එරබදු පලස මතින්…. අවුරුද්දක් ගම වැඩියා…

අප්‍රේල් 15, 2012 at පෙ.ව. 9:08 (නිර්මාණාත්මක දෑස...) (, , , , , , , , , )

"සාමයේ පණිවිඩියයි ගෙන ආවේ... අවුරුදු කුමරුන් බක් සිරියේ..."

මීන රාශියේ සිට….

මේෂ රාශියට යන….

සූර්ය දෙවිදුන් හට….

සුබ නැකත උදාවීලා….

රබන් සුරල් වැයුණා…. කොහෝ හඬක් නැඟුණා….

එරබදු පලස මතින්…. අවුරුද්දක් ගම වැඩියා…

 

ලිප උඩ උතුරන….

තෙල්වල ඒ….

බැදෙනා කැවිලි….

පුසුඹ දැනේ….

මේවර ජන ගී…. හඬ පැතිරේ….

අවුරුදු සිරියෙන්…. රට පිනවෙයි….

 

වාද බේද තිබු…. දුරුවීලා….

එකම ජාතියක්… ලෙස බැදෙනා….

සාමයේ පණිවිඩියයි ගෙන ආවේ….

අවුරුදු කුමරුන් බක් සිරියේ….

 

ඉතින් එන්න යන්න….

සාමයේ හිරු දැකගන්න….

මෙතැන් පටන් සැමදා….

අපි ඉමු සැම එක්වීලා….

 

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න