“රෝම්යෝ” පැරද වූ Chris Medina…

ඔක්තෝබර් 2, 2011 at ප.ව. 3:55 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , )

"ආදරය කියන්නේ පරිත්‍යාගය,කැපකිරීම,මනුෂ්‍යත්වය,සෙනෙහස මුසුවුනු අරුම පුදුම දෙයක්"

ආදරය… Love… භාෂා දෙකින්ම ගත්තත් අකුරු 4 කින් හැදුණු වචනයක්… බැලූ බැල්මට මේක සාමාන්‍ය වචනයක්… නමුත් මේකේ අරුත බොහොම බලවත්… ඒ තේරුමට පුළුවන් කෙනෙකුගේ ජීවිතය දිව්‍යලෝකයක් කරන්නත් නැතිනම් අපායක් කරන්නත් පුළුවන්…

ආදරය ගැන කතාකරන්න ගත්තාම… ඉස්සෙල්ලාම සිහියට නැඟෙන්න රොමියෝ ජුලියට් ආදර අන්දරය… තම පෙම්වතිය මියගිහින් සිතා රොමියෝ වසපානය කර මියගියාට පස්සෙ “රහස්’ ඖෂධයකින් සිහි නැති කරගෙන උන් ජුලියට් කුමරිය රොමියොගේ කිණිස්සෙන් ළය පසාරුකරගෙන රොමියෝ ළඟම මියැදෙන කතා පුවත ඇත්තටම ශෝචනියයි…

නමුත් අද මා මේ කියන්න යන්නේ ආදරයේ අරුත හිතට කාවද්දන නූතන යුගයේ ආදරණීය ප්‍රේම වෘතාන්තයක් ගැන… මං ඔබලාට කියන්නේ ඒක තවත් කතාවක් නොකර ජීවිතයට එක්කරගන්නයි කියලා….

මේ කතාවේ කතා නායකයා Chris Medina…. කතා නායිකාව Juliana Ramos…. මං මේ දෙන්නා රොමියෝ ජුලියට්ටවත්, සාලිය අසෝකමාලාටවත් සම කරන්නේ නෑ…. එහෙම කලොත් ඒක ලොකු අසාධාරණයක් කියල මට හිතෙන්නේ…..

Chris තවමත් අවුරුදු 28 ක ඇමෙරිකාවේ චිකාගෝ නුවර වාසයකරන කඩවසම් තරුණයෙක්…. ඔහු සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්…. ඔහුගේ පෙම්වතිය තමා Juliana… ඇය ඉතා සුරූපී තරුණියක්

මේ දෙන්නා ඉතාමත්ම ආදරයෙන් බැඳුනු හොඳින් ගැළපුනු පෙම් යුවලක්… Chris, Juliana ට ආදරයට ඇරියුම් කල අයුරු දැක්වෙන Video එකක් Youtube තියෙනවා… ඔබටම තේරේවී එය නැරඹුවොත් මා කියන්නේ ඇත්තක් කියලා…. මෙ දෙන්නාගෙ ප්‍රේම කතාව අන් ප්‍රේම කතාවන් සේ බොළඳත්වයෙන්, සතුටින්, ආදරයෙන් ගලාගෙන ගියා…

අවුරුදු කීපයක සම්බන්ධතාවයෙන් පස්සේ  Chris සහ Juliana දෙමව්පියන්ගේ ආශිර්වාදය අනුව විවාහය ලියාපදිංචි කරනවා… එතැන් සිට අවුරුදු 2 කට පසු විවාහ උත්සවය ගැනීමට ඔවුන් තීරණය කරනවා…. කතාව ඇත්තටම ඇරඹෙන්නේ මෙතැන ඉඳලයි….

කිසියම් දෙයක් වෙන්න තියෙන්වනම් මොන ජගතෙකුටවත් ඒ දේ නවත්තන්න බැහැ…. Chrisටත්,Julianaටත් ඒ ලෝක ධර්මයෙන් මිදෙන්න බැරිවුනා… ඔවුන් විවාහය ලියාපදිංචිකල අවුරුද්දේම ඒ කියන්නේ 2009 දිම Juliana දරුණු රිය අනතුරකට මුහුණපානවා….

ඒ රිය අනතුර කොතරම් බරපතලද කිව්වොත් Chris හැර කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ඇය ජීවත්වෙයි කියලා….වෛද්‍යවරුන් පවා අවිනිශ්චිත නිගමනයක ඉඳලා තියෙන්නේ Juliana ගේ ජීවිතය ගැන…. නමුත් Chrisට Julianaගේ ජීවිතය ගැන විශ්වාසයක් තිබ්බා…. ඔහුගේ ඒ විශ්වාසය අවසානයේ ජයග්‍රහණය කලා….. Juliana අවදානමින් මිඳුණා…. නමුත් ඒ වෙනකොටත් ඇයගේ සාමාන්‍ය ජීවිතය ඇයට අහිමිවෙලා තිබුණා….

ඒ දරුණු රිය අනතුරෙන් Julianaගේ මොළයේ වම් ප්‍රදේශය දරුණු ලෙස හානිවී තිබුණා…. ඒ නිසා ඇයට වෙනදා මෙන් දුව පැන ඇවිදින්නට හැකියවක් නැතිවුනා…. ඇයට තමන්ගේ වැඩකටයුතු කරගන්න කාගේ හෝ සහයක් නැත්නම් වාරුවක් අවශ්‍ය වුණා…. ඒ වගේම Julianaගේ මුළු ශරිරයම නිරන්තරව වෙව්ලමින් ගැහෙමින් තිබුණා… ඇයගේ ස්නායුවලට දරුණු ලෙස හානි සිදුවී තිබිම ඒකට හේතුවයි…. කොටින්ම කිව්වොත් Juliana සදාකාලික ආබාධිතයෙකු වෙලා තිබුණා….

දැන් අපි හැරෙමු Chris දිහාවට…. කොච්චර ආදරෙන් බැඳී උන්නත් මේ වගේ සදාකාලිකව ආබාධිතවුණාම ඒ කෙනාව මඟහරින එක මේ මිනිස් සමාජයේ සුලභ සිදුවීමක්….නමුත් Chris එහෙම කලේ නෑ…. ඔහුම කියූ දෙයක් මෙතැන සිංහල පරිවර්තනයක් විදිහට මං සටහන් කරන්නම්….

” ඇයට මාව අවශ්‍යම වෙලාවේ මං ඇයව මඟහැරගියොත්…. අපේ ආදරේ තේරුම මොකද්ද???? අපි අවුරුදු ගණනක් කතාකල  වදන්වල  තේරුම කුමක්ද??? “

ඔව්, Julianaගේ ජීවිතය Chris භාරගත්තා…. ඔහු ආදරයට අලුත් අර්ථකථනයක් දුන්නා…. අද Julianaගේ ජීවිතේ හැම කටයුත්තක්ම ඉටු කරන්නේ Chris එයාගේම අත්වලින්…. Julianaගේ පෞද්ගලික කටයුතු පවා Chris කරල දෙන්නේ කිසිම පැකිලීමකින් හෝ හිරිකිතයකින් තොරවයි…..

Chris වෙනදටත් වඩා හොඳින් Julianaව බලාගන්නවා.… ඒකට Julianaගේ මවගෙන් Chrisට හොඳ සහයක් ලැබෙනවා….

මේ කතාව ඉස්සෙල්ලාම ලෝකය දැනගන්නේ සුප්‍රසිද්ධ Reality වැඩසටහනක් වන American Idol වැඩසටහනින්…. Chris ඒ වැඩසටහනට සහභාගී වෙනවා…. Juliana ඒ වැඩසටහනට Chris සමඟ එනවා…. එතැනදී විනිශ්චයට පැමිණි සිටින සුප්‍රසිද්ධ විනිශ්චකරුවන්ගේ ඉල්ලීම පිට Chris, Juliana කැඳවාගෙන එනවා ගීත ගායනා කරන ස්ථානයට…. ඒක බොහොම සංවේදී දර්ශනයක්…. විනිශ්චකරුවන්ගෙ නෙත් පවා කඳුලෙන් තෙත්කරන මොහොතක්….

Chris, ඒ වටයෙන් ඊළඟ වටයට තේරුණත් ඒ තරඟයේ වැඩි දුරක් යන්නේ නැහැ.…. ඔහුට තරඟයෙන් ඉවත්වීමට සිදුවෙනවා…. ඔහු තරඟයෙන් ඉවත්වූ පසු ඔහුගෙන් ඒ වැඩසටහනේ නිවේදකයෙකු අහනවා තරඟයෙන් ඉවත්වීම කණගාටුවක්ද කියලා….. Chris සිනාමුසු මුහුණින් පිලිතුරු දෙනවා…..

” කමක් නෑ…. මට දැන් Juliana ළඟ වැඩි කාලයක් ඉන්න පුළුවන්…. “

තරඟයෙන් ඉවත්වූ පසුදාම Chrisට ලැබෙනවා ගීයක් පටිගත කරන්න…. ඒ ගීයෙ නම ” What Are Words “ …. මං හිතන්නේ ගායකයෙකුට තමා ගැනම ලියවෙච්චි සත්‍ය ගීයක් මුල්ම ගීය ලෙස ගායනා කරන්න ලැබීම හරිම දුර්ලභ සිදුවීමක්…. ඒ අතින් Chris වාසනාවන්තයෙක්…. ඒ ගීය තනිකරම විස්තර කලේ Chrisගේ අවංක වූ, පිවිතුරු වූ ආදරය ගැනයි…. ඒ ගීය යුරෝපයේ ගීත දර්ශකවල  ඉහල තැනක් ලබා ගත්තා…..

නමුත් මට හිතෙන්නේ නම් අපිට ආදරය කියන්නේ මොකද්ද කියලා හිතන්න අලුත් පැතිකඩක් Chris විවෘත කලා කියලයි…මට ඇත්තටම හිතෙනවා Chris රොමියෝටත් වඩා ශ්‍රේෂ්ඨ පෙම්වතෙක් කියලා…. මොකද තමන්ගේ මුලු ජීවිතයම තමන්ගෙ පෙම්වතියට කැපකරල  තියෙන නිසා…. ඔහු ඇයගෙන් වෙනදෙයක් බලාපොරොත්තුවෙන්නේ නෑ….. ඔහුට අවශ්‍ය ඇයගේ ආදරය පමණයි….

ගොඩක් වෙලාවට අපි ආදරය කරන්නේ රූපෙට…. නැත්නම් වෙනත් භෞතික දෙයකට…. අපි පුද්ගලයෙකුට ආදරය කරනවා බොහොම විරලයි…. විය යුත්තෙත් එයමයි…..

ආදරය කියන දෙය දැනෙන්න ඕනෑ හදපතුලෙන්මයි….. එහෙම වුනදාට කවදාවත්ම තමන්ට මිදෙන්න බැහැ තමන් ආදරය කල කෙනාගෙන් ජීවිතේට…. මොනදේ වුනත් ඔබ ඇය හෝ ඔහු ළඟ රැඳේවී….

සමහරු හිතන් ඉන්නේ ආදරය කියන්නේ ලිංගික ගනුදෙනුවක් කියලා…. නැහැ….. ආදරයට බලපාන එක් සාධකයක් විතරයි ලිංගිකත්වය.ආදරය ඊට වඩා බැරෑරුම් මාතෘකාවක්….

සමහරු ඉක්මන් වෙනවා එවන් ලිංගික ගනුදෙනුවලට ආදරය කරන කාලවලදී…. අන්තිමට පෙම්වතියගෙ කුසට දරුවෙක් දීලා තව කෙනෙක් යාලුකරගන්නවා….. අන්තිමට වෙන්නේ අහිංසක දරුවෙකුට අවජාතක ලේබල් එක වදින එකයි….. පෙම්වතියත් ඒ වගේ දෙයකට පෙළඹෙන්න කලින් හිතන්න ඕනි එකෙන් තමන්ට වන හානිය ගැන…..

පරිණාමයෙන් මිනිසා ඇතිවුනු හින්දා මිනිස්සුන්ට යම් යම් තිරිසන් ලක්ෂණ කාන්දුවෙලා තියෙන්න පුළුවන්…. ඒ වුනත් මිහිපිට ජීවත්වන බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය විදිහට අපිට පුළුවන් වෙන්න ඕනි අපේ හැඟීම් දමනය කරගන්න…. ආගම දහම ඒකට යොදගන්න පුළුවන්.… එහෙම හිතෙනදාට දැනට අපිට ඇහෙන්න දකින්න වෙන ඛේදාන්ත නතරවේවී….

Chrisගේ හා Julianaගේ මේ කතා වෘතාන්තයෙන් තේරෙන්නේ එක දෙයයි…. ඒ තමා ආදරය කියන්නේ පරිත්‍යාගය, කැපකිරීම,මනුෂ්‍යත්වය, සෙනෙහස මුසුවුනු අරුම පුදුම දෙයක් කියලයි…. මේ දෙදෙනා තමන්ගෙ ආදරයට නියම වටිනාකම්ක් දුන්නා….. මේ වගේ පෙම්වතුන් ලෝකේ තවත් ඇති…. ඒත් වඩා වැදගත්වෙන්නේ ඒ දේවල් අපේ ජීවිතයට ළංකරගැනීමයි....

මං ඔබට ආරාධනා කරනවා.… තමන්ගේ ආදරයට වටිනා අර්ථකථනයක් දෙන්න කියලා…. ඔබත් ආදරයට ආදරය කරන්න….

අවසානයේ අපි එක්ව පතමු Chrisගේ හා Julianaගේ යුග දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙවා කියලා….. මං දන්නවා ඔබත් ඒ ප්‍රාර්ථනයට එක්වෙන බව….

තිරසබැඳිය ප්‍රතිචාර 2