පියාණනි ඔබ… මිහිපිට ජීවය… මේ ලෝ දියතම… සරසන්නේ…

ඔක්තෝබර් 30, 2011 at ප.ව. 5:40 (නිර්මාණාත්මක දෑස...) (, , , , , , , , , )

" මව්වරු පමණද... මතු බුදු වන්නේ... පියවරු නැතිවදො... බුදු වන්නේ... "

අම්මා සඳනම්…. ඔබ ඒ සඳහට….
එළිය දුන් ඉරයි…. මා දනිමි….
ඔබගෙන් විහිදුණු…. රැස් කිරණෙන් මා….
ජීවන ගමනම…. එළිය වුනේ…

සඟවා සිටිමුත්…. මහමෙරු පර්වත….
මෙන් ඔබ දරු පෙම…. සිත් කුටියේ….
පියාණෙනි ඔබෙ…. දෙනෙත් වලින් බැහැ….
එය සඟවන්නට…. සිත් රිසි සේ….

මව්වරු පමණද…. මතු බුදු වන්නේ….
පියවරු නැතිවදො…. බුදු වන්නේ….
පියාණනි ඔබ…. මිහිපිට ජීවය….
මේ ලෝ දියතම…. සරසන්නේ….

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න