තිරිසෙනෙකි නුඹනම්…

මැයි 26, 2015 at ප.ව. 12:04 (නිර්මාණාත්මක දෑස...) (, , , , , , , )

දුහුල් සළු තිර… ළැමෙන් මුදවා…
නිරුවත් නාරිය… තලා රස විඳිනා…
කුමරි බඹසර…. ගොදුරුකරගත් මිනිසා….
නුඹෙන් අසන්නෙමි.. නුඹ උපන්නේ…
මව් කුසයේද කියා…
මව් කුසයේද කියා…

රාගයෙන් නුඹ වියරුව ඉද්දී…
ඇගේ කෙඳිරිලි… වේදනා හඬ ඇසුණානම්…
එයයි නුඹෙ මව… වින්ද වේදනා…
නුඹ උපන්දා…
තිඹිරිගෙයි සයනේ…

මලක් සේ ඇය තලා පොඩි කර…
තෘප්තිමත් කය… උදම්ව උන්නානම්…
කෙළ පිඬක් වන්… නුඹේ පිරිමිකම…
නුඹ නොදන්නෙද…
තිරිසෙනෙකි නුඹනම්…

පබැඳුම: ගිහාන් ජයවර්ධන

Rape3

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න