“එරන්දියේ” නුඹ… හැර ජීවිතයක්… කිසිදින නොපතන්නම්….

මාර්තු 11, 2012 at ප.ව. 1:30 (ජීවිතය පුරාවට දැනෙවී..., නිර්මාණාත්මක දෑස..., මා අතින් රචිත ගීත...) (, , , , , , , , , )

" 'එරන්දියේ' නුඹ... හැර ජීවිතයක්... කිසිදින නොපතන්නම්..."

ඔබ තව තරුවක්… නොව ගණඳුර රෑ…

සඳකට තනි රකිනා…

ඉරබටු තරුවකි… මං සලකුණවී…

පැතුමට ඉඟි කරනා…

සුදු හංසිනියකි… ආදර විල මැද…

කෝඩුව සැරිසරනා…

වසන්තයේ පිපි… “එරන්දියයි” නුඹ…

හදකට පණ පොවනා…

අනාගතේ යුග… ගී නුඹගේ මා…

දෑසින් කියවන්නම්…

ආදර සිහිනය… හද තුල අතුරා…

නුඹ එහි සතපන්නම්…

ජීවිතයේ යලි… මිදී නොයන්නට…

හෙවනැල්ලක් වෙන්නම්…

“එරන්දියේ” නුඹ… හැර ජීවිතයක්…

කිසිදින නොපතන්නම්….

සිහින අසපුවෙන්… මිදී සැබෑලොව…

නෙතඟට හමුවෙන්න…

ඉස්පාසුව නැති… කාරණයක් ඇත…

සිත තුළ දඟකරන…

හුරතල් දෙබසින්… මනමත් කරවන…

රහසක් දැනගන්න….

ආදරයට පණ.. හුස්ම පොවන ඒ…

දිනය උදාවෙන්න…

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: