බලා හිඳිමි නඟේ… කියනතුරා… ආදරෙයි කියා… සිතැඟි පුරා…

සැප්තැම්බර් 29, 2011 at ප.ව. 6:23 (මා අතින් රචිත ගීත...) (, , , , , , )

" මා ගතත් සිතත්…. ඔබ සොරා ගිහින්… "

බලා හිඳිමි නඟේ…. කියනතුරා….

ආදරෙයි කියා…. සිතැඟි පුරා….

රුවන්…. තරුයි…. සඳුයි…. බලා හිඳී….

ඒ ආදරේ…. ඒ ආදරේ….

 

මා සිතන්නේ නෑ…. ඔබ මගේ කියා….

අකුල් හෙලන්නේ නෑ…. ජීවිතේ පුරා….

නමුත් කියන්නකෝ…. ඔබේ හද සෙනේ….

සැනසෙන්න ජීවිතේ…. පුරා මටත් ළඳේ…

 

මා ගතත් සිතත්…. ඔබ සොරා ගිහින්….

ඔබෙන් තොර ලොවක්…. සිතන්න බෑ කිසිත්….

බලාන ඉන්නේ මා…. මේ ජීවිතේ පුරා….

මගේ ලොවට සොරා…. ඔබ පියවර තබනතුරා…

 

ගායනය                  : චනිත් වීරපුර 

සංගීතය හා තනුව : අනුරාධ ගමගේ 

ගේය පද                 : ගිහාන් ජයවර්ධන

තිරසබැඳිය ප්‍රතිචාර 2