ආදරේට හුස්ම දුන්නේ ඔබ මගේ… ජීවිතේ මගේ රැඳෙන්නෙ ඔබේ අතේ…

දෙසැම්බර් 14, 2011 at ප.ව. 9:45 (නිර්මාණාත්මක දෑස...) (, , , , , , , , , )

ආදරේට හුස්ම දුන්නේ ඔබ මගේ... ජීවිතේ මගේ රැඳෙන්නෙ ඔබේ අතේ...

පාට පාට හීනයක්ය ජීවිතේ….
ජීවිතේ ගැයූ ඒ ගීය ආදරේ…
ආදරේට හුස්ම දුන්නේ ඔබ මගේ…
ජීවිතේ මගේ රැඳෙන්නෙ ඔබේ අතේ…

ආදරේ… පිපාසයෙන්…
පෙලෙනා මොහතකදී…
ජීවිතේ….ඔබ ඇවිදිල්ලා…
සිහිලැල් දිය බිඳ සේ…
ඒ… පිපාසයත් නිවී…
මාගේ ජීවිත‍යේ…
මා සිතේ….ඇඳුණා ඔබේ…
ආදරේ නොමැකෙන සේ…

ජීවිතේ… පුරා පතන්නේ…
ඔබමයි මා දිවියේ…
සිහිනයේ… පවා රැදෙන්නේ…
ඔබමයි නිදි යහනේ…
ඒ… මගේවු ආදරේ….
ඔබටයි හිමිවන්නේ…
සෑමදාම… මේ ලෙසින්…
රැඳෙමු සංසාරේ…

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඉරිතැලී ගිය… ජීවිතේ මගේ… නිමවු වැස්සයි… ඔබේ ආදරේ…

ඔක්තෝබර් 29, 2011 at පෙ.ව. 11:13 (නිර්මාණාත්මක දෑස...) (, , , , , , , , , )

" ඔබෙ සුවඳ ඇවිත්... රහසේ... හද දොර ලඟ... ඉඟි කෙරුවේ... "

මුලු ලොවම…. නිදිවු මොහොතේ….
මා ඇහි පිල්ලම් නැත….
නිදි පැතුවේ….
ඔබෙ සුවඳ ඇවිත්…. රහසේ….
හද දොර ලඟ….
ඉඟි කෙරුවේ….

මිහිඳුම් බිඳගෙන…. එන හිරු කැන් දහරා….
පුබුදු කරාවී….
කැකුලු මල් නිදනා….
මා හද ගැඹුරේවූ…. සෙනෙහස් රුහි දහරා….
ජීවත්කරවන….
රුධිරය ඔබම තමා….

ජීවිතය නම්….. හිමව් ගිරි අරණේ….
තනිකමම විඳි….
නියං රුදු සමයේ….
ඉරිතැලී ගිය…. ජීවිතේ මගේ….
නිමවු වැස්සයි….
ඔබේ ආදරේ….

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න

බලා හිඳිමි නඟේ… කියනතුරා… ආදරෙයි කියා… සිතැඟි පුරා…

සැප්තැම්බර් 29, 2011 at ප.ව. 6:23 (මා අතින් රචිත ගීත...) (, , , , , , )

" මා ගතත් සිතත්…. ඔබ සොරා ගිහින්… "

බලා හිඳිමි නඟේ…. කියනතුරා….

ආදරෙයි කියා…. සිතැඟි පුරා….

රුවන්…. තරුයි…. සඳුයි…. බලා හිඳී….

ඒ ආදරේ…. ඒ ආදරේ….

 

මා සිතන්නේ නෑ…. ඔබ මගේ කියා….

අකුල් හෙලන්නේ නෑ…. ජීවිතේ පුරා….

නමුත් කියන්නකෝ…. ඔබේ හද සෙනේ….

සැනසෙන්න ජීවිතේ…. පුරා මටත් ළඳේ…

 

මා ගතත් සිතත්…. ඔබ සොරා ගිහින්….

ඔබෙන් තොර ලොවක්…. සිතන්න බෑ කිසිත්….

බලාන ඉන්නේ මා…. මේ ජීවිතේ පුරා….

මගේ ලොවට සොරා…. ඔබ පියවර තබනතුරා…

 

ගායනය                  : චනිත් වීරපුර 

සංගීතය හා තනුව : අනුරාධ ගමගේ 

ගේය පද                 : ගිහාන් ජයවර්ධන

තිරසබැඳිය ප්‍රතිචාර 2