ඉස්සර දවසක…. ඈතම දවසක….

ජනවාරි 24, 2013 at පෙ.ව. 8:41 (නිර්මාණාත්මක දෑස...) (, , , , , , , , , )

ඉස්සර දවසක….
ඈතම දවසක….
පුංචි සංදියේ…. සෙල්ලම් ගෙදරදි….
පතිනිය වූ ඔබ…. මනමාලියවී….
දීගෙක යයි අද…. පුංචි නංගියේ….
දීගෙක යයි අද…. පුංචි නංගියේ….

අතින් අල්ලා…. අකුරට ගිය මඟ….
වෙරළු ඇහින්දා…. එදවස තරඟෙට….
අඳුරට බියවී….
කඳුළු පුරෝගෙන….
හිස මා උරසේ…. සැඟවූ නැගණිය….
මනමාලියවී…. හෙළයේ සිරිතට….
සතුටු කඳුලු මම….. සගවනු කෙලෙසද….

හිරිමල් වයසේ…. හැඩකාරියවී….
සුවඳ දුන්දා…. අපගේ නිවසේ….
නෙතු දෙක සේ මා….
බලාගත්තෙමි….
දූසමාන වූ…. මේ සමාජෙන්….
සිරි සුභ නැකතින්…. කුල කුමරෙකු හා….
යන සුභ ගමනට…. පැතුම් පතමි මම…..

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න