච්චි car එකකින්….
සෙල්ලම් බඩු කඩ ළඟින් යද්දී ඒ පුංචි හිත්වලට කොච්චර රිදෙනවා ඇත්ද????… ඒ ඇස්වලට කඳුලු පිරෙනවා ඇත්ද???? උන් කොච්චර දුකක් හිත ඇතුලේ හංගගෙන ඇත්ද???? ඒත් ඒ අයට මෙව්ව කියන්න කවුරුත් නැහැ…. කාට කියන්නද ඇත්තටම….
සමහරවිට මේ ළමයි මේ අවනඩුව කියනවා ඇති…. ඔව්, ඒ වෙන කාටත් නෙමෙයි රෑ අහසේ ඉන්න හඳටයි තරුවලටයි…. දවල්ට ඉර දිහා බලලා කතාකරන්න ඒ පුංචි ඇස්වලට බැහැ…. මොකද හිරුගේ රැස් චණ්ඩයි කුරිරුයි…. හරියට ඒ අයගේ දෛවය වගේ…. ඒත් හඳටවත්, තරුවලටවත් උත්තර නැහැ මේවාට….
මොකද සොබාදහම තමන්ට පුලුවන් විදිහට හැමදෙයක්ම සමව බෙදලා දීලා තියෙනවා මිනිස්සුන්ට…. ඇත්තටම මේ තත්වවලට මිනිස්සු වැටුණේ තමන් විහින්ම…. ඒත් ඒකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ මේ අසරණ 6 ක් 4ක් නොතේරෙන කිරිසප්පයින්ට…. ඒක තමා තිත්තවුණත් ඇත්ත….
රාගයෙන් මත්වුණු පිරිමියෙකුගෙන් හා ගැහැනියෙකුයි අතර ඇතිවුනු කායික සම්බන්ධතාවයකින් පුංචි අහිංසක දරුවෙක් ලැබිලා…. ඒ කාරණය ඇතුලේ පවුල් සැලසුම්කරනයවත්, අනාගතය පිළිබඳ දැක්මක්වත් නෑ…. තියෙන්නේ රාගය පමණයි…. අවසානයේ ඒ ඉපදුණු ළමයා ලෝකෙටම බරක්…. ඒ ළමයත් ලොකු මනුස්සයෙක් වුණුදාට කරන්නෙත් ඔය ටිකමයි….
පුංචි කාලේ ළමයි ආසයි අහන්න හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා…. ඒත් මේ ළමයින්ට ඉස්කොලේ යන එක, තමන්ගෙම ගෙයක ඉන්න එක, දවස්සේ තුන්වේලම කාලා හොඳට ඇදලා පැළඳලා ඉන්න එකම සුරංගනා කතාවක්…. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා ඇහුව දවසට ඒ ළමයි අහාවී ඒ කියන්නේ දිව්‍යලෝකය ගැනද කියලා…. ඒක තමා යථාර්තය….
ලංකාව ඇතුලේ ළමයි ගැන කතාකරන්න බොහොම අය ඉන්නවා…. ඡන්දෙ කාලෙට ළමයෙක් වඩාගෙන photo එකක් දාන්න අපේක්ෂකයෝ හරි ආසයි…. මොකද ඕනිම කෙනෙකුගේ ඇහැ යනවා පොඩි දරුවෙකුට….. හැබැයි අමතක කරන්නෙපා ඔය අපේක්ෂකයෝ ළමයි වඩාගන්නකොට වඩාගන්නේ හොඳට powder ගාලා, ඕඩිකොලෝන් ගාලා පිරිසිදුවට අන්දපු ළමයි….
මං මේ කියන්නේ නෑ ඒ අයට මේ විදිහට අපිරිසිදු සොටු පෙරාගත්හු ළමයි වඩාගන්න කියලා නෙමෙයි…. මොකද මිනිස්සු විදිහට අපිට ඒවගෙ දෙයක් කරන්න ජුගුප්සාජනකයි…. ඒත් මං මේ කියන්නේ ඒ අයට මේ වගෙ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතකරන්න නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ කියලා…. තිබ්බා නම් මෙලහකටත් මේ වගේ වීදි දරුවන් ඉන්න විදිහක් නැහැ….. ඒ හින්දා මහ හයියෙන් බෙරිහන් දුන්නට වේදිකාවල දරුවෝ ගැන කැක්කුමකින් ඒවා නිකන්ම නිකන් පුස් වචන…. ඇත්තම කිව්වොත් ඒ අය ළමයින්වත් market කරලා තමන්ගේ මැතිවරණය වෙනුවෙන්…
ළමා අයිතිවාසිකම් ගැන බැරෑරුම්ව කතාකරන කාලයක් මේක…. මං හිතන්නේ මේ ළමයි ගැනත් අවධානය යොමුවෙනවනම් හොඳයි…. දෙමව්පියන්ගේ වැරදිවලට මේ ළමයි පලි නෑ…. ඒක මේ ළමයින්ට නෙමෙයි හැම ළමයටම පොදු කාරණයක්….. එහෙම නොකලොත් මේ ළමයි කවදහරි මේ සමාජයට ලොකු මිනිස්සු වුණු දවසක වෛරකරයි…. අපරාධ වැඩිවෙයි…. මානව සංහතිය වැනසෙයි….. මේක තමා යථාර්තය…..
මහලොකුවට අඬබෙර ගහගෙන ලෝක ළමාදින සැමරුවට ඉන් ඵලක් නෑ…. මේ වගේ දරුවෝ පාරවල්වල අතරමන්වෙලා ඉද්දී දඩාවතේ යන බල්ලන් රැල්ලක් වගේ කුණු කූඩවලින් අහුලගෙන කද්දී…. හිතට එකඟව ඒ දිනය සමරන්න පුලුවන්ද???? මෙ ප්‍රශ්නය එක දවසකට සීමා කරල වැඩක් නෑ… ඒ වගේම ළාමකව සාකච්ඡාකරල ඵලකුත් නෑ…. මේක ඇත්තටම ප්‍රබල ගැටලුවක්….
ළමයි කියන්නේ ළමයි…. ඒ අය ඉපදුනේ මොන ආගමක අම්මෙකුට තාත්තෙකුට දාවද කියන එක වැඩක නැහැ…. ඉපදුණේ කුරුදුවත්තෙඩ, ගෙදරද, රෝහලේද, පාරේද කියන එක වැඩක් නැහැ…..
මං දැකල තියෙනවා මිනිස්සු වපර ඇහින් බලනවා උප්පැන්න සහතිකේ තාත්තගේ නම ඉස්සරහ හිස්තැනක් තියෙන ළමයි දිහා…. ඒකට ඒ පොඩි එකා පලි නෑ…. ඒකට වගකියන්න ඕනෑ රාගයෙන් මත්වෙලා ඇඟ ඇතුලේ තියෙන තිරිසන් ලක්ෂණ පාලනයකරගන්න බැරිවුනු ඒ ගැහනියයි පිරිමියයි…. දරුවා සම්පුර්ණයෙන්ම ලෝකෙට ආගන්තුකයෙක්…. ඇත්තටම අහිංසකයෙක්….
තව දෙයක් තියෙනවා…. ඔය මුඩුක්කු පරිසරයක නාගරික පැලපතකින් එන ළමයා ඒ වත්තේ නම යටතේ වර්ගකරන්න… අපේ “ශිෂ්ට ” කියන මිනිස්සු පෙළඹිලා…. ඇත්තටම ඒක ඒ ළමයගෙ වැරැද්දක් නෙමෙයි….. අපි එහෙම ඒ ළමයා කොන්කරන්න කොන්කරන්න ඒ ළමයා තල්ලුවෙන්නේ සමාජයේ දුසිරිතට….. අමතක කරන්නෙපා….. ලෝකය ජයගත් බොහෝදෙනා ආවේ සිටුමැදුරුවලින් නෙමෙයි…. මේවගේ අන්ත දුප්පත් පැලපත්වලින්…. ඒ නිසා ඒ ජීවිත අවතක්සේරු කරන්නෙපා…. ඔවුන්ට දිරි දෙන්න නැගිටින්න….
154ක් ආවා… මා යායුතුයි…. අතේ තිබ්බා රු.10ක්… මං ඒක ඒ ළමයගෙ අතට දුන්නා…. අහිංසක හිනාවක් ඒ මුහුණේ ඇඳුණා…. ඒක ඒ ළමයට රටක් රාජ්‍යයක් ලැබුන තරම් වටිනවා….
ඒත් මේ ළමයින්ගේ කුසගින්න හෙට දවසේ නිවෙයි කියලා කියන්න පුලුවන් කාටද?????
ඉතින් කොහමද….

" මේ මිත්‍රයා මාව හැරයන්නේ නැතිවේවී කවමදාවත්.... "
එදා campus එකේ වැඩිය වැඩක් තිබ්බ දවසක් නෙමෙයි…. ඉර මුදුන් වෙන්න කලින් lectures අවසන්වුණා…. ඉතින් අද කලින් ගෙදර යන්න පුලුවන්…. මට හිතුණා…. Notes වල photocopyයකුත් ගහගෙන මං ගෙදර යන්න ආවා ප්‍රධාන ගේට්ටුව දිහාවට…. ඒත් අද මාත් එක්ක යන ගමන් සගයා නැහැ…. මිනිහට මොකද්ද වැඩක් කියලා මිනිහා ගියා නුගේගොඩ….. මං යන්න ඕනෑ කොස්වත්තට…. ඒ හින්දා මං එදා ගියේ තනිවම….
Campus එක ළඟ පාර oneway එකක්….. පාරත් හොඳයි….. ඉතින් වාහන එන්නේ පිඹගෙන පාර පුරාම….. කහ ඉර තියෙන්නෙ ගෙට්ටුවේ ඉඳන් 50m ක් විතර දුරින්…. සාමාන්‍යයෙන් ඉතින් අපි ඔය කහ ඉරෙන්ම පාර පනින්නේ නැහැ…. Signal light එකේ රතු වැටුණු ගමන් ටක්ගාලා පාර පැනගන්නවා ගේට්ටුව ඉස්සරහින්ම….
ඉතින් මමත් ගමන slow කරල ආවා ගේට්ටුව පහුකරලා පාර අද්දරට…. මං කලින් කිව්වා වගේම පාර පුරා වාහන යනවා…. කරුමෙට හරි ඉතින් පාරට වැටුනොත් පාංශුකූලේ දීල තමයි නතරවෙන්නේ…. අපේ අයටත් oneway,highway පේන්න බැහැනේ….. පාගනවා ලෑල්ලටම…. හැබැයි ඒක වැරැදි නෑ…. මොකද මං හිතනවා පෞද්ගලිකවම ඒවගේ පාරවල්වල ටිකක් හයියෙන් යන එක වැරැද්දක් නැහැ කියලා….. ගොඩක් වෙලාවට යන්න පුලුවන් පාරවල්වල ඉබි ගමනින් යන වාහන හින්දා තමයි traffic එක වැඩිවෙන්නේ…. නමුත් ඉතින් රියැදුරන් වගකීමෙන් හා පරිස්සමෙන් වාහන එලවනවනම් ගොඩක් හොඳයි…. එහෙම එලවනවනම් මේ පාරවල්වල අනතුරු ගොඩක් වලක්වගන්න පුලුවන්…..
රතු එලිය වැටුනා…. මාත් ඉතින් පාර පැනගත්තා… හැබැයි ඒත් විමිසිලිවත්ව….. මොකද සමහර රියැදුරු මහත්වරුන්ට accelator එක තියෙන්නෙ කොහෙද කියල මතක තිබ්බට break එක කොහෙද කියල මතක නැහැ…. එහෙම බහුතරයක් තමන්ගේ වාහනේ නතරකරගන්නේ එක්කො තව වාහනයක හප්පගෙන නැත්නම් ගහක, තාප්පයක හප්පගෙන එහෙමත් නැතිනම් තව කාව හරි යටකරගෙන ගිහිල්ලා….!!!! ඉතින් මොකද අපි විහින් නැහෙන්නේ???? මාර්ග සංඥා තිබ්බට මොකෝ විමසිල්ලෙන් පාරේ යන එක කොයි එකටත් ගුණයි…..!!!!
” හ්ම්….. 138 නැඟලා glasshouse බහිනවද??? පයින්ම glasshouse යනවද???? නැත්නම් කොල්ලුපිටියටම walk එකක් දානවද???? ” මං මගේ හිතෙන් ප්‍රශ්නකලා…. අද හොඳට අව්ව තියෙනෙ එකේ, ඒවගෙම ගෙදර ගිහින් මහ වැඩක් ( practical report එකක් ලියන්න නැති නිසා )කරන්න නැති නිසාත්, ගමන් සගයා නැති නිසාත්, ඇඟට හොඳ ව්‍යායාමයකුත් ලැබෙන නිසා මං තීරණය කලා පයින්ම කොල්ලුපිටියට යන්න….. මොකද කොල්ලුපිටියෙන් 177 ට නැගගත්තොත් මට ගමනාන්තය වෙනකන් පහසුවෙන් ඉඳගෙන යන්න පුලුවන් දෙයියනෙගේ පිහිටෙන්….
ඔන්න මං පටන්ගත්තා මගේ සක්මන රහීමා එක පැත්තෙන් කොල්ලුපිටිය දිහාවට…. අද ගමන් සගයා නැති එකේ කවුරුත් නැහැ කදයක් දාන්නවත්…. කලින් වැඩ ඉවරවුණාට මොකද හෙන කම්මැලියි දවසම…. මං ඉතින් එනවා ගස්වල හෙවණ යටින්… හොඳ සුළං පොඳකුත් එනවා…. පරිසරය සෞම්‍යයි…. ඉරත් එච්චර සැරට නැහැ…. එකම අඩුපාඩුව කවුරුත් නැති එක දොඩව දොඩව යන්න…. ජීවිතෙත් ඉතින් හැමදේම එක පාර සම්පුර්ණ වෙන්නෙ නැති එකේ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි කියලා මට හිතුණා…එහෙම හිතෙනකොටම මට ඇහුණා කටහඬක් මගේ වම් අත පැත්තෙන්…..
” Hello මචං!!!!…. කොහමද???? ”
” අඩෝ!!! සෑහෙන කාලෙකින්…. හොඳයි මචං…. ඉතින් කොහමද උඹට???? ”
” උඹ සෑහෙන්න වෙනස්වෙලා…. සෑහෙන කලෙකින් කතා කලට මං නම් උඹව හැමදාම දකිනවා මචං ”
” මං විතරක්ද????උඹත් සෑහෙන්න වෙනස්වෙලා….. සිරාවට???? ඉතින් ඇයි බං උඹ මාත් එක්ක කතා නොකලේ… ඇවිල්ල කතාකරන්න එපැයේ මචං ”
” උඹත් එක්ක කතාකරන්න යන හැමවෙලවකම උඹට මොකක් හරි වැඩක් වැටෙනවා මචං…. ඉතින් උඹට disturb කරන්න හොඳ නැති නිසා මං එකෙ කතා නොකර ඉන්නවා” මගේ මිතුරා මට සිනාසී කිව්වා…
” අනේ බං, මේ දවස්වල පුදුම විදිහට busy මචං…. ”
” ආහ්!!!! අවුලක් නැහැ මචං, මං ඒක දන්නවා ” නැවතත් ඔහු සිනාසුනා….
කාලෙකට පස්සේ ළඟම මිතුරෙක් හම්බවෙලා කුළුපඟ කතාබහක යෙදෙන්න ලැබෙන එක ගැන මං උද්දාමයට පත්වෙලා උන්නේ…. දැන් නම් ඉතින් කිසිම තනියක් නැහැ… මොකද මේ මිත්‍රයා දැන් මගේ ගමනාන්තය දක්වාම එන බව මං දන්නවා….
අපි ඔය කතාබහ අස්සේ රහීමා එක ගාවට ලංවුනා….
” මචං මොකෝ කියන්නේ???? මොනවහරි කාලා plain tea එකක් ගහල යමුද???? ” මං ඇහුවා…..
” එළ… යමං….” මිතුරත් එක පයින්…
දෙන්නම ගියා රහීමා හෝටලයට…. Counter එක කිට්ටුවෙන්ම තියෙන මේසෙක ඉඳගත්තා දෙන්නම….. මෙච්චර වෙලා මගේ වම් පැත්තෙන් ආපු මිත්‍රයා මගේ දකුණු අත පැත්තේ ඉඳගත්තා…. මෙතැනට මුළු හෝටලයම පේනවා…. එදා වැඩිය සෙනඟක් උන්නේ නෑ…..
” මොනවද මචං කන්නේ?”මං ඇහුවා….
” උඹ කැමති දෙයක් ගෙනෙන් මචං” වේටර් අය්යා ආවා එතැනට ඒ වෙලාවේ…..
” මොනවද ඕනෑ????”
” Shorteatsයි,ප්ලෙන්ටියි ගෙන්න ” මං කිව්වා…..
” Shapeනෙ මචං” මං වේටර් අය්යා ගියාට පස්සේ මිත්‍රයා දිහාවට හැරිලා ඇහුවා….
” ඕනි දෙයක් බං ” ඔහු ම්ට කිව්වා….
ඇණවුම අරන් එනකන් මගේ ඇස් එහෙ මෙහෙ යන්න පටන්ගත්තා හෝටලය පුරාම….. මිනිස්සු එක එක දේවල් ඇණවුම් කරලා ආහාර ගනිමින් ඉන්නවා….. සමහරක් අය ආහාරයට ගන්නේ තමන් කැමති දේ වෙන්න පුලුවන්…. සමහරක් අය ආහාරයට ගන්නේ තමන් කැමති දේ නොවෙන්න පුලුවන්….ඔය හැමදේටම පොදු සාධකය වෙන මුකුත් නෙමෙයි ආහාරයේ මිල….
ඇත්තටම සමහර මිනිස්සු ආහාර ගන්නේ කුස පුරවගන්න මිසක් ඒක රස විඳින්න නෙමෙයි…… ඒක තමා ඇත්ත කාරණේ….අපි පොඩි කාලයේ ඉගෙනගත්ත සෞඛ්‍ය පතපොතේ තිබ්බේ ආහාර ගන්නකොට රස විඳින්න ඕනෑ කියලා….. නමුත් මේ marketing ලෝකේ ඒවට ඉඩක් නෑ….
ඒ න්‍යායාත්මක කාරණා මේ ලෝකය තුල practical නෑ…. වතුර වීදුරුවකින් හරි කුස පුරවගෙන මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙනවා ජීවිතේ වෙනුවෙන් සටන් කරන්න….
” ජීවිත සටන “…. චාල්ස් ඩාවීන් පරිණාමවාදය ඉදිරිපත්කරන්න ඉස්සෙල්ලා මේවා දැක්කද මන්දා???? මොකද ඒ තරම්ම ඒ න්‍යායාත්මක කාරණා අපෙ ජීවතත් එක්ක බැඳිලා තියෙන නිසා…
සමහරවිට මේ අයට මේ සටනකරන්න වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතෙ වෙනුවෙන් විතරක් නෙමෙයි…. සමහරවිට ඒ කීපදෙනෙක් වෙනුවෙන්…. ඒ හින්දා මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙනවා තමන්ගේ කැමැත්ත කැපකරන්න අන් අයගේ සතුට වෙනුවෙන්…. හොඳම උදාහරණය තමයි දෙමව්පියන්…. ඒ අය තමන්ගෙ ඕනෑ සතුටක් කැපකරන්න සුදානම් තමන්ගේ දරුවන් වෙනුවෙන්….
මං එතැන දැක්ක සිදුවීමක් මෙතැන සටහන්කරන්න කැමතියි….. එතැන හිටපු මහත්තයෙක් ප්ලේන්ටියකුයි, පරාටේ රොටියකුයි ඇණවුම් කලා…..වේටර් අය්යා ඇහුවා කරි ඕනෑද කියලා… “නැහැ මට ලුණු ටිකක් ගෙනැල්ල දෙන්න” කියලා ඒ මහත්මයා කීවා…. මාත් පුදුමෙන් බලාඋන්නා…. ඒ දිහා…. ඇත්තටම මට ඇතිවුණේ කුහුලක්…. සාමාන්‍යයෙන් මං අනික් අය කරන් දේවල් දිහා විපරමෙන් බලන් ඉන්නේ නැහැ…. ඒත් මේ පුද්ගලයා දිහා මං හොරෙන් බලා උන්නා…..
ප්ලේන්ටියයි, පරාටේ රොටියයි, ලුණු කුප්පියකුයි ඒ මහත්තයට ලැබුණා… ඉස්සෙල්ලම තේ උගුරක් බිවවා ඒ මහත්මයා…. ඊට පස්සෙ ලුණු කුප්පියෙන් ලුණු ඉහලා ඒ මහත්මයා පරාටේ එක කන්න ගත්තා!!!!!…. අපේ රටේ තරු පහේ හෝටල් වල දවසකට කොච්චර කෑම අපතේ දානවද…. ඒවගේම ඊට සාපෙක්ෂව කීදෙනෙක් මේ විදිහට තමන්ගේ වේල පිරිමහගන්නව ඇත්ද???
සමහරවිට මේ තාත්තෙක් වෙන්න පුලුවන්…. තමන්ගේ දරුවන්ගේ කුස පුරවන්න තියෙන වගකීමට ඒ මහත්තයට බඩ පිරෙන්න කැමතිදෙයක් කන්න බැරිව ඇති…. කරියක් ගත්තොත් එතැනට වියදමක් යනවා…. එතකොට දරුවන්ගේ අවශ්‍යතාවය සපුරන්න එයාට බැරිවෙනවා…ඒ හින්දා ඒ තාත්තා තමන්ගේ බඩගින්න දන්දෙනවා….. එහෙමත් නැත්නම් ඉවසනවා ඒ කැපකිරීමට….
සමහරවිට දරුවෝ දන්නෙත් නැතුව ඇති තාත්තා තම්න් වෙනුවෙන් කරන කැපකිරීම…. මොකද තාත්තා හවසට ගෙදර යන්නේ ඒ දරුවන් වෙනුවෙන් කන්නට යමක් අරගෙන…. දරුවන් ඒක භුක්ති විඳිනකොට ඒ තාත්තාගෙ මුහුණේ හසරැල්ලක් මතුවෙවී…. ඒ හසරැල්ලට පුලුවන් තමන් වින්ද දුක වසන්න…. ඇත්තටම බාහිරෙන් බලන කෙනෙක්ට ඒක පේන්නේ නෑ….. ඒක තමා ඇත්ත කාරණේ…
මටවත් නොදැනිම සුසුමක් පිටවුණා….
” මාත් දැක්කා මචං……” මගේ මිතුරා මට කිව්වා….
” ඔව් මචං…. සිරාවට මට දුකයි ඒ මනුස්සය ගැන… මගේ අතේ අද එච්චර ගාණක් නැහැ මචං… තිබ්බනම් කරියක් අරන් දෙනවා….”
” මචං උඹ මේ මනුස්සයට අද කරියක් අරන් දේවී…. ඒක හොඳයි….. ඇත්තටම හොඳයි…. ඒත් හෙට වෙන්නෙත් ඔය දේමයි….. මේ marketing ලෝකේ හැටි එහෙම තමයි මචං…. මේ වගේ කොච්චර අය මේ ලෝකේ ඇත්ද…..”
” ඒකනම් ඇත්ත මචං….” මම තවත් සුසුමකින් කිව්වා….
ඒත් එක්කම් අපේ ඇණවුම අපිට ලැබුණා….. හිතේ තිබ්බ කලබලයත්, මේ දැක්ක දෙයත් නිසා මට ඕනෑ වෙල තිබුණේ මෙතැනින් ඉක්මණට පිටවෙන්න…. ඒ හින්දා ඉක්මණින්ම කර්තව්‍ය අවසන්කලා… තරමක බිලකුත් වැටුණා…. Bill එකත් ගෙවලා වේටර් අය්යට tip එකකුත් තියලා අපි දෙන්න ඉකමණින්නම් එතැනින් පිටවුණා…
දැන් අපි දෙන්න ආයෙත් පාරේ… මගේ මිත්‍රයා මගේ වම් පැත්තෙන් ආයෙත් ගමන්කරනවා….
” ජීවිතේ මාරයි නේද මචං ” මගෙ මිත්‍රයා කතාව ආරම්භකලා…..
” ඒකනම් ඇත්ත මචං ”
” සමහරක්වෙලාවට අපි ඇස් දෙකෙන් දකින දේවල් ඇත්තටම ඇත්ත නෙමෙයි ”
” ඒ කිව්වේ???? ” මං පුදුමෙන් ඇහුවා….මොකද මට ඒ දේ හරියට වැටහුණේ නැහැ….
” මිනිස්සු එලිපිට හිනාවුනාට, සතුටුවුනාට සමහරවෙලාවට ඒ මිනිස්සුන්ගේ හිත අතුලේ තියෙන්නේ මහ දුකක්… ඇත්තම කිව්වොත් ඒ අය පිටින් හිනාවුනාට හිත ඇතුලෙන් සෑහෙන්න වැලපෙනවා ”
මං ආයේ කල්පනාවට වැටුනා මගේ මිත්‍රයා කී දෙය ගැන හිතන්න…. ඔව් ඇත්ත තමයි…. ඇත්තටම ඒකට ඕනෑ තරම් සාක්ෂි තියෙනවා සාමන්‍ය ලෝකයේ…
උදේට මිනිස්සු කොච්චර ප්‍රශ්න කන්දරාවක් තියන් රස්සවට යනව ඇත්ද???? ඒත් ඒවා රැකියාව කරන ස්ථානයට වලංගු නැහැ….. තමුන්ගේ හිත ඇතුලේ මොන විදියෙ ප්‍රශ්නයක් තිබ්බත් ඒක යටපත්කරගෙන මිනිස්සුන්ට වෙලා තියෙනවා හිනාවෙන්න….
මේ marketing ලෝකයේ හිනාව කියන්නේ හොඳ වෙළඳ භාණ්ඩයක්…. ඒත් කඳුලට market එකක් නැහැ…. ඒහින්දා අඬන්න ඕනෑ වුනත් ඒ මිනිස්සුන්ට සිද්ධවෙනවා ඒ කඳුලුවලට හිත අතුලේ වැලපෙන්න බලකරන්න….
ටෙලිනාට්‍යයකට, චිත්‍රපටියකට, වේදිකා නාට්‍යකට හෝ වීදි නාට්‍යයකට විතරක් හැඬුම සීමා කරන්න මිනිස් සමාජය ස්වයංවාරණයක් පනවගෙන….. ඒත් ඒ එතැනදී කඳුලට marketing value එකක් ලැබෙන නිසා…. සමහරක්විට මිනිස්සුන්ට කඳුලු හලන්න marketing ලෝකයේ අවසර නැති නිසා වෙන්න ඇති තමන්ගේ කඳුලු කියලා මේ රැඟුම්වල කඳුලු දිහා බලන් සැනසී ඉන්නේ…. හැබැයි යථාර්ථය තමයි ඒක යට තියෙන්නේ වෙළදාමක්….
බොහෝ ධන කුවේරයන් තමන්ගේ ජීවිතේ කොච්චර සල්ලි හම්බකලත් ජීවිතෙන් තෘප්තිමත් නෑ….. ඇත්තම කිව්වොත් ඒ අය තරම් හිත ඇතුලෙන් වැලපෙන මිනිස්සු ලෝකේ කොහෙවත් නැතිව ඇති…. ඒ අයට කඳුලු හෙලන්න බැහැ…. මොකද ඒ අවංකව හෙලන කඳුල වෙනත් කෙනෙක් තමන්ගේ මල්ල තරකරගන්න භාවිතාකරාවී…. එච්චරට මේ marketing ලෝකය කෲරයි…මේක ධන කුවේරයන්ට විතරක් නෙමෙයි සාමන්‍ය මිනිස්සුන්ටත් පොදුවූ කාරණයක්…. කෙනෙක් කඳුලු හෙලනකොට සමහරු මතු පිටින් දුක් වෙනවා පෙන්නුවට හිත ඇතුලෙන් හිනාවෙනවා සමච්චලයට…. කීයෙන් කීදෙනාද අවංකවම දුක්වෙන්නේ????…. ඒක තමා ඇත්ත….
අපි දැන් යන්නේ කොළඹ කාන්තා විදුහල අද්දරින්…. මට යමක් එකවිටම මතක්වුණා….
” මචං මතකද මධූව? ” මම ඇහුවා….
එකපාරටම මගේ මිතුරාගෙ ඉරියව් මුහුණේ වෙනස්වුනා…. ඇත්තටම මං පසුතැවුණා ඒ දේ අහපු එක ගැන…. එහින්දම මම කිව්වා…
” අඩෝ මචං…. මට නිකමට ඇහුනේ මධූ ගැන…. ”
ටිකවෙලාවකට පස්සෙ සුසුමක් හෙලපු මගෙ මිත්‍රයා හිනාවකින් මුහුණ සරසගත්තා…
” නැහැ මචං…. අවුලක් නැහැ…. ඇත්තටම මගේ ජීවිතෙ තිබ්බ සුන්දරම කාලයක් තමා මචං ඒක…. මං දැන් ඒ දේවල් හිතෙන් මකලදාලා තියෙන්නෙ සදහටම… ඉදල හිටල මධූ හම්බවෙනවා මට… ඒත් මං හිනාවෙලා යනවා මචං….”
” උඹට් පොඩ්ඩක්වත් දුක නැද්ද මධූ උඹෙන් වෙන්වුණ එක ගැන මචං??? අඩුම ගාණේ උඹව රවට්ටපු එක ගැන වෛරයක්වත් නැත්ද??? ” මං ඇහුවා….
මගේ මිතුරා නැවත සිනාසුනා….
” මචං, පෘථග්ජන මනුස්සයෙක් විදිහට මට දුකක් නැහැ කියන එක බොරුවක්…. නමුත් ඇත්තටම මට එක අතකින් සන්තෝසයි… මොකද එයා මට බොරුකලාට මං එයාට බොරු කලේ නැහැ…..මං අවංකවම එයාට ආදරයකලා… මගේ ආදරයට අවංකවුණා…. ඒ හින්දා ඒක මට සතුටක් මැරෙනතුරාවට…. ”
” අඩුම ගානේ වෛරයක්වත් නැත්ද මචං??? ” මං ඇහුවා ආයෙමත්…
“නැහැ මචං ඇත්තටම මට වෛරයක් නැහැ මධූ ගැන බං…. එක දවසක හරි ආදරේ කල කෙනාට වෛරකරන්න මට බැහැ මචං…. මං හැමදාම හිතුවේ එයාගේ සතුට ගැන…. එයා අද සතුටින්නම් මට ඒ ඇති මචං….. ඇත්තටම මධූ ඔය දේ කලින් කිව්වනම් මට එයාගෙන් ඈත්වෙන්න තිබ්බ ආදරේ නොකරම.. ඒ ගැනනම් මට පොඩි කණගාටුවක් තියෙනවා…. ”
” ඉතින් උඹට තිබ්බනේ මධූව නවත්තගන්න???”
” මොකටද මචං මං එහෙම කරන්නේ…. එයාට යන්න ඕනෑ හින්දා එයා ගියේ…. එහෙම කෙනෙක් නවත්තගන්න එක එයාට කරන වැරැද්දක් විතරක් නෙමෙයි මචං මං මටත් කරගන්න වැරැද්දක්…. එහෙම නවත්තගත්තත් ඒක වැඩි කාලයක තියෙන්නේ නැහැ…. එහෙම තිබ්බත් අපි කරන්නෙ එකිනෙකාට වංචාවක් මචං…. මට එහෙම ආදරේකින් වැඩක් නැහැ….. ඊට වඩා හොඳයි අපි මෙහෙම දුරස් වෙලා ඉන්න එක ”
මං ආයෙ කල්පනාවට වැටුනා…. ඇත්ත… තමන්ට අවංකවම ආදරේ නොකරන කෙනෙක් එක්ක ජීවත්වෙන එක ඇත්තටම අමාරු වැඩක්…. ගොඩක් අය මායාවක ගැලිලා අන්තිමට දුක් මතක සටහන් රැසක් තුරුළුකරගෙන ජීවිතෙ පුරාවට වන්දිගෙවනවා…. සමහරවිට ජීවිතෙන් වන්දි ගෙවනවා…. ඊට වඩා හොඳ අවබෝධයෙන් යුතුව වෙන්වෙන එක…..
” ඔව් උඹ හරි මචං” මගේ මිතුරාට මං කිව්වා….ඔහු නැවතත් සිනාසුණා…..
” උඹ කොහමද මචං ඇත්තටම ඔහම දෙයක් වෙලා තියෙද්දී හිනාවෙන්නේ???? උඹ කවදාවත් ඔය හිනාව නැතිකරගත්තෙ නැහැනේ ඔහම දෙයක් වෙලත්???? ” මං ආයේ ඇහුවා…. ඔහු නැවතත් සිනාසුණා….
” මචං මිනිහෙකුට පුලුවන් වෙන්න ඕනෑ ඕනෑම දෙයක් දරාගන්න…. නැත්නම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ…. ඇත්ත….යමක් සිදුවුනාම ඒක ඒවෙලාවෙම දරාගන්න අමාරුයි…. නමුත් හැමදාම ඒ මත්තෙම අඬ අඬ ඉන්න ඕනෑ නෑ…. ඒ දේ ජීවිතේට එකතුකරගෙන ඉස්සරහට යන එක තමා අපි කරන්න ඕනෑ…. ”
“හරි බං මට තේරෙනවා… ඒත් කොහමද ඔහම හිනාවෙන්නේ??? ” මං ආයෙත් ඇහුවා….
මගේ මිත්‍රයා බොහොම සන්සුන්ව කතාකලා…
” මචං මිනිහෙකුට කඳුලු මතින් හිනාවෙල ජීවිතේ ජයගන්න පුලුවන්නම් ඒක තමා මචං මනුස්සයෙකුගේ තියෙන වටිනාකම… එහෙම ජය අරන් පරාජිත අතීතයට හිනාවෙන්න පුලුවන් නම් ඒ තරම් ජයග්‍රහණයක් ජීවිතේ නැහැ තවත්….මං ගෙවුණු අතීතයෙන් පාඩම් ඉගෙනගත්තා… අතීතයෙන් කියන්නේ පොඩිකාලේ ඉඳන්ම….. ඒ දේවල් මං ගැම්මක් කරගත්තා…. මං මාව මටම අභියෝගයක් කරගත්තා… අද මං මගේ අතීතයට හිනාවෙනවා මචං… මොකද අද මං යම් තැනකට ඇවිල්ලා ඉන්නවා මචං… මං දන්නවා මගේ ගමන තව දුරයි කියලා…. මං ඒ ගමන යනවා මචං මට පුලුවන් විදිහට…. ”
මං ආයේ කල්පනාවට වැටුණා…. ඇත්ත… මෙහෙම කෙනෙකුට හිතන්න පුලුවන්නම් කොච්චර හොඳද???? එතෙකොට තමන්ගේ ගමන යන්න පුලුවන් ඉදිරියටම.. මට හිතුණා…
ලෝකේ ඉන්න බහුතරයක් දෙනා තමන්ගේ ජීවිතේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් කරගන්නවා…. ඉතින් ඒ අය හිතන්නේ ජීවිතේ තියෙන ප්‍රශ්නවලට එක විසඳුමයි තියෙන්නේ කියලා… ඒ මත්තෙම නැහෙන්න යනවා…. බැරිවෙලාවත් වැරදි පිලිතුරක් යටින් ඉරක් ගැහුණොත් ජීවිතකාලය පුරාවටම විඳවනවා…. සමහරක්විට ජීවිතෙනුත් වන්දි ගෙවනවා….
ඇත්තටම ජීවිතේ එහෙම නැහැ… ඒකේ එක ප්‍රශ්නයකට තියෙන්නේ එක විසඳුමක් නෙමෙයි…. මං හිතන්නේ ජීවිතේ රචනා ප්‍රශ්න පත්‍රයක් කරගත්තොත් හොඳයි කියලා…. මොකද එක point එකක් වැරදුණත් අනික් points වලට ලකුණු ලැබෙන නිසා…. අපි හැමෝටම ජීවිතෙ වතාවක් දෙවතාවක් වරදින්න පුලුවන්…. නමුත් එහෙම වැරැදුණා කියලා ඒ මත්හේම නැහිලා ඉන්න ඕනෑ නෑ….. එතැනින් පාඩමක් ඉගෙනගෙන ඉදිරි ජීවිතේ සාර්ථක කරගැනීමයි වැදගත්….
ඒවගේම යම් කාරණයක් සම්බන්ධයෙන් එකපාරක් උත්සහ කරලා වැරදුනාට පස්සේ…. ඒ කාරණය නැවත උරගා බලන්න බියවෙන්න ඕනෑ නෑ…. පැකිලෙන්න ඕනෑ නෑ….. මොකද එහෙම බියවීමෙන් තමන් තමන්ට කරගන්නේ වැරැද්දක්…. මෙතැනදී තමන්ට ඉස්සෙල්ලා වැරදුනේ කොතැනද ඒ දේ නැවත නොවෙන්නට වග බලා ගැනීම තමා වැදගත්…. ඒ වැරැද්ද තමන් යලි යලිත් කරනවනම් ඒකෙන් අදහස් වෙන්නේ තමුන් කිසිම පාඩමක් කලින් සිදුවීමෙන් ඉගෙනගෙන නැති විත්තියයි….
මේ දේවල් කල්පනා කර කර ආපු මමයි, මගේ මිත්‍රයයි Liberty Plaza එක ගාවෙන් පාර පැනලා 177 bus halt එකට ආවා….. 177 බස් එකක් නවත්තල තිබ්බා halt එකේ….
” මචං මං මේකෙන් ගෙදර යනවා…. උඹ මොකද කරන්නේ???…. ”
” එහෙම යන්න දෙන්න පුළුවන්ද???? හිටපන් මාත් එනවා උඹත් එක්ක සදහටම”
මගේ ම්ත්‍රයා මට කිව්වා…..”
ඔව්!!! ඇත්ත!!! මගේ ජීවිතේ මට ගොඩක් අය හම්බවේවී…. ගොඩක් අය මගෙන් දුරස්වේවී…. සමහරු සදහටම වෙන්වේවී…. සමහරු කවමදාවත් හමුනොවේවී…
නමුත් මේ මිත්‍රයා මාව හැරයන්නේ නැතිවේවී කවමදාවත්…. මා මියැදුණ දිනෙක මාත් එක්කම ඔහුත් සැතපේවී සදහටම…..
මොකද ඒ මිත්‍රයා වෙන කවුරුත් නෙමෙයි….
ඒ මගේම හෙවනැල්ල නිසා….