මේ දියතේ ඇති… එකම නොහිඳෙනා… ආදර උල්පත ඒ ඔබමයි…

ඔක්තෝබර් 30, 2011 at ප.ව. 5:46 (නිර්මාණාත්මක දෑස...) (, , , , , , , , , )

"මේ දියතේ ඇති... එකම නොහිඳෙනා... ආදර උල්පත ඒ ඔබමයි..."

මේ දියතේ ඇති….
එකම නොහිඳෙනා….
ආදර උල්පත ඒ ඔබමයි….
මා දිවිගමනට….
එකම සඳයි ඔබ….
අම්මේ ඔබ මගෙ…. දිවිය පුරා….

මා හඬනාවිට…. බිළිඳුවියේ…
තුරුලට ගෙන සනසවමින්…..
ලේ කිරි කරලා…. පොවා හොවා මා….
ආදරයෙන් මා නැළවූවා….

ඔබ මතු බුදුවී…. සක්මන් කරනා….
මලුවේ මා වැලි අහුරක්වී….
ඔබේ දෙපා වැඳ…. පුදදෙන්නමි මා….
ඉන් පෙර භවවල පුතුන් ලෙසේ….

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

තිරසබැඳිය ප්‍රතිචාරයක් ලබාදෙන්න