සමිඳුනි ‍යළි එනු මැනවී… අප දුක් ගිනි නිවනු මැනේ…

නොවැම්බර් 4, 2011 at පෙ.ව. 6:17 (මා අතින් රචිත ගීත...) (, , , , , , , , , )

"අසරණ අපගේ දෑතම දිගුවේ ඔබ එන මඟ සමිඳේ.. අනුකම්පා කර ‍යලි අප අතරට එනු මැන මා සමිඳේ.."

මේ නත්තල්දා රෑ…. අහසේ දිලි……

තරු ඒ කාලෙත් උන්නා…..

ඒ තරු කැට එදවස……. මැවූ අසිරියම….

අද රෑ අහසේ මැව්වා…..

නමුත් වෙනස් වෙලා…. මේ ලොකේ මෙදා….

යුද ගින්නෙන් දැවිලා….. දැවී අලුවෙලා……

දුර්ජන ගුණ පැතිරීලා….. ලොව ඇත ඉන් වැනසීලා…..

සමිඳුනි ‍යළි එනු මැනවී….. අප දුක් ගිනි නිවනු මැනේ…

සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…

සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…

මනුසත් ගුණ ඉඩෝරයට හිඳි ගඟ සේ මේ ලෝකෙන් සිඳිලා…..

තණ්හා වෙරයේ ක්‍රෝධයේ ගිනිසිලු ලොව දලුලා වැඩිලා……

අඳුරෙන් අඳුරට දිනයෙන් දිනයෙම යන්නේ අප ඇදිලා…..

කවුරුවත්ම නැහැ සමිඳුනි ඔබ හැර අපහට සරණ පතා……

සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…

සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…

ජෙරුසලමේ සිට කල්වාරිය තෙක් ඔබ දෙසු දමින් මිදී…..

වන්දි ගෙවන්නේ ලෝ වාසීන් අද සෝ දුක් ගින්නේ තැවී……

අසරණ අපගේ දෑතම දිගුවේ ඔබ එන මඟ සමිඳේ……

අනුකම්පා කර ‍යලි අප අතරට එනු මැන මා සමිඳේ……

මනුසත් ගුණ පතුරන්න….. ගුණ දම් යළි නන්වන්න….. සාමයෙ සුව ගල්වන්න…… සමිඳුනි ‍යළි මෙහි එන්න……

සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…

සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

( මෙහි අඩංගු කරුණුවල යම් අඩුපාඩුවක් වේ නම් සමාව අයැද සිටිමි. උපතින් මා කිතුණු බැතිමතෙක් නොවෙන නිසාත්, කිතු දහම පිළිබඳ දැනුම අඩු නිසාත් එවැනි වැරදි ඇතිවෙන බව දන්වා සිටිමි.)

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

අවිගත්තෝ…. අවියෙන්ම නැසෙති….

ඔක්තෝබර් 20, 2011 at ප.ව. 9:19 (ජීවිතය පුරාවට දැනෙවී...) (, , , , , , , , , )

" අවිගත්තෝ.... අවියෙන්ම නැසෙති.... "

ලොව බිහිවූ ඒකාධිපතීන් බලය තමන් අත තිබෙනවිට සිතන්නේ ඔවුන් තරම් ලොක්කන් මේ ලෝකයේ නැතිබවයි… ඔවුන් තමන්ට සිතුණු සිතුණු දේ කරයි… ජනතාව තලා පෙලා දමයි… මිනිස් ජීවිතවල වටිනාකම නොසලකාහරියි… අනික් මිනිසුන් දුක් විදිනවිට ඉහළ සැප සම්පත් ලබමින්, වස්තු ධනය උපයමින් වැජඹෙයි…

ඒත් ඒ හැමදේම නැතිවෙන්නට යන්නේ සුළු මොහොතයි… ඒ හැමදේම මරණයට යටයි… ඉන් ගැලවෙන්නට කාටත් බැරිය… නමුත් මනුෂ්‍යයෙකුසේ මෙලොව ඉපිද… මනුෂ්‍යයෙකුසේ මෙලොව හැර ‍යාම තරම් වාසනාවක් හා වටිනාකමක් මිනිස් ජීවිතයේ තවත් නැත… තමන් මිය ගියාට පසු මිනිස්සු අතර අමරණීයවන්නේ එවිටයි… එසේ නොවුණු තැන මිනිසුන් සැමදාම මිනිසුන් ඒ ජීවිතවලට මරණයෙන් පසුව වූවද ශාප කිරීම වැලැක්විය නොහැක…

අවුරුදු 42 ක් ඒකාධිපතිත්වයෙන් වැජඹීමට ගොස් අවසානයේ මනුෂ්‍යයත්වයට නිගා කිරිමේ පාපයට වන්දි ගෙවා වෙඩි උණ්ඩවලට බිලිව අමනුෂ්‍යයෙකු සේ මෙලොව හැරගිය ගඩාෆිගේ ජීවිතය ඊට ඇති කදිම උදාහරණයකි… නමුත් දැන්වත් මේ ආයුධ සංස්කෘතිය ලොවෙන් තුරන්විය යුතුය… ඒත් එය සිදුවේද???… තවත් මිනිස් ජීවිත කීයක් බල තණ්හාව නිසා අවිවලට බිලිවෙයිද????… පිළිතුරක් පෙනෙන තෙක් මානයක නැත…

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න