“එරන්දියේ” නුඹ… හැර ජීවිතයක්… කිසිදින නොපතන්නම්….

" 'එරන්දියේ' නුඹ... හැර ජීවිතයක්... කිසිදින නොපතන්නම්..."
ඔබ තව තරුවක්… නොව ගණඳුර රෑ…
සඳකට තනි රකිනා…
ඉරබටු තරුවකි… මං සලකුණවී…
පැතුමට ඉඟි කරනා…
සුදු හංසිනියකි… ආදර විල මැද…
කෝඩුව සැරිසරනා…
වසන්තයේ පිපි… “එරන්දියයි” නුඹ…
හදකට පණ පොවනා…
අනාගතේ යුග… ගී නුඹගේ මා…
දෑසින් කියවන්නම්…
ආදර සිහිනය… හද තුල අතුරා…
නුඹ එහි සතපන්නම්…
ජීවිතයේ යලි… මිදී නොයන්නට…
හෙවනැල්ලක් වෙන්නම්…
“එරන්දියේ” නුඹ… හැර ජීවිතයක්…
කිසිදින නොපතන්නම්….
සිහින අසපුවෙන්… මිදී සැබෑලොව…
නෙතඟට හමුවෙන්න…
ඉස්පාසුව නැති… කාරණයක් ඇත…
සිත තුළ දඟකරන…
හුරතල් දෙබසින්… මනමත් කරවන…
රහසක් දැනගන්න….
ආදරයට පණ.. හුස්ම පොවන ඒ…
දිනය උදාවෙන්න…
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
නිදුකාණන් දෙසු… උතුම් දහම ඒ… නිමල බුදු දහමයි …

"නිවනේ මඟ රැඳි.. නිදුකාණන් දෙසු.. උතුම් දහම ඒ... නිමල බුදුදහමයි.."
පවනට සැලෙනා….
පහන්සිලක්වන්….
අනියත මනු දිවියේ….
කතරක හමුවූ….
දිය දෝතක්සේ….
එකම සරණ ඒ….
අමා බුදු දහමයි….
කඳමලු පුරවා….
යන දුක් ගැල්පෙල සේ….
ගෙවමින් යන මේ…. අස්ථිර ජීවිතයේ….
කෙලෙසුන් දුරුකර….
ඉමක් සොයා යන….
ලොවේ දහම ඒ…. නිමල බුදු දහමයි….
උදයම පිබිදී….
පරවෙන පුෂ්පිතසේ….
සැනසුම දුකමුසු….අනියත දිවි ගමනේ….
නිවනේ මඟ රැඳි….
නිදුකාණන් දෙසු….
උතුම් දහම ඒ…. නිමල බුදු දහමයි….
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
සමිඳුනි යළි එනු මැනවී… අප දුක් ගිනි නිවනු මැනේ…

"අසරණ අපගේ දෑතම දිගුවේ ඔබ එන මඟ සමිඳේ.. අනුකම්පා කර යලි අප අතරට එනු මැන මා සමිඳේ.."
මේ නත්තල්දා රෑ…. අහසේ දිලි……
තරු ඒ කාලෙත් උන්නා…..
ඒ තරු කැට එදවස……. මැවූ අසිරියම….
අද රෑ අහසේ මැව්වා…..
නමුත් වෙනස් වෙලා…. මේ ලොකේ මෙදා….
යුද ගින්නෙන් දැවිලා….. දැවී අලුවෙලා……
දුර්ජන ගුණ පැතිරීලා….. ලොව ඇත ඉන් වැනසීලා…..
සමිඳුනි යළි එනු මැනවී….. අප දුක් ගිනි නිවනු මැනේ…
සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…
සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…
මනුසත් ගුණ ඉඩෝරයට හිඳි ගඟ සේ මේ ලෝකෙන් සිඳිලා…..
තණ්හා වෙරයේ ක්‍රෝධයේ ගිනිසිලු ලොව දලුලා වැඩිලා……
අඳුරෙන් අඳුරට දිනයෙන් දිනයෙම යන්නේ අප ඇදිලා…..
කවුරුවත්ම නැහැ සමිඳුනි ඔබ හැර අපහට සරණ පතා……
සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…
සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…
ජෙරුසලමේ සිට කල්වාරිය තෙක් ඔබ දෙසු දමින් මිදී…..
වන්දි ගෙවන්නේ ලෝ වාසීන් අද සෝ දුක් ගින්නේ තැවී……
අසරණ අපගේ දෑතම දිගුවේ ඔබ එන මඟ සමිඳේ……
අනුකම්පා කර යලි අප අතරට එනු මැන මා සමිඳේ……
මනුසත් ගුණ පතුරන්න….. ගුණ දම් යළි නන්වන්න….. සාමයෙ සුව ගල්වන්න…… සමිඳුනි යළි මෙහි එන්න……
සමිඳේ…… කිතු සමිඳේ….. අප ආදරෙයි…
සමිඳේ….. දෙව් සමිඳේ…… යළි එනු මැනවී…
නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන
( මෙහි අඩංගු කරුණුවල යම් අඩුපාඩුවක් වේ නම් සමාව අයැද සිටිමි. උපතින් මා කිතුණු බැතිමතෙක් නොවෙන නිසාත්, කිතු දහම පිළිබඳ දැනුම අඩු නිසාත් එවැනි වැරදි ඇතිවෙන බව දන්වා සිටිමි.)
බලා හිඳිමි නඟේ… කියනතුරා… ආදරෙයි කියා… සිතැඟි පුරා…

" මා ගතත් සිතත්…. ඔබ සොරා ගිහින්… "
බලා හිඳිමි නඟේ…. කියනතුරා….
ආදරෙයි කියා…. සිතැඟි පුරා….
රුවන්…. තරුයි…. සඳුයි…. බලා හිඳී….
ඒ ආදරේ…. ඒ ආදරේ….
මා සිතන්නේ නෑ…. ඔබ මගේ කියා….
අකුල් හෙලන්නේ නෑ…. ජීවිතේ පුරා….
නමුත් කියන්නකෝ…. ඔබේ හද සෙනේ….
සැනසෙන්න ජීවිතේ…. පුරා මටත් ළඳේ…
මා ගතත් සිතත්…. ඔබ සොරා ගිහින්….
ඔබෙන් තොර ලොවක්…. සිතන්න බෑ කිසිත්….
බලාන ඉන්නේ මා…. මේ ජීවිතේ පුරා….
මගේ ලොවට සොරා…. ඔබ පියවර තබනතුරා…
ගායනය : චනිත් වීරපුර
සංගීතය හා තනුව : අනුරාධ ගමගේ
ගේය පද : ගිහාන් ජයවර්ධන